වසරක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ වැඩියෙන්ම අලෙවි වුණු ජංගම දුරකතන වර්ගය ‘සියෝමි’ (Xiaomi) බැව්, එම සමාගමේ ජාත්‍යන්තර ප්‍රධානී මනු කුමාර් ජෙයින් (Manu Kumar Jain – Global Head of Xiaomi) මහතා ප්‍රකාශ කර සිටියි. ඉතාමත් කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ‘සියෝමි’ ප්‍රවර්ධන කටයුතු බොහෝ සාර්ථකව සිදුකිරීම්, පාරිභෝගිකයාට අඩු මුදලකට උසස් ජංගම දුරකතනයක් ලබා දීමත් හේතුවෙන් මෙම ජයග්‍රහණය උදාකර ගැනීමට හැකිවූ බැව් මනු කුමාර් ජෙයින් පවසා සිටියේය. මෙය ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ක්‍ෂේත්‍රයේ වාර්තාවක්ද වන බැව් ඔහු අවධාරණය කළේය.
පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි ඔහු කොළඹ ගාලු මුවදොර හෝටලයේදී (ගෝල්ෆේස් හෝටලය – Galle Face Hotel) මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි විය. ඔහු කුමාර් ජෙයින් මහතා ‘සියෝමි’ ලෝක සමාගමේ උප සභාපතිවරයා සහ ‘සියෝමි’ ඉන්දියානු සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයාද වෙයි. ජංගම දුරකතන ක්‍ෂේත්‍රය ගැන ඔහු හසළ දැනුමක් සහ අත්දැකීමක් ඇති දක්‍ෂ ව්‍යාපාරිකයකුද වෙයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ මේ වන විට විකුණනු ලබන සියලුම ‘සියෝමි’ දුරකතන මාදිලි ශ්‍රී ලාංකික වෙළෙඳපොළටද යොමු කර ඇති බැව් පැවසෙයි. මේ අතර ඉතාමත් නවීන එමෙන්ම අධි තාක්‍ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි රැසක්ම ඇත. මේවා කිසිම ආකාරයකින් අනෙකුත් ජංගම දුරකතන නාමයන්ට නොදෙවැනි ඒවා බැව් ‘සියෝමි’ ජාත්‍යන්තර ප්‍රධානියා මාධ්‍යයට අවධාරණය කර සිටියේය.
මෙසේ ඉතාමත් කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන වෙළෙඳ ක්‍ෂේත්‍රයෙහි කීර්තිමත්, විශ්වසනීය නාමයක් හිමිකර ගත් ‘සියෝමි’ ජංගම දුරකතන සමාගම පසුගියදා මෙරට තම පාරිභෝගිකයන් උදෙසා ප්‍රථමවතාවට ‘අනුමත සේවා සැපයුම් මධ්‍යස්ථානයක්’ ද කොළඹදී විවෘත කරන ලදී. කොළඹ කොල්ලුපිටියේ ‘ලිබර්ටි ප්ලාසා’ සුපිරි වෙළෙඳ සංකීර්ණය තුළ මෙම සේවා මධ්‍යස්ථානය විවෘත කරන ලදී.
ලෝක ‘සියෝමි’ සමාගම චීනයේ ආරම්භ කරනු ලැබුවේ 2010 වසරේ අප්‍රේල් 06 වැනිදා වන අතර, දැනට වසර 10ක් පැරැණි සමාගමකි. එහෙත් ලෝකයේ ඇති අනෙකුත් වඩාත් පැරැණි ජංගම දුරකතන සමාගම්වලට වඩා මෙම ‘සියෝමි’ සමාගම වසර 10ක් තුළ වඩාත් පෙරට පැමිණ ඇතැයි ජාත්‍යන්තර වාර්තාවන් පෙන්වා දෙයි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගැනීම බැව් ප්‍රකාශ වෙයි.
‘එම්. අයි. සියෝමි’ (M I Xiaomi) ලෙසින් හඳුන්වන ජාත්‍යන්තර සමාගම ජංගම දුරකතන පමණක් නොව තවත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වර්ග රැසක් නිෂ්පාදනය කරන සුවිශාල සමාගමක් වෙයි. ජංගම දුරකතන, මේස පරිගණක, ලැප්ටොප් පරිගණක, ගෘහ විදුලි උපකරණ මෙන්ම නවීන ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රද මෙම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබයි. 2018 වසරේදී එම සමාගම ඩොලර් බිලියන 24.5ක අති සුවිශාල ආදායමක් උපයනු ලැබීය. මෙම සමාගම සතු සියලුම කර්මාන්ත ශාලාවල දැනට සේවකයන් 15,000ක් සේවය කරන අතර, ලෝකයේ රටවල් රැසක එම කර්මාන්ත ශාලා පිහිටුවා ඇත.
ජාත්‍යන්තර ප්‍රධානී මනූ කුමාර් ජෙයින් මහතා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට ‘සියෝමි’ ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී විiා සාගර් මහතා (Mr. Vidya Sagar, General Manager, Xiaomi – Sri Lanka) සහ ප්‍රධාන විධායක නිලධාරි රජීවි ගුණරත්න මහතාද සහභාගි වූහ.











