දියුණුව ඇති වීමට,
සම්පත් ලාභි ජය
ඕං හ්‍රීං කාලිං මහා ලක්ෂ්මී
ඒහි ඒහි සර්ව සෞභාග්‍යයම්
දේහි මේ ඒස්වාහඃ
නිතර සිතෙන් කියවන්න. ඔබේ අතමිට මිලමුදල් ගැවැසේ. ව්‍යාපාර කරන විට කියන්න. දියුණුව ඇතිවේ.
ප්‍රිය දර්ශන වශිය
ඕං නමෝ ශ්‍රී ප්‍රියේ ස්වාහඃ
නොඉඳුල් පොල්තෙල් පහනක් දල්වා ඉහත මන්ත්‍රය 21ක් වරක් කියා එම තෙල් නළලේ ගාගෙන මංගල ගමන හෝ සුබ කටයුතු සඳහා සඳහා පිටත්වන්න. සාර්ථක වනු ඇත.
අදහස් ඉටුවීමට
නමෝ සිද්ධි මහන්ථි
තිහනත් ෂතිස්වත
ඉඟුරු කැබැල්ලකට මතුරා හපා නඩුවට යනු. ණය ගැනීමට, දුන් ණය ගැනීමට, තමන්ට අවශ්‍ය කාරණා ඉටුකර ගැනීමට යන්න. වහා ඉෂ්ට වෙයි.
අනතුරු සහිත සතුන් සර්පයන් ගෙට නොඒමට ගුරුකමක්
ඕං පොඩිච්චි ස්වාමියා ඕඩු ඒස්වාහඃ
හුඹස් පස්වලට මතුරා නිවෙස වටේට ඉසින්න.
වන සතුන්ගෙන් වගාවලට, හේන්වලට, බුලත් වගාවට, මල් වගාවට වන හානි වැළකීමට
ගුප්තමය වැඩ කටයුත්තක්
ඕං හනුමා ජගරේ හනුමා පෝ අප්පා හනුමා පෝ සිං හ්‍රීං යං කිංචි ලෝකේ විජ්ජාචරණේ ස්වාහඃ
නොපෑඟුණු වැලි ගෙන මේ මන්ත්‍රයෙන් 108 වර මතුරා ඉසින්න. හානිය වැළකේ.
කුඹුරු හානියට, ගොවිපොළටත් යහපත්ය
අලුයම මා නැකැතින් ගසක මුලක් ගලවා කතා නොකර සිටුවන්න.
උඳුගොව්වා කනවාට
දේවදාර කෑල්ලක් දෙහි ඇඹුලින් උරච්චි කර ආලේප කරන්න.
යුගදිවිය සාර්ථකවීමට
වැල්මී, උක්හකුරු, අමුක්කරා, කිරිබදු අල අඹරා එළකිරිවලට දමා උදේ සවස බොන්න.
කම්සැප වර්ධනයට
ඉදුණු අ`ඵකෙසෙල් ගෙඩියට අමුක්කරා උක් හකුරු දමා කන්න.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











