පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇත්තේ ඉන්දියවේ විශිෂ්ටතම සාහිත්‍යධරයකු වන ආචාර්ය ගංගා ප්‍රසාද් විමල් මහතා බව මේ වනවිට ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
එම අනතුරින් ගංගා ප්‍රසාද් මහතාගේ දියණියක සහ මූනුපුරකු මියගොස් ඇති අතර රථය පදවා ඇත්තේ මෑතකදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ නිවේදක හේමනලින් කරුණාරත්න මහතාගේ සොහොයුරකු බවද දැනගන්නට තිබේ.
දෙස් විදෙස් සම්මාන රාශියකට හිමිකම් කියන ප්‍රසාද් මහතා 2016 වසරේ උත්තර් ප්‍රදේශ් මහත්මා ගාන්ධි සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.










