ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව සමග ඉදිරි මැතිවරණයේදී සන්ධානගත වීම අරමුණු කරගෙන පොදුජන එක්සත් පෙරමුණ ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස නම වෙනස් කිරීමට එහි විධායක සභාව තීරණය කොට ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) රාත්‍රී ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති විධායක සභා රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.
එමෙන්ම ඉදිරියේදී දැනට එහි ලකුණ වන ‘පුටුව’ වෙනස් කිරීමටද එහිදී එකගතාව ලැබී ඇති බව දැනගන්නට ඇත.










