• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජැක්සන් පවුල සහ වාසනාවේ රහස් අංකය

February 7, 2020
in Heart
Reading Time: 1 min read
A A
ජැක්සන් පවුල සහ වාසනාවේ රහස් අංකය
Share on WhatsAppShare on Facebook

පසුගිය වසරෙ කලා පවුලක සුවිශේෂී මංගල්‍යය කිහිපයක් සිදුවුණා. ඒ අලුත් කලා පවුලට පසුගියදා වසරක් සම්පූර්ණ වුණා ඔවුන්ගේ විවාහ දිවියට. වසරක් උදාවීමත් සමඟ ඒ පවුලටම කිරි සුවඳ රැගෙන පුංචි කුමාරිකාවක් ආවා. හැබැයි මේ සියලු වාසනාවන්ත සිදුවීම් පසුපස රහස් අංකයක් තිබෙන බවකුත් කියැවෙනවා. ඒ සියල්ල දැනගන්න අපි අකිලව හමුවෙමු.
අකිල මේ දවස්වල උතුරා යන පිය සෙනෙහසින් නේද? මොකද හිතෙන්නේ ජීවිතයට ලැබුණු පදවිය ගැන?
ජීවිතයට ලැබුණු පදවිය ගැන සතුටුයි. ඒත් ජීවිතයට කියලා එහෙම වෙනසක් දැනුණේ නැහැ. මගේ අප්පච්චි මතක් වුණා. මොකද ඔහු මොන තරම් සතුටු වෙන්න ඇතිද මම වගේම මගේ අනෙකුත් සහෝදරයන් දැක්කාම. ඔහු ඒ තරම් දරුවන්ට ආදරෙයි. මගේ අප්පච්චිට, අම්මාට තවත් දුවෙක් ලැබුණා හා සමානව ඒ දෙන්නා සතුටින් ඉන්නව දැක්කාම ඒ සතුට තරම් මට වෙන සතුටක් නැහැ.
දැන් ඉතින් තනිකඩ කාලේ දාපු සෙල්ලම් බැහැ. වගකීිම් වැඩි බවක්වත් හිතට දැනුණේ නැතිද?
මම තනිකඩ කාලේ ආදරය කරන්න පෙරුම් පිරුවා. පස්සේ ආදරය කළා. ඊට පස්සේ අපි බැන්දා. ඒ බැඳීම සුන්දරත්වයෙන් පිරුණා. බැඳීම් වැඩි වුණා. අද අපි මවුපියන් බවට පත්වෙලා කියන අවබෝධය තියෙනවා. මට දුවෙක් ඉන්නවා කියද්දී වගකීම් වැඩියි. ඉතින් හැමදා අපි සුන්දර, සරල ජීවිතයක් ගෙවන කොට කාලයත් එක්ක අපේ බැඳීමෙන් පවුල සුන්දර වෙයි.
අකිලගේ හිතේ තිබුණු දේ අවසානයේ ඉෂ්ට වුණා නේද?
ඔව්. එදා ඉඳන් මම කිය කියා හිටියේ මට කවදා හරි බැන්දාම දුවෙක් ලැබෙන්නේ කියලා. හැබැයි ගෙදර අයට විහිළුවට කිව්වේ දැන් ඉතින් ඒ විහිළුව සැබෑවෙලා. අපේ අප්පච්චිගේ පරම්පරාවෙත් වැඩිමල් දරුවන් ගැහැනු ළමයෙක්. අප්පච්චිගේ පළමු දරුවත් දුවෙක්. ඉතින් මටත් එය එලෙසම බලපෑවා.
දැන් ඉතින් මේ දවස්වල අකිලට බරටම වැඩ ඇති ගෙදර?
එහෙම කියලා ලොකු වැඩක් නැහැ. නමුත් පසුගිය මාස කිහිපයේ මම නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. කරපු වැඩකටයුතු සැලසුම් කරලා තමයි කළේ. ඒ නිසා මට බිරියත් එක්ක අවසාන දවස් කිහිපයෙත් එයාගේ වැඩකටයුතුවලට උදවුවෙලා ඉන්න පුළුවන් වුණා. එක දිගට අවුරුදු දෙකක් නිර්මාණවල වැඩ කරපු නිසා මම හිතුවා මගේම ව්‍යාපාර කටයුත්තක් පටන් ගත්තොත් හොඳයි කියලා. ඉතින් ඉදිරි මාස කිහිපයත් ඒ වෙනුවෙන් වැඩ සැලසුම් කරන නිසා මට දුව ළඟත් මාස හයක පමණ කාලයක් ඉන්න පුළුවන් වෙයි.
පසුගිය දවසක අපි දුටුවා අකිල තාත්තා කෙනෙක් වෙන්නත් කලින් සාර්ථකව පිය චරිතයක් රඟපෑවා?
ඔව්. ‘සක්කාරං’ ටෙලි නාට්‍යයේ මම ආදරය කළා. ඇයව විවාහ කරගත්තා. පසු දරුවා ලැබෙනකම් ඇඟිලි ගනිමින් මඟ බලාගෙන හිටියා. මගේ පොඩි කාලේ ඉඳලත් ඔය වගේ සිහින, බලාපොරොත්තු තිබුණා. ඉතින් ඒ සිහින නිර්මාණයට වගේම මගේ සැබෑ ජීවිතයටත් බලපෑවා.
ඇත්තටම අකිල මොකද්ද මේ දහ අටේ රහස?
ඒ රහස මමත් හොයනවා. අපි හැමෝගේම ජීවිතයට වාසනාව ගෙනාව අංකයක් දෛවය අනුව ලියැවුණු දෙයක්. දහඅට කියන්නේ අපේ පවුලේම ජය අංකයක් බලමු කාලයත් එක්කම දහඅටේ වෙනස මොකක්ද කියලා. මගේ මවුපියන් විවාහ වූයෙත් 1985 දෙසැම්බර් 18. අපේ සහෝදර පිරිස විවාහ වුණෙත් 2018 ජනවාරි 18. මම තාත්තා කෙනෙක් වෙන්න යන බව වෛi සුනිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරලා තිබුණෙත් මැයි 18. මගේ සුදු මැණික අපි ළඟට ආවේත් ජනවාරි 18 තමයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ක්‍රිකට් ආයතනයට අර්ජුන ‌බෝම්බයක් ගහයි

Next Post

අලවල අමුණේ සැඟවුණු රහස්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.