රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක සාකච්ජාවක් මේ මොහොතේ පැවැත්වෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
කතානායක නිල නිවෙසේ මෙම හමුව පැවැත්වෙන බව දැනගන්නට තිබේ.
පසුගිය අගහරුවාදා මේ ආකාරයටම රනිල්-සජිත්-කරු හමුවක් සූදානම් කර තිබුණද ඊට සජිත් ප්‍රේමදාස මහතා එක්වීමෙන් වැළකී සිටියේය.
කෙසේවෙතත් මේ වනවිට පැවැත්වෙන සාකච්ජාවේදී වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂ නායක ධූරයෙන් යන දෙකෙන්ම ඉවත් වන ලෙසට දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බවක් දැනගන්නට ඇත.
ඒ අනුව බොහෝදුරට වික්‍රමසිංහ මහතා එම තනතුරු දෙකෙන්ම ඉවත්වීමට කටයුතු කරනු ඇති බවද වාර්තා වේ.










