ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඉකුත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කරමින් ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කොට ඇත.
colombo telegraph වෙබ් අඩවියට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් හූල් මහතා මෙම අදහස් පළ කර තිබේ.
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රීය මහතා එම කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් ව්‍යවස්ථාදායක සභාව වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන ඇති බවක්ද දැනගන්නට ඇත.