ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Daraz ශ්‍රී ලංකා ආයතනය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳ ගනිමින් අන්තර්ජාලය හරහා සමෘද්ධි ප්‍රතිලාභී ස්වයං රැකියා නියුක්තිකයන්ගේ හා අනෙකුත් ග්‍රාමීය ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කිරීමට සූදානම් වෙයි. මේ යටතේ ග්‍රාමීය ව්‍යවසායකයන්, Daraz සමඟ එක්ව සිටින 25,000කට අධික සාර්ථක විකුණුම්කරුවන් අතරට එක්වන අතර මිලියන 1.5කට අධික Daraz.lk දීප ව්‍යාප්ත පාරිභෝගික ජාලය වෙත ඔවුන්ගේ නිෂ්පාදන සමීප කෙරේ.
ලොව ප්‍රමුඛ පෙළ බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන Alibaba සමූහයට අයත් Daraz.lk සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අතර මේ සඳහා වන අවබෝධතා ගිවිසුම 2020 ජනවාරි මස 9 වැනිදා කොළඹදී අත්සන් කෙරිණි.











