• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හඳ අල්ලලා 4 වෙන්න ඉන්දියාවට පුළුවන්ද

January 30, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
හඳ අල්ලලා 4 වෙන්න ඉන්දියාවට පුළුවන්ද
Share on WhatsAppShare on Facebook

ලෝකයක් කම්පා කරමින් අනාරක්ෂිත නළ ළිඳක කුහරයක් තුළට ඇද වැටී සුජිත් නම් කුඩා දරුවකු මියගොස් තවමත් මාස තුන හතරකි. ඒ අසල්වැසි රට වූ ඉන්දියාවේ තමිල්නාඩුව ප්‍රාන්තයේය. තමිල්නාඩුව වාර්තා කරන අන්දමට ගත වූ වසර කිහිපය තුළ කුඩා දරුවන් ගණනාවක්ම එරට මෙවැනි අනාරක්ෂිත නළ ළිං කුහර තුළට ඇද වැටී මියගොස් තිබේ. එනිසා එම අනාරක්ෂිත නළ ළිං කුහර වැසීම දැන් ඉන්දීය රජයේ පැහැදිලි වගකීමකි. නමුත් සිදුවෙමින් පවතින්නේ එය නොවේ. මන්ද අසල්වැසි ඉන්දියාවේ සූදානම දැන් සඳට යන්නටය. ඉන්දියාව සඳට යන්නට දරන ඒ වෑයම එදා අනාරක්ෂිත නළ ළිං කුහරයට ඇද වැටුණු සුජිත් නම් දරුවා බේරාගැනීමට දැරුවා නම් ඔහු අදටත් ජීවතුන් අතරය. කෙසේ හෝ මෙහි තවත් අතුරු කතාවක්ද තිබේ. එය නම් මෙසේ ඉන්දියාව සඳට යන්නට සූදානම් වන්නේ දෙවැනි වතාවටය. මුල් වතාවේ සඳට යෑමේ බලාපොරොත්තු සුන්කර ගැනීමට ඉන්දියාවට සිදුවිය. එනිසා මෙවර ඔවුන්ගේ වෑයම සඳටම යන්නටය.

පසුගිය වසරේ මුල්ම වතාවට සඳ වෙත යන්නට ඉන්දියාව කටයුතු කළේ ඒ “චන්ද්‍රයන් 2” යනුවෙන් නම් කළ යානයෙනි. එහෙත් ඉන්දියානු ඉතිහාසය තුළ පළමුවැනි වතාවට යානයක් සඳ මත ගොඩබැස්සවීමේ අරමුණ “චන්ද්‍රයන් 2” හරහා එදා ඉටුවූයේ නැත. එයට හේතුව පසුගිය වසරේ සැප්තැම්බර් 06 වැනිදා යානය කඩාගෙන වැටීමයි. ඉන්දියානු රුපියල් බිලියන දහයක් පමණ වැය කර සඳ අල්ලන්නට දැරූ ඒ උත්සාහය එදා සිහිනයක් වූයේ එසේය. එය ඔවුන් සිතූ පරිදි සාර්ථක කරගන්නට නොහැකි විය. එදා “චන්ද්‍රයන් 02” ව්‍යාපෘතිය කොටස් තුනකින් සමන්විත විය. ඊට අයත් වූයේ සඳ වටා ගමන් කරන ධරඉසඑදර යානයත් සඳ මත ගොඩබසින ඛ්බාැර යානයත් සඳ මත ගමන් කර තොරතුරු රැස්කරනා ඍදඩැර නම් යානයත්ය. කෙසේ වුවද සඳ වටා ගමන් කරන ධරඉසඑදර යානය තවමත් නිරූපද්‍රිතව සඳ වටාම ගමන් කරමින් තිබෙන අතර අනෙකුත් යාන ද්විත්වයම එදා විනාශ විය.

එදා එසේ “චන්ද්‍රයන් 2” අභ්‍යවකාශ ව්‍යාපෘතිය ඉන්දියාවේ හඳ වෙතට යෑමේ ඒ බලාපොරොත්තු සුන් කරද්දී “චන්ද්‍රයන් 3” අභ්‍යවකාශ ව්‍යාපෘතිය දැන් දැන් සූදානම් වන්නේ එම සුන් වූ බලාපොරොත්තුවට යළි ජීවය එකතු කිරීමටය. ඒ සඳහා ඉන්දියාව දැන් ලහි ලහියේ සූදානම් වෙන අතර එම ව්‍යාපෘතිය නම් කර තිබෙන්නේ “චන්ද්‍රයන් 3” නව අභ්‍යවකාශ ව්‍යාපෘතිය යනුවෙනි. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ මෙම වසරේ කෙසේ හෝ සිය අරමුණ වෙත ගමන් කිරීමය. ඒ බව මාධ්‍ය වෙත පවසන ඉන්දියානු අභ්‍යවකාශ ගවේෂණ සංවිධානයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරනා කේ. සිවන් මහතා පවසන්නේ තම රටේ නව අභ්‍යවකාශ ව්‍යාපෘතිය ඉතා සාර්ථකව මේ වෙනවිට සිදුකරමින් පවතින බවයි. එමෙන්ම ඔහු පවසන්නේ බොහෝ විට මෙම 2020 වසර අවසානයේ හෝ 2021 වසරේ මුල් මාස කිහිපය තුළ “චන්ද්‍රයන් 3” සඳ මතට ගමන් කරනා බවයි. මේ අතර ඉන්දියාවේ “චන්ද්‍රයන් 3” අභ්‍යවකාශ ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ලෝකයේ සඳ මතට ගිය සිව්වැනි රට ලෙස ඉන්දියාව ඉතිහාස ගතවෙනු ඇත.

ලෝක ඉතිහාසය තුළ අදටත් සඳ මතට යානයක් ගොඩබස්සවා ඇත්තේ රටවල් තුනක් පමණි. ඒ පිළිවෙළින් ඇමෙරිකාව, රුසියාව මෙන්ම චීනයයි. මේ අතර ඇමෙරිකාව සහ රුසියාව 1966 වසරේදී මෙසේ සඳ මතට යානයක් ගොඩබස්සවා ඇති අතර චීනය 2013 වසරේදී සඳ මත යානයක් ගොඩබස්සවා තිබේ. මේ අතර ඉන්දියාව “චන්ද්‍රයන් 2” නමින් සිදුකරන ලද අභ්‍යවකාශ ව්‍යාපෘතිය එදා අසාර්ථක වෙද්දී ලොව තවත් ප්‍රබල රටක් වෙන ඊශ්‍රායලයද පසුගිය වසරේදී එවන් අසාර්ථක උත්සාහයක් ගනු ලැබීය. ඒ ඊශ්‍රායලය සිදුකළ “බෙරෙෂීට් 1” නම් අභ්‍යවකාශ ව්‍යාපෘතියයි. එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සඳ මතටම කඩා වැටුණු අතර දැන් ඔවුන්ගේ සූදානම යළිත් වරක් අළු ගසා නැඟිට “බෙරෙෂීට් 2” නමින් අලුත් අභ්‍යවකාශ ව්‍යාපෘතියකට අත ගැසීමයි. ඊශ්‍රායලය සිදුකරන එම “බෙරෙෂීට් 2” නම් අලුත් අභ්‍යවකාශ ව්‍යාපෘතිය ගැන එතරම් විශ්වාසයක් නොවුණද ඉන්දියාවේ “චන්ද්‍රයන් 3” අභ්‍යවකාශ ව්‍යාපෘතිය බොහෝ දුරට මෙවර නම් සාර්ථක වීමේ සම්භාවිතාව වැඩිය. ඒ අනුව ඉන්දියාව මෙම වසරේදී හෝ ලබන වසරේදී සඳ මතට යනු ඇත.

මේ අතර දැනට ඉන්දියානු අභ්‍යවකාශ ගවේෂණ සංවිධානයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන කේ. සිවන් මහතා පවසන්නේ “චන්ද්‍රයන් 3” නම් අභ්‍යවකාශ ව්‍යාපෘතිය සඳහා අසාර්ථක “චන්ද්‍රයන් 2” අභ්‍යවකාශ ව්‍යාපෘතියට වැයවූ ඉන්දියානු රුපියල් බිලියන දහයක වූ මුදලක් වැය නොවනා බවයි. ඔහු පවසන පරිදි “චන්ද්‍රයන් 3” අභ්‍යවකාශ ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු මුදල ඉන්දියානු රුපියල් බිලියන හයකි. ඔවුන්ට අද එහිදී ඉන්දියානු රුපියල් බිලියන හතරක වෙනසක් සිදුවන්නේ මුලදී අප පැවසූ පරිදි “චන්ද්‍රයන් 2” විනාශ වුවද එහි එක් කොටසක් වෙන ධරඉසඑදර යානය තව දුරටත් සඳ වටාම ගමන් කරමින් තිබීමයි. එනිසා එම කොටස යළි “චන්ද්‍රයන් 3” සමඟින් එකතු කරන්නේ නැත. ඒ අනුව “චන්ද්‍රයන් 3” සමඟින් ඉහළ යැවෙන්නේ සඳ මත ගොඩබසින ඛ්බාැර යානය සහ සඳ මත ගමන් කරමින් තොරතුරු රැස්කරන නව ඍදඩැර යානයක් පමණි.

ඉන්දියානු අභ්‍යවකාශ ගවේෂණ සංවිධානය එදා අසාර්ථක “චන්ද්‍රයන් 2” අභ්‍යවකාශ මෙහෙයුමට වඩා සිය දහස් ගුණයකින් නව “චන්ද්‍රයන් 3” අභ්‍යවකාශ මෙහෙයුම වෙනුවෙන් බලාපොරොත්තු රඳවාගෙන සිටිති. ඉන්දියානු අභ්‍යවකාශ ගවේෂණ සංවිධානයේ වත්මන් සභාපතිවරයා වෙන කේ.සිවන් මහතා මාධ්‍ය වෙත පවසන්නේ තමන්ගේ කණ්ඩායම පෙරටත් වඩා උද්‍යෝගයකින් යුතුව නව මෙහෙයුම සඳහා ඉදිරිපත් වී සිටිනා බවයි. මේ අතර “චන්ද්‍රයන් 2” අභ්‍යවකාශ මෙහෙයුම අසාර්ථක වූ අවස්ථාවේදී ඉන්දීය වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාද එදා ඉන්දියානු අභ්‍යවකාශ ගවේෂණ ආයතනය වෙත එසේ පැමිණ තිබුණේ “චන්ද්‍රයන් 2” සඳ මතට ගොඩබසිනා ආකාරය සියැසින්ම දැක ගැනීමටය. එහෙත් අවසානයේ අදාළ යානය කඩාගෙන වැටිණි. එහිදී නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියානු අභ්‍යවකාශ ගවේෂණ සංවිධානයේ සිටින වත්මන් සභාපතිවරයා වැලඳගෙන ඔහුව සැනසූ බව සඳහන්ය. එම වැලඳගැනීම “චන්ද්‍රයන් 3” අභ්‍යවකාශ මෙහෙයුම දියත් කිරීමට තරම් උත්තේජනයක් වූ බව සභාපතිවරයා මාධ්‍ය වෙත පවසා තිබේ.

මෙම “චන්ද්‍රයන් 3” අභ්‍යවකාශ මෙහෙයුම එසේ සිදුවෙද්දී “ගගන්යාන්” යන නමින් තවත් අභ්‍යවකාශ මෙහෙයුමකට දැන් ඉන්දියාව සූදානම්ය. එම නවතම “ගගන්යාන්” අභ්‍යවකාශ මෙහෙයුම තුළදී සිදුවන්නේ මුල්වතාවට අභ්‍යවකාශය වෙත ඉන්දියාව මිනිසුන් යැවීමයි. එම මෙහෙයුමද දැන් ආරම්භ වී ඇති අතර බොහෝ විට එය 2023 වසරේ පමණ සිදුවිය හැකිය. ඒ සඳහා දැනට විශේෂ අජටාකාශගාමීන් සිව්දෙනෙක් තෝරාගෙන ඇති අතර ඔවුන්ට පුහුණුවීම්ද ආරම්භ කර ඇත. මේ අතර මුලින්ම සඳ මතට පා තැබූ මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තබමින් මුලින්ම පවසා සිටියේ “මෙය කුඩා මිනිසකුගේ එක් කුඩා පියවරක් පමණක් වුවත් මෙය මිනිස් සංහතියම ඉදිරියට තැබූ වේගවත් පිම්මක් වෙනු ඇති බවයි” යනුවෙනි. අද එම කතාව සැබෑවක් වී ඇත. ඒ අනුව ඉන්දියාව අරඹා ඇති මෙම සඳ ඇල්ලීමේ මෙහෙයුම් සාර්ථක වුවහොත් එය මුළු ලෝකයක්ම ලැබූ ජයග්‍රහණයකි.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

අත්දුටු මන්තර ගුරුකම්

Next Post

යුනියන් ඇෂුවරන්ස් වෙතින් ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.