• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රත්නතිලකට ගම්වරය ලැබුණු තඹ සන්නස අතුරුදන්

February 4, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
රත්නතිලකට ගම්වරය ලැබුණු තඹ සන්නස අතුරුදන්
Share on WhatsAppShare on Facebook

දෙවැනි රාජසිංහ රජු දුටුගැමුණු පැරකුම්බා වැනි මහා රණශූර නර දෙටුවන් අතරට ගැනෙන නරනාථයාණ කෙනෙක් ගන්නොරු සටන නිසා විශ්ව කීර්තියට පත්විය.
පෘතුගීසී ආණ්ඩුකාර දියෝගුද මේලෝ විසින් උඩරටට එරෙහිව මෙහෙයවන ලද විසි අට දහස් හත්සියයක් පමණ වූ (28,700) හමුදාව සමඟ ක්‍රි.ව. 1638 මාර්තු 28 වැනි දින ගන්නොරුවේදී බිහිසුණු සටනක් ඇති වූ බව අපි දනිමු. එම ත්‍රාසජනක යුද්ධයේදී දෙවැනි රාජසිංහයන්ගේ සිංහල හමුදාව ප්‍රතිපක්‍ෂ ප්‍රතිකාලුන් අබිබවා ඔවුන් සුනු විසුනු කර ඉතුරු වූ තිස්තුන් දෙනාද අත්අඩංගුවට ගත් බව අපේ ඉතිහාසය කියයි. ගන්නොරුවේ සටන සිදුවූයේ 1638දී බව ඉතිහාසයේ සඳහන්ව ඇතත් ඊට අවුරුද්දකට පෙර සිදුව ඇතැයි පැරැණි තඹ සන්නසකින් අනාවරණය වෙයි. ගන්නොරුවේ සටන දිනීමට විශාල මෙහෙයක් කළ රණ ශූරයකුට දෙවැනි රාජසිංහ රජතුමා විසින් පිරිනමන ලද තඹ සන්නසින් ඒ බව සනාථ වෙයි. සන්නසේ සටහන්ව ඇත්තේ ශක වර්ෂ 1558 මැදින් මස පුර තියවක දවසේ ගන්නොරුවේ සටනට පිටත් වූ බවයි.
සන්නස දී ඇත්තේ රඹුක්කන නගරයට ආසන්න ආරගොඩ නම් ගමෙහි විසූ රණ ශූරයකුටය. තඹ තහඩුවක ලියා තිබූ එම සන්නස දිගින් අඟල් සතළොසකි. පළල අඟල් දෙකකි. දෙපිටේම සන්නස ලියා තිබේ. රජුගේ අත්සන සහිත පළමු පිටුව සෑහෙන ලොකු අකුරුවලින් ලියා තිබේ. පුවත් පතක පිටුවක් කියැවිය යුතු අන්දමට තීරු පහළට ලියා ඇති මුල් පිටුව කොටස් පහකින් සහ එක් තීරුවක් පේළි පහ බැගින් යුක්තය. කුණ්ඩලිය වැනි චංචල රේඛාවකින් එම කොටස් පහ වෙන් කර ඇත. සන්නසේ දකුණු කෙළවරේ චක්‍ර සටහන් දෙකක් ඇඳ උඩ රවුම් සටහන මැද රාජසිංහ රජුත්, යට රවුම ඇළේ සාක්‍ෂිය සඳහා රණ ශූරයාගේ අත්සනත් තිබේ. රණ ශූරයාට දී ඇති ගම්වරයේ විස්තරය පසු පිටේ ලියා ඇත. ඒ කුඩා අකුරුවලිනි. වටේටම මල් වැලකි. ගැට දෙක සහිත ඉස්පිල්ලක් වැනි සලකුණකින් එම මල් වැල නිර්මිතය. වම් කෙළවරේ අඟල් එකහමාරක් තරම් තීරුවක පහළට පේළි අටක් ලියා ඇත. පිටුවේ සෙසු අකුරුවලට වඩා ඒ අකුරු ලොකුය. අනතුරුව තඹ සන්නසේ දිග් අතට වාක්‍ය ලියා තිබේ. එසේ ලියූ පේළි නවයකින් සන්නස ලියා තිබේ. පස් වැනි පේළියේ මැද හරියට වෙන්නට සූර්යාගේ (හිරු) සහ චන්ද්‍රයාගේ (සඳු) රූප සටහන් ඇඳ තිබේ.
සන්නස මෙසේය.
(කියැවීමේ පහසුව පිණිස ලිපිය ලිවීමේදී ලියුම්කරු විසින් පේළි අංක කළ බව කරුණාවෙන් සලකන්න.)
ලොකු අකුරු පිටුව
පළමු වැනි කොටස

  1. සිංහල දෙසය 2. රාජසිංහ රජ 3. සකවර්ෂ එක 4. දාස් පන්සිය 5. පනස් අටය
    දෙවැනි කොටස
  2. මැදින් දින 2. පුර තියවක 3. රවි දින 4. පුසේ නැකැත 5. ගන්නරුවේ සටනයට
    තුන් වැනි කොටස
  3. රජ පෙරමුණට 2. ආධාර කළ හෙයින් 3. සඨනය ජය ගත්තා හා 4. ආධාර ආරක කළ අය 5. මුතුගල් පේඩිගේ රත්නතිලක
    හතර වැනි කොටස
  4. විධාන ධූරයාට 2. හිමිකර දෙන නියං ගම 3. පිහිටි රට ආරගොඩ 4. දෙවාදාරණ ලදී 5. ඔහුගෙන් පැවතෙන
    පස් වැනි කොටස
  5. මේ ගම වාසගම ඇති අයට 2. ඉර-හඳ ඇති කල් අනකරවා 3. ඒ ගම පිල්ලෑකනත්තේ ගලේ 4. ත් සටහන් කරන ලදි සාක්‍ෂිය 5. අනික පිට විස්තර කරන ලදී
    උඩකවය තුළ
  6. රාජසිංහ 2. රජ අස්සන් 3. කල මෙ 4. සහතිකය
    යට කවය තුළ
  7. මුතුගල් 2. පේඩි රත්න 3. තිගලක විධාන 4. දුරයා මම 5. ය කුඩා අකුරු පිටුව
    මුල් කොටස
  8. රාජ සිංහ 2. අණ ඉර-හඳ 3. පවතිනා තුරා 4. බැබලීමට මු 5. තුගල් පේඩිf 6 ග් රත්න තිල 7. ක විධාන දුරයා 8. ගේ පෙලපොත
    දික් අතට ඇති පේළි
  9. සකවර්ෂ එක්වා දහස් පන්සිය පනස් අට වෙනි වර්ෂයට පැමිණි මැදින් දින පුරතියවක ලත් රවි දින පුසේ නැකැතෙන් ගන්නරුවේ සටනයට රාජසිංහ රජ තුමන් වැඩිය දින මුතුගල් පේඩිගේ රත්නතිලක විධාන දුරයා කල මුල් ආධාරයෙන්
  10. සටන ජයගත් සේකගඑම සටනයට මුල් ආධාර වූ රත්නතිලක විධාන දුරයාට රාජසිංහ රජ කරුණා කර දෙවා වදාරණ නිංඳෙගම නම් පිහිටි රට උඩපොළ ඕතට කෝරළේ ආරගොඩ එම ගමසන්නස් කොට දෙවා වදාරා මගම
  11. ඔහු අතු හම් කැඩූ මායින් නම් නැගෙන ඉරට වල් ගම යනගම බස්නාවිට පොල්පිටියද පිළිවෙළින් මොරහැල කfන්‍දන් වැල්ලෑව ද එයින් බටුගොඩ ගං මායිමද උතුරෙ තර කෝරළයට අයිති ගං මායිම ද දකුණට ගොඩිf
  12. ගාමුව යන ගමද මෙහි තුළ මැදි ගමට දකුණු කොන පිල්ලෑ කනක්තේ ගල්පොත්තේ කිරිබත්කැටය කෙක්ක රාජසිංහ රජතුමාගේ රාජපලිස බජ්ජං ඇල්ල විධාන දුරයාට රජුගෙන් ලැබුණු හත්පොට මාලේ අන්‍දම එම ගලේ විජේ
  13. යන ගල්වඩුවා විසින් සටහන් කරන්න තිලක විධාන දුරයාට භාර දෙන ලදී. මේ ඉර හඳ පවතිනාතේකට ඔහුගෙන් පවතින අයට වලන්ගුවෙන ලෙසටද අනික් කිසිම කෙනකුට වලන්ගු නැති ලෙසටද මෙම වාසගම යම්
  14. යම් රජ කලෙක දි රජ කෙනකුටවත් එහි අනකදීවත් සැලකර සිටියොත් උන් ඉල්ලන තනතුරක්දී උන් කී කරුණු ඉෂ්ඨ කරදෙන ලෙසට ද කොයිම ආණ්ඩුවකදීවත් මේ පියසෙං කිසිම දෙයක් හින්නක්කර දෙන්ට බැරි ලෙසට ද යම්
  15. රජ පෙරමුණකට හෝ රාජ සභාවට යාම ගජලත් තොප්පියක්ද කාප්ප හැට්ටයක ද මේවර වේ වැලකද කඩුවක් කස්තානයකද හතත් පොට මාලයක් කර පැලැඳීමටද අන ද ඔවුන්ට දල දා මාලග වැදීමට යන ගමනf ඇතින්නක් පිටින්
  16. සහ කැමැති වාහනයකිං පෙරට කොඩි කඩු කස හතර හතර සහ පංච ගීතයෙන් යෑමට අනද ආරගොඩ ගම වාසය වීමට එකී වරය පෙලපොතිං අන නැතුව විසීම බැරි බව වලංගු නැති අය එම පියසේ අකට යුතු කලො 9ත්, තද අච්චු දෙන ලෙසටද රාජසිංහ රජ තුමා විසින් රාජ සභාවේදී ඉහත කී විධාන දුරයාට කියවා සන්නස් කර දෙවා වදාරණ ලදී. ඓතිහාසික විස්තර වාර්තාවල දැක්වෙන අන්දමට ප්‍රතිකාල් සෙනවියා දෙවා වදාරණ ලදී. ඓතිහාසික විස්තර වාර්තාවල දැක්වෙන අන්දමට ප්‍රතිකාල් සෙනවියා සමඟ උඩරට ආක්‍රමණයකට ගිය සේනාව විසි අට දහස් හත්සියයකි. (28,700) ඉන් ජීවිතය ගලවා ගත් තිස්තුන් දෙනකු අත්අඩංගුවට ගැනිණි. ඒ අනුව විසි අටදහස් හයසිය හැටහත් (28,667) දෙනකු පේරාදෙණියේ ගන්නොරුවේ දී අවසන් ගමන් ගොස් තිබේ. රත්න තිලක විධාන දුරයා බජ්ජං ඇල්ලේ විධාන දුරයාට වශයෙන්ද සන්නසේ සඳහන් කර තිබේ. බජ්ජං යන්න බත්ගම යනු බත්සැපයූ යන්න රජ මාලිගයට වී හාල් සපයා දුන් ගමක අධීක්‍ෂණ කටයුතු කළ බැවින්ද රජුගේ අණ පනත් ක්‍රියාත්මක කිරීමේ (විධානය කිරීමේ) රාජකාරි කිරීමේ ධුරය දැරූ හේතුවෙන්ද හෙතෙම රත්න තිලක විධාන දුරයාය.
    තිලක රණශූරයාට ගම්වරය සහිත තාන්නමාන්න ද නිල බලයද ලැබීමට ඔහු එසේ මෙසේ කටයුත්තක දායකත්වයක් දැරුවේ දැයි යන්න සිතා ගැනීමටත් දුෂ්කර දෙයකි. අපේ මව් බිම පරසතුරන්ගෙන් මුදාගත් රණවිරුවන්ට ජාති ජාතිත් අපේ ප්‍රණාමය.

    අදින් (2020) වසර 382කට පමණ පෙර රත්නතිලක රණවිරුවාට ලැබුණු තඹ සන්නස පරම්පරාවෙන් පරම්පරාවට අවුත් 1900 පමණ වන විට ඔහුගේ මී මිනිපිරියකට ලැබී තිබේ. ඇගේ සැමියා බලි-තොවිල් ඇදුරෙකි. හොඳ අඩිකාරයෙකි. සල්ලි නැති වෙලාවක හෙතෙම ගෙදර තිබූ තඹ සන්නස විකුණා පොඩි අඩියක් ගසන්නට ගෙනයන්නට සූදානම් වූ විට බිරිය රණ්ඩුකර සන්නස ආරක්‍ෂා කරගත් බැවින් ඇගේ මරණයෙන් පසුව ඇගේ දියණියට එය හිමිවී තිබේ.
    චන්ද්‍රසේන මාරසිංහ
SendShareShare
Previous Post

වොල්ගාගේ පෙම්වතා මාධ්‍යයට කළ ප්‍රථම හෙළිදරව්ව

Next Post

පොහොට්ටුවට ‌මෛත්‍රිපාල නයාට අදුකොළ ‌වෙයි: පන්න පන්නා ගහන්න පටන් ගනී

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය...

Read more
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.