මිලියන 200 බැගින් ලබා දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
දෙහිවල පැවැති පක්ෂයේ රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
කෙසේවෙතත් එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කළේ ලක්ෂ 2000ක් නොව ලක්ෂ 10000ක් දෙනවා කීවද තමන් ජනමතය පාවා නොදෙන බවකි.