සිය ඩිජිටල් පරිවර්තනයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලාන් බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රයේ SD-WAN (Software Defined Wide Area network) තාක්ෂණය භාවිත කරන ප්‍රථම බැංකුව බවට පත් විය. Citrix සහ V S Information Systems (පුද්.) සමාගම සමඟ අත්වැල් බැඳගෙන සෙලාන් බැංකුව මෙම තාක්ෂණය භාවිත කිරීම ආරම්භ කර තිබේ.
ලොව තාක්ෂණයන්ගේ දියුණුවත් සමඟ බැංකු ක්ෂේත්‍රය සිය ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ සේවා තත්ත්වය වැනි විවිධ අංශයන් වැඩිදියුණු කිරීම සඳහා එම තාක්ෂණයන් භාවිතයට ගැනීමට යොමුවෙමින් සිටී. තම ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සහ ගනුදෙනුවල වැඩි ආරක්ෂාවක් සමගින් බැංකුකරණ අවශ්‍යතා වඩාත් හොඳින් සපුරා ගැනීමට අවස්ථාව සලසා දීම මෙහි මූලික අරමුණ වී තිබේ.











