අධිකරණයට සිදු කළ බලපෑමක් සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වෙන් පුරවැසියකු ලෙස තමා වික්ෂිප්ත වූ බවත්, එම අනාවරණය පිළිබදව කතානායකවරයා සහ අගවිනිසුරුවරයා විසින් සොයා බලා රටට කරුණු අනාවරණය කළ යුතු බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කර සිටියේය.
අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේය.