කොළඹ මහ නගර සභාව, ජෝන් කීල්ස් පදනම සහ ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමඟින් එක්ව 2019 දෙසැම්බර් 9 වන දින කොළඹ 02හි නව ද මෙල් පාර්ක් ප්‍රජා මධ්‍යස්ථානය විවෘත කරන ලදී.
කොළඹ මහ නගර සභාව සහ කොළඹ නගරාධිපති ගරු රෝසි සේනානායක මහත්මිය විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා ජෝන් කීල්ස් සමූහයේ සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනම අරමුදල් සපයන ලද අතර ජෝන් කීල්ස් ප්‍රොපටීස් ආයතනයේ සමාජ වගකීමක් ලෙස මෙය ඉදි කරන ලදී. මෙම ව්‍යාපෘතිය, ජෝන් කීල්ස් පදනමෙහි ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන වන ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන සමඟින් පෙළගැසී ඇත. ඒ හරහා ජෝන් කීල්ස් සමූහයේ ව්‍යාපාරික ස්ථානවල ප්‍රජාවන් සමඟ දිගුකාලීන සහ තිරසාර සමාජ බලගැන්වීමේ ව්‍යාපෘති කරෙනු ලැබේ.











