දකුණු ඉන්දියාවේ සුපිරිතම නළුවා ලෙස සැලකෙන රජ්නි ඛාන්ත් මෙම මස අවසානයේදී විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බව දකුණු ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.
එළඹෙන දෙසැම්බර් 31 වන දින රජ්නි ප්‍රකාශයට පත්කිරීමට සූදානමින් සිටින්නේ සිය නායකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන පක්ෂය පිළිබදවය.
ඒ අනුව 2021 වසරේ ජනවාර් 01 දින සිට තම පක්ෂය දේශපාලන කටයුතු අරඹන බව රජ්නි ප්‍රකාශ කොට තිබේ.
‘මම සියල්ල වෙනස් කිරීමට සූදානම්. දැන් බැරි නම් කවදාවත් බෑ’ යනුවෙන් රජ්නි ඒ සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශ කොට ඇත.











