PickMe සමාගමේ උපදේශක පර්යේෂණ ඉන්ජිනේරු තරිඳු කුමාරගේ මහතා පසුගියදා ඇමෙරිකාවේ Arizona State Universityහිදී සිය ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් හිමිකර ගැනීමට සමත් විය.
“ශ්‍රී ලංකාවේ කුසලතා සපිරි තරුණ තරුණියන් හඳුනාගෙන, ඔවුන්ට නිසි පළපුරුද්දක් ලබාදීම සඳහා අප නිරතුරුව උත්සාහ කරනවා. තරිඳු කුමාරගේ යනු පර්යේෂණ සම්බන්ධයෙන් සුවිශේෂී හැකියාවක් ඇති කෙනෙක්. ඒ වගේම අධ්‍යාපනය අතිනුත් වෘත්තීය අතිනුත් ඉදිරියට යෑමට ඔහු තුළ දැඩි උනන්දුවක් තිබෙනවා. තරුණ පරපුරට තම පෞද්ගලික සහ වෘත්තීය අරමුණු ළඟා කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම PickMe සමාගමේ එක් ප්‍රධාන ඉලක්කයක්. අප සමාගමේ රාජකාරිවලින් තරිඳු කුමාරතුංග වැනි තරුණයන්ට ප්‍රයෝජන රාශියක් ලබන්නට පුළුවන්. මා ඇතුළුව PickMe සමාගමේ සියලුම දෙනා තරිඳු කුමාරගේගේ සියලු අනාගත අරමුණු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.” PickMe සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා පැවසීය.











