• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අලවල අමුණේ සැඟවුණු රහස්

February 7, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
අලවල අමුණේ සැඟවුණු රහස්
Share on WhatsAppShare on Facebook

ක්‍රි.ව. 1220 – 1597 කාලයේ සිරි සඟබෝ රාජ වංශයට අයත් රජකු වූ සිවුවැනි බුවනෙකබාහු රජතුමා ක්‍රි.ව. 1341දී ගම්පොළ තම අග නගරය කරගනිමින් රාජ්‍ය පාලනය ගෙන ගියේය. පුරා දොළොස් වසරක් තම අණසක පතුරවමින් හෙළ බිමට මහඟු සේවයක් කළ ඔහු ගම්පොළ තම අග නගරය කරගැනීමට හේතු කිහිපයක්ම විය. ඒ නම්, පෙර උප නගරයක් සේ ගම්පොළ පැවැතීම, සුන්දර කඳු කිහිපයකින් වටවූ තැනිතලා බිමක පිහිටීම, ශ්‍රී පාදස්ථාන ප්‍රවේශයට ආසන්නයේ පිහිටීම හා කැලණි ගඟ ගලා බසින සුන්දර නිම්තෙරක පිහිටීමයි.

ගම්පොළ යුගය ලෙස හැඳින්වෙන මෙම වකවානුවේ සිවුවැනි බුවනෙකබාහු රජතුමා විසින් කරවන ලද හා තවමත් සාක්ෂි ඉතිරි කළ ව්‍යාපෘතියක් විය. ඒ නම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම හා මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, කොට්ඨාස මායිම් වෙන් කරන කොස්පොතු ඔය හරස් කර අමුණක් ඉදිකිරීමයි. එය වර්තමානයේ අඹකොටේගම අලවල අමුණ ලෙස හැඳින්වේ. එහි විශේෂත්වය වන්නේ පිහිටි ගල විද වළවල් හාරා දැවවලින්ම මෙම අමුණ ඉදිකිරීමයි. ඒ සඳහා හොඳම සාක්ෂිය වන්නේ මෙහි ඇති සෙල්ලිපිය ඇති ස්ථානයේ සිට මීටර් 300ක් පමණ ගිය තැන හමුවන වර්තමාන වේල්ලට පහළින් ඇති, පිහිටි ගලේ වම් පසට වන්නට අඩියක පමණ සිටින සේ සමචතුරශ්‍ර වළවල් හාරා තිබීමයි. මෙම වළවල් තුළ විශාල දැව කඳන් සිටුවා මෙම අමුණ ඉදිකළ බව ජනප්‍රවාදය වුවද, එවැනි අමුණක් පුරාණයේ තිබී ඇති බවට හා ස්වභාවික ගල හාරා කෙත් සඳහා ජලය සැපයූ ක්‍රමවේදයන් ද මෙහිදී දැකගත හැක. 19වන සියවසේ මුල් භාගයේ වික්ටෝරියානු යුගයේ යටත් විජිත ලංකාවේ වාරිමාර්ග ඉංජිනේරුවකු වූ හෙන්රි පාකර්ගේ සමයේ මෙම වේල්ල සම්පූර්ණයන්ම නැවත ඉදිකර ඇති බවට විශ්වාස කෙරෙන අතර, විශාල කළුගල් හා යකඩ භාවිතයෙන් අලවල අමුණ නැවත ඉදිකර තිබුණද වේල්ලට පහළින් වම් පැත්තට වන්නට ස්වභාවික ගල හාරා ඒ මගින් එහි ජලය කුඹුරු වෙත යැවීම සඳහා සොරොව්වක් තනා තිබේ. එම සොරොව්වේ පහළ පොළොව මට්ටම හා අමුණ ඉදිකර තිබූ ස්ථානය බවට විශ්වාස කළ හැකි පිහිටි ගල විද ඇති ස්ථාන ආසන්න වශයෙන් සමාන මට්ටමක් පැවතීමෙන් මෙම ස්ථානයේ අමුණ තිබූ බව හා මෙම අමුණ නැවත ඉදිකිරීම සඳහා ඉංග්‍රීසි ඉන්ජිනේරුවරයා රජුගේ වාරි තාක්ෂණයද මූලිකව උපයෝගි කරගෙන ඇති බවට තවත් පැහැදිලි වන කරුණකි.

සෙල්ලිපිය පිහිටි ස්ථානයේ ගලට පහළින් ගලා බසින කොස්පොතු ඔයේ ජල මට්ටම කිසි දිනක වෙනස් නොවන බවද ගම් වැසියන් සඳහන් කරයි. මෙම ප්‍රදේශවලින් හමුවූ සෙල්ලිපිවලට සාපේක්ෂව බලනවිට මෙම සෙල්ලිපියේ අක්‍ෂර යම් පමණට ප්‍රමාණයෙන් විශාලය. මධ්‍යකාලීන සිංහල අක්‍ෂර හා මධ්‍යකාලීන සිංහල බසින් මෙම සෙල්ලිපිය නිමවා ඇත. අඹකොටේගම අලවල සෙල්ලිපියේ තවදුරටත් සඳහන් වන්නේ සිවුවැනි බුවනෙකබාහු රජු විසින් රන් කහවණු තුන්කෝටි හැට ලක්ෂයක්දී ලංකාතිලක විහාරය නිමවූ බවටද, එම විහාරය නඩත්තු කිරීම සඳහා පරණ බදලගොඩ හා අලුත් බදලගොඩ, කිසිඹිලියාගොඩ, නාරම්ගොඩ යන ගම් හතර හා කුඹුරු පූජා කළ බවට එම ලිපියේ සඳහන් වන අතර කුඹුරුවලින් ලැබෙන අස්වැන්නෙන් කොටසක් බුද්ධ ශාසනයටද කොටසක් ලංකාතිලක විහාරයට අයත් දේවාල පහටද කොටසක් සේනාධිලංකාර ඇමැතියාගේ ඥාතීන්ටද බෙදා දීමට නියම කර ඇත. තවද මේ පූජාවට එරෙහිවන්නන් බලු කපුටු ආදී නරක ආත්ම ලබන බවත්, මෙම පුණ්‍ය කර්මය සඳහා උදව් කළ අයෙක් වේනම් ඔවුන් යහපත් ආත්ම ලබන බවත් අඹකොටේගම අලවල සෙල්ලිපියේ සඳහන්.

වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත යකඩ වැටක් ඉදිකර ඇතත්, එය එම සෙල්ලිපිය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවන බව එහි ගිය අපට හැඟී ගියේය. එම සෙල්ලිපියේ සඳහන් ගම්වලින් “බදලගොඩ” යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමානයේ බතලගොඩ වැව පිහිටි ප්‍රදේශයට හා නාරම්ගොඩ ලෙස සඳහන් වන්නේ බරන්දනට ආසන්නයේ ඇති නාරංගොඩ වැව පිහිටා ඇති ගම බව පැහැදිලිය. එහෙත් එම සෙල්ලිපියේ සඳහන් ඉතිහාසයේ තිබූ කිසිඹිලියගොඩ වර්තමානයේ අතුරුදන්වී ඇත.

මෙම අඹකොටේගම හා අලවල අමුණ පිහිටි ස්ථානය තවත් යුගයක් කරා අපව කැඳවාගෙන යන්නේ ජනප්‍රවාදයෙන් ඔබ්බට ගිය සාක්ෂි සටහන් කරමිනි. ඒ පණ්ඩුකාභය හා ස්වර්ණපාලි වෘත්තාන්තයේ පළමු හා අහඹු හමුවීමයි.

මහාවංශයට අනුව පණ්ඩුකාභය යනු කි.පූ. 437 – 367 කාල පරිච්ඡේදයේ ආර්යන්ගේ ආගමනයෙන් පසුව හෙළයේ 6 වැනි රජු ලෙස ඉතිහාස ගත වී ඇත. ආර්යයන් හා හෙළයන් අතර ගැටුම් අවමකර රට එක්සේසත් කර රට පාලනය කළ රජුද ඔහුය. පණ්ඩුකාභය රජුගේ මාමාවරුන් දස දෙනාගෙන් එක් මාමා කෙනකු වන අභය රජතුමාගේ දියණිය වන ස්වර්ණපාලිය මුලින්ම පණ්ඩුකාභයට හමුවන්නේද අඹකොටේගම අලවල අමුණට ආසන්නයේ පිහිටි පාලිඇල්ල අසලදීය.

ඒ කතාව මෙසේය. අඹකොටේගම අලවල අමුණ ආසන්නයේ ගලා බසින කොස්පොතු ඔය ආසන්නයේ එදා රජ දවසේ ප්‍රාදේශීය රාජධානියක් වූ “ඉහගල” සිට ස්වර්ණපාලි කුමරිය කෙතේ සේවය කළ ගොවියන් හට ආහාර සපයමින් සිටියදී ඒ අසලින් ගිය පණ්ඩුකාභය කුමරු දැක ඔහුට ආහාර ස්වල්පයක් පිරිනැමීම සඳහා නෙලුම් කොළයක් ගෙන ඇත. ඒ නෙලුම් කොළයට ආහාර බෙදූ අවස්ථාවේ ඒ නෙලුම් කොළය රන්වන් වර්ණවූ නිසා පාලි නම් ඇය ස්වර්ණපාලි වූ අතර, ස්වර්ණපාලි කුමරිය ඇල්ලූ ස්ථානය (පාලි ඇල්ලූ ස්ථානය) පාලි ඇළ ලෙස වර්තමානයේ භාවිත වන බවද සඳහන්. ඒ අවස්ථාවේ ඔවුන් ඇවැස්ස නෑනා මස්සිනා බව නොදැන සිටි බවද ඉතිහාසයේ සඳහන් වේ.

පුරා යුග තුනක ඉතිහාසයක් එනම් ක්‍රි.පූ. 437-367 පණ්ඩුකාභය රජුගේ රට එක්සේසත් කළ යුගය. ක්‍රි.පූ. 1341-1352 සිවුවැනි බුවනෙකබාහු රජුගේ ගම්පොළ යුගය හා 1900 වික්ටෝරියානු යටත් විජිත යුගය අවසන් කර වර්තමානයේ මෙලෙස ඉතිරිව ඇත.
මෙම තොරතුරු එක්රැස් කිරීම සඳහා සහාය වූ බුළුවල මුදිත රත්නායක මහතාට ස්තූතිය හිමිවේ.
රොෂාන් මාවතගම

SendShareShare
Previous Post

ජැක්සන් පවුල සහ වාසනාවේ රහස් අංකය

Next Post

සමපෝෂ පාසල් පාපන්දු ක්‍රීඩාව බලගන්වයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.