• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාලෙන් එළියට පැන්න කළු කොටියා බේරා ගනිමු…

April 1, 2023
in Exclusive, Holiday
Reading Time: 3 mins read
A A
යාලෙන් එළියට පැන්න කළු කොටියා බේරා ගනිමු…
Share on WhatsAppShare on Facebook

දිගු නිහැඬියාවකට පස්සේ අද කැලෑ කොලමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යාල ජාතික වනෝද්‍යානයෙන් පසුගියදා සොයාගැනුණු ඉතා දුර්ලභ ගණයේ කළු කොටි පැටවා ගැනයි. ජාන විකෘතිතාවක් නිසා බිහිවන බවට විද්‍යාත්මකව හෙළිකරගෙන ඇති මෙම කළු කොටි පැටවා වනජීවීන්ට ඇලුම් කරන බොහෝ දෙනා අතර මේ වන විට ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මීට පෙරද කළු කොටින් පිළිබඳ වාර්තා වුණත් ඒ සෑම අවස්ථාවකදීම එම සතුන් හමුවී තිබුණේ මියගොස් සිටියදීයි. එවන් පසුබිමක යාල වනෝද්‍යානයෙන් මතුවූ මෙම දුර්ලභ සත්වයා පිළිබඳ පරිසරයට ආදරය කරන අප හැමගේ දැඩි අවධානය යොමුවීම ඉතා වැදගත් වෙනවා. ඊට හේතුව නම්, සංචාරකයන් රැගත් සෆාරි ජීප් රථවලින් සහ දෛනිකව යාල වනෝද්‍යානය තුළට ඇතුළු වන සිය ගණනක් වූ විවිධ වාහනවලින් මෙම කළු කොටියා ආරක්ෂා කරගැනීම අපගේ ප්‍රමුඛ වගකීමක් විය යුතු නිසායි. පැලැස්තර විසඳුම් යොදනවා වෙනුවට මෙම සත්වයා ආරක්ෂා කරගැනීම සඳහා තිරසාර වැඩපිළිවෙළක් යෙදීම වනජීවී අමාත්‍යවරයා ඇතුළු සියලු බලධාරීන් සතු යුතුකමකි. එම සත්වයා දැකගන්නට ලැබුණු යාල ජඹුරාගල මාර්ගය සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව වසාදැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ කළු කොටියාගේ ආරක්ෂාව සැලසීමේ අරමුණ ඇතිවය. එහෙත් එය තාවකාලික පියවරක් විනා කළු කොටියාගේ ආරක්ෂාව වෙනුවෙන් මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් යෙදිය යුතු බවයි ලියුම්කරුගේ අදහස.

මෙම කළු කොටි පැටවා මාස 06ක් පමණ වයසැති පිරිමි සතකු ලෙසත්, උගේ මව ‘මාචි’ ලෙසත් Yala Leopard Diary හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියාතික රටවල පවා අතිශයින් දුරලභ වූ කළු කොටියකු යාල වනෝද්‍යානය තුළින් වාර්තා වීම අප රටේ සංචාරක කර්මාන්තයටද ඉතා ඉහළ වටිනාකමක් එක්කරන්නකි. කොටින්, දිවියන් පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයන් යාල වනෝද්‍යානය වෙත පැමිණීම විශාල ලෙස ඉහළ යෑමටද මෙම කළු කොටි පැටවා හේතුවක් වනු නොඅනුමානය.

එකම කොටි පවුලක සිටින ගැහැනු සහ පිරිමි සතුන් අතර සිදුවන ලිංගික එකතුවීම් හරහා මෙවැනි කළු කොටින් බිහිවන බවටද මතයක් පවතිනවා. එකම රුධිර වර්ගය සතාගේ මව සහ පියා සතුව තිබීමද ඊට හේතුවක් ලෙසද හඳුනාගෙන ඇත.

මෙම දුර්ලභ සත්වයා රැකගැනීමටත්, සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි කිරීමටත් සුදුසු පියවරක් ලෙස සංචාරක නියාමනය සහ නිරන්තර මුර සංචාර ක්‍රියාත්මක කරවීම සුදුසු බව ලියුම්කරුගේ අදහසයි. ඒ හරහා මෙම මාහැඟි සම්පතක් බඳු කළු කොටි පැටවා ආරක්ෂා කරගත හැකිවාක් සේම, සංචාරක ආකර්ෂණය වැඩිවීම තුළින් වැඩි විදෙස් විනිමයක් අප රටට ඇදී ඒමද සිදුකරගත හැකිය.

මෙම කළු කොටි පැටවා දැකගන්නට ලැබුණු ප්‍රදේශයේ සාමාන්‍ය කොටින් කිහිප දෙනකුද නිතර ගැවසෙන අතර, එම සතුන්ගෙන් කළු කොටි පැටවාට තර්ජනයක් එල්ලවේද යන්න පිළිබඳවද බලධාරීන් අවධානය යොමුකළ යුතුය.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා සොබාදහමෙන් තිළිණ කළ මේ අපූරු දායාදය අනාගත පරපුරට රැක දීම සඳහා බලධාරීන්, මඟ පෙන්වන්නන්, වනජීවී නියාමකයන්, සෆාරි රියැදුරන් සහ දෙස් විදෙස් සංචාරකයන් දැඩි අවධානයක් යොමුකළ යුතු බවද මෙහිලා අවසන් වශයෙන් සටහන් කරමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

මිලියන 200ට අපේ මන්ත්‍රීවරු බිලීබාගන්න හදනවා! සජබෙ කිසි කෙනෙක් සල්ලිවලට ජනතාව පාවා දෙන්නේ නෑ! සජිත් කියයි! විපක්ෂනායකතුමනි ලක්ෂ 2000ට නෙමෙයි ලක්ෂ 10000ක් දෙනවා කිව්වත් අපි ජනමතය පාවා දෙන්නේ නෑ! සජිත් ඉන්නකොටම මරික්කාර් ප්‍රසිද්ධියේ කියයි! VIDEO

Next Post

ත්‍රිවිධ හමුදාව අමතන්න අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවන් නියමුවා වැඩ දාලා හෙලිකොප්ටරයෙන් රනිල්ව අරගෙන ආ හැටි! VIDEO

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.