සිය දේශපාලන දිවිය තුළ තුන්වන ජනපති විමර්ශන කොමිසමටද මුහුණ දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිනයේදී වාර්තාවක් තැබීය.
ඒ අනුව අද දිනයේදී වික්‍රමසිංඒ මහතා 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීම සිදු කළේය.
මීට පෙර වික්‍රමසිිංහ මහතා චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ බටලන්ද සම්බන්ධයෙන් සොයා බැලූ ජනපති කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර ඉන්පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමටද කටයුතු කළේය.