ජීවිතයේ දෙවැනි උපත නමින් හැඳින්වෙන විවාහය ඉතාම වැදගත් සංධිස්ථානයකි. එබැවින් විවාහ වීම දුරදිග නොබලා හිතුමතේට කළයුතු කාර්යයක් නොවේ. දෙදෙනා අතර ඇති අන්‍යොන්‍ය ගැළපීම්, රුචි අරුචිකම්, සිතුම්-පැතුම්, කායික හා මානසික උපරිම තෘප්තිය වැනි කරුණු වැඩි ප්‍රමාණයක් ඇත්නම් එවැනි දෙදෙනකු විවාහයට උචිත වෙයි.
මෙරට ජ්‍යොතිෂ පදනමේ එක් අංශයක් වන්නේ පොරොන්දම් ගැළපීමය. මේ අනුව පොරොන්දම් ගැළපීම්වලට ලකුණු වැඩි ප්‍රමාණයක් ඇත්නම් විවාහයට සුදුසු යැයි තීරණයකර යුග දිවියට ඇතුළු වී සාර්ථකත්වයටත්, එසේම අසාර්ථකත්වයටත් පත්වන බැව් පැහැදිලිය.
ග්‍රහ හැසිරීම් රටාවට අනුව ලග්නය බලවත් වීම සුබයි. කේන්දරයේ සඳු-ශුක්‍ර, කුජ-ගුරු, සිවු දෙනාම ධනාත්මක තිබීම සුවිශේෂයි. කිවි-සඳු යෝගව කුජ-ගුරුගේ පෙනීම ඇත්නම් විවාහය ඉතාම සාර්ථක වෙයි. ස්ත්‍රී ලග්නයේ සඳු සිටීම ඉතාම සුබයි. විවාහයට හිතකර වෙයි. ඇය ශ්‍රී ලක්‍ෂ්මියට සමානයි.
දෙවැන්න කුටුම්බකස්ථානයද වැදගත්ය. පවුලේ ආර්ථිකය ගැන කියැවෙන්නේ දෙවැන්නෙනි. කුජ නම් වඩාත් ආර්ථිකය බලවත් වෙයි. ගුරුූශුක්‍ර දෙදෙනාම සුබව 2 වැන්නේ සිටීම සාර්ථක යුගදිවියට පෙරනිමිත්තකි.
5 වැන්නාද බලවත්ය. ගුරු සිටීම ඉතාම සුබයි. ශනි, රාහු, කේතු එතරම් සුබ නැත. ලග්නයේ බලවත්ව සිටින සඳුට 5 වැන්නේ සිටින ගුරුගේ පෙනීම විවාහයට සහ දාරක සම්පත් වර්ධනයට ධනාත්මක වෙයි. කුජ 5 වැන්නේ වීම සුබ නැත.
ශනි, කුජ, රාහු වැනි ග්‍රහයන් 7 වැන්නේ වීම එතරම් සුබ නැත. දෙදෙනාගේම මෙසේ පිහිටීම නම් සම තත්ත්වයක් වෙයි. කුජ 7 සිටින ස්ත්‍රිය පිරිමියාගේ කාමාශාව උද්දීපනය කරයි. 7 වැන්නේ ශනි සිටින පිරිමියකුට එවැනි ස්ත්‍රියක් ගැළපෙයි. ශනි 7 විවාහය ප්‍රමාද වෙයි.
තමාට වඩා වැඩි වයසක කෙනකු සමඟ විවාහ වෙයි.
ශ – ර – කු – රා 7 වැන්නේ නම් ස්ත්‍රිය වෙනත් අතක යන්නීය. කේන්දරයේ 8 වැන්නද බලවත් වීම මැනවි. එය ලිංගික දිවියට බලපාන හෙයින්, 11 – 12 වැනි භාවයන් මංගල යහන නමින් දැක්වෙන රාශි 2කද සුබව තිබීම වැදගත්ය.
විවාහකාරක ශුක්‍ර සහ හෝමෝන් කාරක කුජගේ තත්ත්වය ගැන බැලිය යුතු වෙයි. අපේ පැරැණි ගැමියන් සිය දූදරුවන්ගේ විවාහ වීමේදී ග්‍රහ හැසිරීම ගැන ගැඹුරින් බලා ඉතාම යහපත් දෙදෙනකු නම් විවාහයට අනුමත කරන ලදී.
එදා දික්කසාදයක් නැත.
අද දික්කසාදයක් ඇත.
ග්‍රහයන්ද කණපිට හරවාගෙන තිබේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











