පලස්තින ජනතාවට දශක ගණනවක් සිදුවු අසාධාරණය වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව පලස්තීන ජනතාව සමග සිට ගන්නා බවත් මේ මෘග්ධ ප්‍රහාර හා සංහාර වහා නතර කරන ලෙස ඊශ්‍රායල් රජයට චෝදනා මුඛයෙන් අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මිනිමරු ආණ්ඩුවක් ලෙස ඊශ්‍රායල් රජය පලස්තීන ජනතාවගේ ජන ජීවිත සහමුලින්ම විනාශ කර ඔවුන්ගේ ජන්ම භූමිය විනාශ කර රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාව වෙනුවෙන් සිදු කරන ප්‍රහාරය හෙලා දකිනා බවත් එයට විරුද්ධව ලෝකයා ඉදිරියේ සිට ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පලස්තීනුවන් වෙනුවෙන් සහාය පළ කරමින් කොළඹදි පැවැති විරෝධතාවක් අතරතුරය.
වහාම සටන් විරාමයට ගොස් කුසගින්නේ බඩගින්නෙන් සිටින පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතු බවත් මේ මිනිමරු ක්‍රියාවලිය හෙලා දකින බවත් මේ රාජ්‍ය ත්‍රස්තවාදය හෙලා දකින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පිට පිටම ඊශ්‍රායල් රජය සාකච්ඡා බැහැර කර පලස්තීනුවන්ගෙ නිජබිම විනාශ කරණ රාජ්‍ය ත්‍රස්තවාදය හෙලා දකින බවත් මේ මිනිමරු ත්‍රස්තවාදයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායල් අගමැතිවරයාට කියා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.









