• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ග්‍රහයන්ට බයවුණු අයට ගිනිගෙඩි දීම පාපයක්

February 3, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ග්‍රහයන්ට බයවුණු අයට ගිනිගෙඩි දීම පාපයක්
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂයේ වටිනාකම රැඳී පවතිනුයේ නිවැරැදි පලාපල කථනයෙහි පමණක් නොවේ. කේන්ද්‍රයක් උඩින් පල්ලෙන් බලා පලාපල ප්‍රකාශ කිරීමද නොකළ යුතු කටයුත්තකි. මේ නිසා කේන්දරයේ විග්‍රහකර පලාපල ප්‍රකාශ කිරීම ඉතා සීරුවෙන් කළ යුතු භාරදූර කටයුත්තකි. මේ ලිපිය මඟින් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යම් කෙනකුගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ජ්‍යොතිෂය ධනාත්මක අයුරෙන් භාවිත කිරීමට අපට නොහැකි ද යන්නයි. ජ්‍යොතිෂයෙන් ධනාත්මක පලාපල ප්‍රකාශයක් ලබාදීම කෙනකුගේ ජීවිතයට අවැඩක් නොවේ. මා එසේ කියන්නේ කිසියම් පුද්ගලයකුට කේන්දරයක අපලයක්, උපද්‍රවයක් ඇතත් ජ්‍යොතිෂවේදියා එය ධනාත්මක අයුරින් සිතා බලා ප්‍රකාශ කළ යුතුය යන මතයේ සිටය.

මෙලොව ජීවත්වන හැම මනුෂ්‍යයකුම දියුණුවට පත්වීමට, සාර්ථකත්වයට පත්වීමට ජයග්‍රහණය ලැබීමට අකැමැති නැත. අප හැමෝටම යහපත මෙන්ම අයහපත ද සම සමව පිහිටා ඇත.
ඒවගේම අපට අපල මෙන්ම සපලද උරුමව ඇත. ඉතින් අපල දුරු කර සපල වඩා කෙනකුගේ දියුණුවට මාවත හෙළිකරදීමට ජ්‍යොතිෂවේදියාට අවශ්‍ය තරම් ඉඩකඩ ඇත. මේ අයුරින් කටයුතු කළ හොත් පමණක් අපල උපද්‍රව ඇති පුද්ගලයා ඒ අයහපතින් මුදාගෙන සාර්ථක පුද්ගලයෙක් බවට පත් කළ හැකිය.

කේන්දරයක් සෑදීමෙන් යම් දෙයකට කේන්ද්‍ර කිරීමක් සිදුවෙයි. එනම් අනාගතයේ සිදුවන ඉලක්කයක් වෙත කේන්ද්‍ර කිරීමක් සිදුවේ. කිසියම් පවුලක කෙනකුගේ දියුණුවක් සොයා බැලීමට කේන්ද්‍රයක් පරීක්ෂා කරන විට මා අදහස් කරන හැටියට නම් එම පවුලේ සියලු දෙනාගේම කේන්ද්‍ර පරීක්ෂා කළ යුතුය. ඒ වගේම එම පවුලේ හැකි තරම් පිරිසක් හමුවීම හා ඔවුන් හා කතා බහ කර ඒ අයගේ අදහස් උදහස් ලබා ගැනීම ද වැදගත්ය. මීළඟට පවුලේ බලගතු ග්‍රහ බලයක් ඇත්තා ද දුර්වලම ග්‍රහ බල ඇත්තා ද හඳුනාගැනීම කළ යුතු ව ඇත. ඒ අනුව යමින් මේ සියලු දෙනාම කිසියම් අනාගත දියුණුවේ ඉලක්කයක් වෙත යොමු කළ හැකිය. එසේ නොමැතිව අපල ඇති අය සොය සොයා ඔවුන් විවිධ පුද පූජා විධි සඳහා යොමු කිරීමෙන් නම් යහපතක් වන්නේ නැත.

මේ සඳහා මා අසා ඇති හා අත්දැක ඇති ග්‍රහයකුගේ අපලයක් ගැන උදාහරණයක් ගෙන බලමු. සෙනසුරු අපලයක් ලබා ඇති තැනැත්තා කඩමලු අඳිමින් කය වෙහෙසා වැඩ කරමින් සමාජයෙන් ඈත්ව කාලය ගත කරන්නට වැඩි කැමැත්තක් දක්වන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඉතින් මෙවැනි අයකුට ගෙයක් සාදන්නට පටන් ගත හොත් එය අකුරටම කළ හැකිය. ඔහු දිවාරෑ වෙහෙස නොබලා ඒ කටයුත්ත උපරිම අයුරින් කිරීමට පෙලඹේ. මේ අයුරින් අපලය සපලයක් කිරීම මා සඳහන් කරන ධනාත්මක පලාපල ප්‍රකාශයට හොඳ උදාහරණයකි.

විශේෂයෙන් දරුවන්ගේ කේන්දර බලන විට එම දරුවන්ට අපල ඇත්නම් ඒවා මාපියන් හා දරුවන්ගේ ඔ`ඵවට කෙළින්ම නොදමා දරුවන්ගේ හැසිරීම මොනවාදැයි සාවධානව අසා බලා ඊට ධනාත්මක අයුරින් උපදෙස් ලබාදීම වැදගත් වේ. කිසියම් දරුවකුගේ කේන්දරයක් බලා ඔහු මේ කාලයේ “දියේ ගිලී අකාලයේ මියයනවා” නැත්නම් “හදිසි අනතුරකට පත් වෙනවා” මෙවැනි ප්‍රකාශයක් මාපියන්ට මෙන්ම දරුවාටද දැන්වුව හොත් එය ඒ අයුරින්ම ඉටුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. මේ ජ්‍යොතිෂවේදියාගේ දක්ෂකමට සිදුවන්නක් නොවේ. ඒ අර ඉලක්ක කළ දේ පිළිබඳව මාපියන් මෙන්ම දරුවාගේ සිතෙහි එක දිගටම සිතිවිලි ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයකි.
බොහෝ දුරට හදිසි අනතුරු නිසා අත් පා බිඳුණු අයගෙන් “මොකක්ද වුණේ?”යැයි විමසන විට ඔවුන් බොහෝ දෙනකු දෙන පිළිතුරක් වන්නේ “මට මේ දවස්වල අහවල් ග්‍රහයාගෙන් අපල” ඇති බවයි. මෙයට හොඳම උදාහරණයක් වන්නේ මෑතකදී සිදුවූ සෙනසුරු ග්‍රහයාගේ මාරුව ගැන විශාල බියක් අපේ රටේ ජනතාව අතරට ගොස් ඒ සඳහා ආරක්ෂාව පතා කල්තියාම විවිධ පුද පූජාවන්ට ඔවුන් පෙලඹීමයි.

කිසියම් ග්‍රහයකු සිටින ස්ථානය පමණක් බලා යම් යම් දේ පිළිබඳ පලාපල ප්‍රකාශ කිරීම සුදුසු නොවේ. ග්‍රහයා ස්ථාන ගතව සිටින්නේ කුමන බලයක් යටතේද කුමන යෝග බලයක් සහිතවද කුමන මහ දශාවක් හා අතුරු දශාවක් ගත කරන්නේද ගෝචරව ගමන් කරන ආකාරය මේ ආදී තවත් බොහෝ දේ විමසමින් මධ්‍යස්ථ මතයක සිට පලාපල ප්‍රකාශ කළ යුතු වේ. පෙර කීවාක් මෙන් පුද්ගලයා හා කතාබහ කර තීන්දු තීරණ ගැනීම ද ඉතා වැදගත් වෙයි.

අවසාන වශයෙන් මෑතකදී සිදුවූ දේශපාලන පෙරළියේදී අපේ ජ්‍යොතිෂවේදීන් අනාවැකි පළකළ ආකාරය ගැනද යමක් ප්‍රකාශ කරමි. ඒ සියලු අනාවැකි ඒ ඒ අපේක්ෂකයන්ගේ කේන්දරවල ග්‍රහ පිහිටීම හා යෝග බලය මතද එසේ නොවන්නේ නම් තමා දරන දේශපාලන මතය අනුව දැයි කවරකුට හෝ කිව හැකිවේද?
රත්නායක කුලතිලක

SendShareShare
Previous Post

මහින්ද යවපු නම් 4 ප්‍රතික්ෂේප කළේ කවුද?

Next Post

JAT සමාගම International Wood Expo 2019 ප්‍රදර්ශනයට අනුග්‍රහය දක්වයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.