• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නිදහසේ වසර 72 ගැන නිදහසේ හිතමු

February 1, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
නිදහසේ වසර 72 ගැන නිදහසේ හිතමු
Share on WhatsAppShare on Facebook

72 වැනි ජාතික නිදහස් දිනය සැමරීමට ඇත්තේ තවත් දින දෙකකි. බි්‍රතාන්‍ය කිරීටයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ස්ථාපිත වීමේ දිනය අපි නිදහස් දිනය වශයෙන් සලකමු. ඒ අනුව අප එසේ අන්‍ය පාලනයකින් නිදහස ලබන්නේ 1948 පෙබරවාරි 04 වැනිදාය. නිදහස ලැබීමට පෙර, නිදහස ලැබීම සහ නිදහස ලැබීමෙන් පසු ලාංකේය ජනතාව ගත කළ ජීවන පසුබිම පිළිබඳ ආපසු හැරී බැලීමකි මේ.

නිදහසක අවශ්‍යතාව ජීවය ඇති සෑම සත්වයාගේම අයිතිවාසිකමකි. මිනිසා පමණක් නොව සත්ව සංහතියම නිදහසේ ජීවත් වීමට ප්‍රිය කරති. එනමුත් එවැනි නිදහසක් ලැබීමට භාග්‍යවන්ත වූවෝ ලෝකයෙහි විරලය. නිදහසෙහි සැනසිල්ල විඳීමට ඉඩක් නොලැබීමට බලපාන හේතු සාධක අතර දේශපාලනයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. මන්ද රාජ්‍ය අතර, ජාතීන් අතර වෛරවාදී හැඟීම් උත්සන්න වීමට ප්‍රබල හේතුවක් වන්නේ භූමි පාලනයයි. ශ්‍රී ලංකාව පිළිබඳ සැලකීමේදී මේ බව මැනවින් තහවුරු වේ.

නිදහස නොමැති කාලයක මෙහි පැමිණි ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් නිදහසේ සැනසිල්ල කාව්‍යය මගින් දැක්වූයේ “නිදහස මහ මුහුදක් වේ, එහි උල්පත පුත නුඹ වේ” යනුවෙනි. මෙයින් සමකාලීන මිනිසාට ලබා දුන් පණිවුඩය නම් නිදහසේ උපත තමන්ගෙන්ම සිදු විය යුතු බවයි. තමන් නිදහස ප්‍රිය කරන්නා සේම අන්‍යයෝ ද නිදහස ප්‍රිය කරති. බුද්ධ දේශනාවේ දී “සබ්බෙ තසන්ති දණ්ඩස්ස, සබ්බෙ භායන්ති මච්ඡුනො” යනාදී ලෙසින් දක්වා ඇත්තේද සියලුදෙනා දඬුවමට හා මරණයට බිය බවයි. එක් මොහොතක් හෝ නිදහසේ, සැනසිල්ලේ හුස්ම ගැනීමට හැකි නම් අපි සෑම දෙනාම ඊට අතිශයින් කැමැති වෙමු.

රටක් වශයෙන් හෝ ජාතියක් වශයෙන් හෝ නැඟී සිටින විට කුමන හෝ හේතුවක් මත එය ව්‍යර්ථ වී යනු අපි බොහෝ අවස්ථාවල දැක ඇත්තෙමු. ශ්‍රී ලංකාවටද සිදු වී ඇත්තේ එවැනි අවාසනාවන්ත ඉරණමකි. ශ්‍රී ලංකාවේ ජනාවාස බිහිවූදා පටන් විවිධ හේතු නිසා මෙහි ජීවත් වන්නන්ගේ නිදහස සීමා වී ඇත. කෙසේ නමුත් නිදහස වෙනුවෙන් අප සටන් වැදුණු අවස්ථා එකක් දෙකක් නොව බොහෝ ප්‍රමාණයක් පවතී. නමුත් අප ඒ සැම අමතක කොට අප ‘ජාතික නිදහස් දිනය’ වශයෙන් සමරන්නේ මීට දශක හතකට පමණ පෙරාතුව බටහිර ජාතිකයන්ගෙන් ලැබුණු නිදහසයි.

රට, ආගම, ජාතිය යන සංකල්ප ත්‍රිත්වය මිනිසාගේ රුධිරය හා සබැඳී පවතී. වර්තමානයේ පවා දරුණු ගැටුම් ලොව පැනනඟින්නේ මේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීම උදෙසාය. ජාතිකත්වය, වාර්ගිකත්වය හා ආගමිකත්වය මූලික කරගෙන පැන නඟින අරගල නිසා ලෝකයේ බොහෝ පිරිසක් මේ වන විටත් මියගොස් ඇත. සාමය, සෞභාග්‍යය අහිමි කරන ප්‍රධාන බලවේග වශයෙන් මේවා හඳුනාගත හැකිය. ඊට අමතරව බලසම්පන්න රාජ්‍ය මගින් සම්පත් සහිත කුඩා රාජ්‍යය අත්පත් කරගැනීමේ ක්‍රමවේදයක් අතීතයේ පටන් පැවත එයි. බුද්ධකාලීන භාරතීය සමාජයේද මෙවැනි වාතාවරණයක් තිබූ අතර මීට ශතවර්ෂ ගණනාවකට පෙරාතුව වුවද ලෝකයේ එවැනි අත්පත් කරගැනීම් සිදුවූ අවස්ථා දුර්ලභ නොවේ. සමහර වේලාවට යුද්ධ කිරීමෙන් තොරව ජාතිකත්වය, භාෂකත්වය පදනම් කරගෙන විශාල රාජ්‍යය කුඩා රාජ්‍යවලට කැඩී බිඳී යයි. මීට කදිම නිදර්ශනයක් ලෙසින් ඉන්දියාව නම් කළ හැකිය. බටහිර ජාතීන්ගේ අඩත්තේට්ටම්වලට නතු වූ ඉන්දියාව 1947දී නිදහස ලැබීමෙන් පසු පාකිස්ථානය, ඉන්දියාව වශයෙන් රාජ්‍යය දෙකකට කැඩී වෙන්විණි. ඉන් පසු පාකිස්ථානය නැවත බංග්ලාදේශය, පාකිස්ථානය වශයෙන් රාජ්‍යයන් දෙකකට බෙදී වෙන්විණි. මේ සඳහා බලපෑ කරුණු අතර ප්‍රබල සාධක වන්නේ ජාතිකත්වය, භාෂකත්වයයි.

ශ්‍රී ලංකාව දූපතක් වශයෙන් මෙන්ම ස්වාධීන රාජ්‍යයක් වශයෙන් අතීතයේ පටන් ස්ථාවරව පැවතිණි. විදේශීය ආක්‍රමණ එල්ල වීම සඳහා එයද එක් හේතුවක් වන්නට ඇත. එසේම දේශදේශාන්තර මුහුදු ගමන්වලදී ලංකාව කදිම නැවතුම්පළක් විය. මුහුදු සේද මාවත් අතර ලංකාව පිහිටා තිබීම නිසා විවිධ හේතු මත රාජ්‍යයන් අතර සංචාරය කළෝ මෙරටෙහි ශ්‍රී විභූතිය දැක විස්මිත වූහ. 1505 වර්ෂයේදී පෘතුගීසීන්ගේ ආගමනය සිදුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඉන් පසු ලන්දේසි ජාතිකයෝද 1796දී ඉංග්‍රීසි ජාතිකයෝ ද මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගෙන රටේ සම්පත කොල්ලකන්නට වූහ. පෘතුගීසීන්ටත් ලන්දේසීන්ටත් නොහැකි වූ බලපෑමක් කිරීමට ඉංග්‍රීසීන්ට හැකිවිය. එනම් මුහුදුබඩ පළාත් පමණක් නොව මුළු ලංකාවම තම පාලනයට නතුකර ගැනීමට 1815දී ඉදිරිපත් කළ උඩරට ගිවිසුමෙන් හැකි වීමය. ඔවුන්ගේ ආධිපත්‍යයෙන් හෙම්බත් වූ ලාංකේය ජනතාව අවස්ථා ගණනකදී මාතෘ භූමියේත් ජාතියේත් නිදහස පැතූහ.

විශේෂයෙන්ම 1817 වර්ෂයේ දීත් 1848 වර්ෂයේ දීත් මාතෘ භූමියට නිදහස උරුමකර දීමට තම ජීවිතද පරදුවට තබමින් දිවිහිමියෙන් සටන් වැදුණු යුග පුරුෂයන් ගණනාවක් හමුවේ. ඔවුන් එසේ ජීවිත පරිත්‍යාග කළේ තම පටු අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා නොව නිදහස්, නිවහල් දේශයක් ලබා ගැනීම සඳහාය. මතු උපදින දරු පරපුරට නිදහසේ හුස්ම ගැනීම සඳහාය. මෙසේ කළ උදාර කැපකිරීම්වල ප්‍රතිඵලයක් නිසා 1948දී බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබුණු බව අපි ඉතා හොඳින් දනිමු. මේ ලබාගත් නිදහස පිළිබඳ සමහරු අඩු තක්සේරුවක් ඇති කර ගත්තද රටේ නිදහස උදාකර ගැනීම සඳහා 1817 සිට ඇති වූ නිදහස් අරගල කිසිදා අමතක කළ නොහේ.

භූමියේ නිදහස උදා කරගත්තද ජාතීන් අතර විරසක වීම් ඇති වන්නේ රටේත් මෙහි ජීවත් වන සැම ජාතියකත් අවාසනාවකටමය. 1948 වර්ෂයේදී අර්ධ වශයෙන් නිදහස උරුම කරගන්නා අප 1972දී පූර්ණ නිදහසකට උරුමකම් කියන්නේය. එහෙත් 1956දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් වීමත් සමඟ කිසිදා අපේක්ෂා නොකළ අන්දමේ ජාතීන් අතර විරසකයක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතිණි. ශ්‍රී ලංකාවේ ජන සංයුතිය දෙස බැලීමේ දී උතුර නැඟෙනහිර ප්‍රදේශවල වැඩි වශයෙන් දමිළ, මුස්ලිම් ජාතීන් ජීවත් වන බවත් දකුණුකරයේ සිංහල ජාතීන් වැඩි වශයෙන් ජීවත් වන බවත් අපි දනිමු. නමුත් 1956දී ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ මේ යෝජනාව නිසා එතෙක් සුහදව සිටි ජාතීන් අතර විරසකයක් ලියලා වැඩෙමින් තිබිණි. මෙහි උච්චතම අවස්ථාව වන්නේ 1977දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය බිහි වීමය.

1948 වර්ෂයේ දී ජීවිත පරිත්‍යාගයෙන් අප ලබාගත් නිදහස දේශපාලන තීන්දු නිසා ක්‍රමයෙන් වියැකෙමින් පැවති අතර 1977න් පසුව 2009 වර්ෂය දක්වාම යුදමය වාතාවරණයක් ලංකාවේ උතුරු අර්ධද්වීපයේත් නැඟෙනහිර පළාතේ වැඩි ප්‍රදේශයකත් පැවතිණි. කෙසේ නමුත් යළිත් හමුදා සොල්දාදුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් හා 2009 වර්ෂය වන විට පැවති ආණ්ඩුව මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග නිසා මැයි මස 18 වැනි දින එකී සංවිධානය යුදමය වශයෙන් පරාජය කෙරිණි. එහෙත් කූට දේශපාලනඥයන්ගේ බලපෑම් මත සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර වෛරවාදී හැඟීම් තවදුරටත් සමනය වී නැති බව පැහැදිලිය.

ජීවිත පරිත්‍යාගයෙන්, ඉමහත් කැපවීම් කර ලබාගත් නිදහස මතු පරපුර උදෙසා රැක ගැනීම ලාංකිකයන් වශයෙන් අපගේ පරම වගකීමකි. එහිදී ජාතීන් වශයෙන් බෙදී සිටීමට වඩා රටක් වශයෙන් සියලු ජාතීන් ‘ලාංකිකයන්’ වශයෙන් නැඟී සිටීම අතිශයින් වැදගත් වේ. එහෙත් එසේ නැඟී සිටීම කෙරෙහි අතහිත දීම වෙනුවට වර්තමානයේ වුව සිදුවන්නේම වර්ගවාදී අදහස් සමාජයේ ව්‍යාප්ත කිරීමය. එය මහත් අහිතකර වෑයමකි. මිනිසාට උත්පත්තියෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය උරුම කර දුන් රටක් වශයෙන් කටයුතු කරන්නේ නම් ජීවත් වීමේ නිදහස, අදහස් දැක්වීමේ නිදහස, අභිමත ආගමික සම්ප්‍රදායක් අනුගමනය කිරීමේ නිදහස ඇතුළුව සර්වප්‍රකාරයෙන්ම නිදහස උරුම විය යුතුය. එහෙත් එසේ ‘නිදහස්, සාමකාමී පරිසරයක්’ අද අපට තිබේදැයි අපෙන්ම යළි යළිත් විමසා බැලිය යුතු කාලය උදා වී ඇත.

72 වැනි ජාතික නිදහස අභිමානයෙන් සමරන ශ්‍රී ලාංකික ජනතාව නැවත වතාවක් අතීතය සිහිපත් කර ගැනීම කාලීන අවශ්‍යතාවක් වී ඇත. ආත්මාර්ථය වෙනුවට පරාර්ථකාමීත්වය ඔප්නැංවුණු, සියලු ජාතීන් අතර සාමය, සමගිය වර්ධනය කිරීමට පෙරමුණ ගන්නා, මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කරන ජන සමූහයකගේ අවශ්‍යතාව දැන් දැන් අපට අවශ්‍ය වී ඇත. “එක මවකගෙ දරු කැල බැවිනා, යමු යමු වී නොපමා” යන සංකල්පය ජාතික ගීයට පමණක් සීමා කර සිරකර නොතබා ජාතීන් වශයෙන් සියලුදෙනා සමගි සම්පන්නව එක්සත්ව එක්සිත්ව නැඟී සිට ‘ශ්‍රී ලාංකිකයෝ’ යන අනන්‍යතාව ලෝකය වෙත පතුරුවාලීමේ සැබෑ අයිතිවාසිකම අපි මේ නිදහස් දිනයේ ඇති කරගනිමු.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

අලි කොටි මැද වස්ගමුවේ රැයක්

Next Post

ආයති ජාතික මධ්‍යස්ථානය ජනාධිපති අතින් විවෘත වේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.