• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘සියෝමි’ ජාත්‍යන්තර ප්‍රධානියා ශ්‍රී ලංකාවට එයි

February 2, 2020
in Business
Reading Time: 1 min read
A A
‘සියෝමි’ ජාත්‍යන්තර ප්‍රධානියා ශ්‍රී ලංකාවට එයි
Share on WhatsAppShare on Facebook

වසරක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ වැඩියෙන්ම අලෙවි වුණු ජංගම දුරකතන වර්ගය ‘සියෝමි’ (Xiaomi) බැව්, එම සමාගමේ ජාත්‍යන්තර ප්‍රධානී මනු කුමාර් ජෙයින් (Manu Kumar Jain – Global Head of Xiaomi) මහතා ප්‍රකාශ කර සිටියි. ඉතාමත් කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ‘සියෝමි’ ප්‍රවර්ධන කටයුතු බොහෝ සාර්ථකව සිදුකිරීම්, පාරිභෝගිකයාට අඩු මුදලකට උසස් ජංගම දුරකතනයක් ලබා දීමත් හේතුවෙන් මෙම ජයග්‍රහණය උදාකර ගැනීමට හැකිවූ බැව් මනු කුමාර් ජෙයින් පවසා සිටියේය. මෙය ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ක්‍ෂේත්‍රයේ වාර්තාවක්ද වන බැව් ඔහු අවධාරණය කළේය.

පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි ඔහු කොළඹ ගාලු මුවදොර හෝටලයේදී (ගෝල්ෆේස් හෝටලය – Galle Face Hotel) මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි විය. ඔහු කුමාර් ජෙයින් මහතා ‘සියෝමි’ ලෝක සමාගමේ උප සභාපතිවරයා සහ ‘සියෝමි’ ඉන්දියානු සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයාද වෙයි. ජංගම දුරකතන ක්‍ෂේත්‍රය ගැන ඔහු හසළ දැනුමක් සහ අත්දැකීමක් ඇති දක්‍ෂ ව්‍යාපාරිකයකුද වෙයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ මේ වන විට විකුණනු ලබන සියලුම ‘සියෝමි’ දුරකතන මාදිලි ශ්‍රී ලාංකික වෙළෙඳපොළටද යොමු කර ඇති බැව් පැවසෙයි. මේ අතර ඉතාමත් නවීන එමෙන්ම අධි තාක්‍ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි රැසක්ම ඇත. මේවා කිසිම ආකාරයකින් අනෙකුත් ජංගම දුරකතන නාමයන්ට නොදෙවැනි ඒවා බැව් ‘සියෝමි’ ජාත්‍යන්තර ප්‍රධානියා මාධ්‍යයට අවධාරණය කර සිටියේය.

මෙසේ ඉතාමත් කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන වෙළෙඳ ක්‍ෂේත්‍රයෙහි කීර්තිමත්, විශ්වසනීය නාමයක් හිමිකර ගත් ‘සියෝමි’ ජංගම දුරකතන සමාගම පසුගියදා මෙරට තම පාරිභෝගිකයන් උදෙසා ප්‍රථමවතාවට ‘අනුමත සේවා සැපයුම් මධ්‍යස්ථානයක්’ ද කොළඹදී විවෘත කරන ලදී. කොළඹ කොල්ලුපිටියේ ‘ලිබර්ටි ප්ලාසා’ සුපිරි වෙළෙඳ සංකීර්ණය තුළ මෙම සේවා මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

ලෝක ‘සියෝමි’ සමාගම චීනයේ ආරම්භ කරනු ලැබුවේ 2010 වසරේ අප්‍රේල් 06 වැනිදා වන අතර, දැනට වසර 10ක් පැරැණි සමාගමකි. එහෙත් ලෝකයේ ඇති අනෙකුත් වඩාත් පැරැණි ජංගම දුරකතන සමාගම්වලට වඩා මෙම ‘සියෝමි’ සමාගම වසර 10ක් තුළ වඩාත් පෙරට පැමිණ ඇතැයි ජාත්‍යන්තර වාර්තාවන් පෙන්වා දෙයි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගැනීම බැව් ප්‍රකාශ වෙයි.

‘එම්. අයි. සියෝමි’ (M I Xiaomi) ලෙසින් හඳුන්වන ජාත්‍යන්තර සමාගම ජංගම දුරකතන පමණක් නොව තවත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වර්ග රැසක් නිෂ්පාදනය කරන සුවිශාල සමාගමක් වෙයි. ජංගම දුරකතන, මේස පරිගණක, ලැප්ටොප් පරිගණක, ගෘහ විදුලි උපකරණ මෙන්ම නවීන ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රද මෙම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබයි. 2018 වසරේදී එම සමාගම ඩොලර් බිලියන 24.5ක අති සුවිශාල ආදායමක් උපයනු ලැබීය. මෙම සමාගම සතු සියලුම කර්මාන්ත ශාලාවල දැනට සේවකයන් 15,000ක් සේවය කරන අතර, ලෝකයේ රටවල් රැසක එම කර්මාන්ත ශාලා පිහිටුවා ඇත.

ජාත්‍යන්තර ප්‍රධානී මනූ කුමාර් ජෙයින් මහතා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට ‘සියෝමි’ ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී විiා සාගර් මහතා (Mr. Vidya Sagar, General Manager, Xiaomi – Sri Lanka) සහ ප්‍රධාන විධායක නිලධාරි රජීවි ගුණරත්න මහතාද සහභාගි වූහ.

SendShareShare
Previous Post

මහාවංශයේ ඉඩක් නොලැබුණු සිංහලේ අවසන් රජු කවුද?

Next Post

ශ්‍රී ලන්කන් ‌ලොක්කෙකුගේ බිරිදක් ජාත්‍යන්තර අල්ලස් ගනුදෙනුවක: ලන්ඩන් උසාවියේදී සියල්ල එළියට

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.