
යාපනය විශ්ව විද්‍යාලයීය වවුනියා මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යා පීඨ තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා පරිගණක සංසදයේ සිසුන් විසින් සිව්වැනි වරටත් සංවිධානය කරන ලද Hackintra 2020 නවමු සංකල්ප යටතේ මෘදුකාංග නිර්මාණ තරගය මෙම 18 සහ 19 දිනයන්හිදී ජාතික විද්‍යා පදනමේ ප්‍රධාන අනුග්‍රහයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයෙදී පැවැත්විය.
විශ්වවිද්‍යාල 13ක් නියෝජනය කරමින් කණ්ඩායම් 35ක් තම සංකල්ප ඉදිරිපත් කළ අතර එයින් කොළඹ, නැඟෙනහිර, සබරගමුව හා යාපනය විශ්වවිද්‍යාලය කණ්ඩායම් 12 අවසාන වටය සඳහා තේරී පත්විය.
අනාගත තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ සීමා අතික්‍රමණයට සැරසෙන නවමු සංකල්ප රාශියක් ඉදිරිපත්වීම මෙම තරගයේ සුවිශේෂීත්වයයි.
මේ හා සමගාමීව එක් දින වැඩමුළුවක්
(Twists N Turns) සහ ESport තරගාවලියක්ද සංවිධානය කර තිබිණි.
මෙම එක් දින වැඩමුළුව සඳහා Insfra Technologies ආයතනය අනුග්‍රහය දක්වයි. ඒ සඳහා තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයන් රාශියක්ද එක්විය.











