සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගන්නා බව ප්‍රකාශ කළ මත විමසුම සකස් කොට ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ බිරිදට අයත් ‘පෙපර් කියුබ්’ නමැති සමාගමකින් බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය පුරාම සජිත් පාර්ශ්වය හා අගමැතිවරයාගේ පාර්ශ්වය සමග පැවැති සාකච්ජාවලදී ප්‍රේමදාස පාර්ශ්වය සජිත් ජයගන්නා බවට තහවුරු කිරීමට ඉදිරිපත් කරනු ලැබූයේ මෙම මතවිමසුමය.
හර්ෂද සිල්වා මහතා මේ වනවිට උග්‍ර සජිත් හිතවාදියකු ලෙස පෙනී සිටින අතර ඒ මහතාට අයත්ව තිබූ මෙම සමාගමේ කොටස් 2015 වසරේදී සිය බිරිදගේ නමට හුවමාරු කොට ඇති බව දැනගන්නට ඇත.