ලබන සතියේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජී-7 (G7) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, වයස අවුරුදු 16ට අඩු සහ යොවුන් කණ්ඩායම් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට කැනඩා රජය නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.Sri Lanka Latest News
පසුගිය වසරේ අගභාගයේදී ඕස්ට්‍රේලියාව විසින් පැනවූ සමාජ මාධ්‍ය තහනමට සමාන වුවත්, කැනඩාවේ මෙම නව නීතිය තුළ තාක්ෂණික සමාගම් සඳහා සුවිශේෂී සහනදායී ප්‍රතිපාදනයක් ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව, යම් සමාජ මාධ්‍ය ආයතනයක් විසින් බාලවයස්කරුවන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව සනාථ කරන්නේ නම්, ඔවුන්ට මෙම තහනමෙන් මිදීමට අවස්ථාව හිමිවෙනවා.
මෙම ඓතිහාසික සුරක්ෂිත සමාජ මාධ්‍ය පනත’ (Safe Social Media Act / Bill C-34) කැනඩා පාර්ලිමේන්තුව (House of Commons) වෙත ඉදිරිපත් කරනු ලැබුවේ එරට සංස්කෘතික අමාත්‍ය මාර්ක් මිලර් (Marc Miller) විසින්.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ අන්තර්ජාලය හේතුවෙන් ‘බාල වයස්කරුවන් මියයන’ බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සෑම දැඩි පියවරක්ම ගන්නා බවයි.










