• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මහත්තයා අමෙරිකාවේලු: තාත්තා ඉන්දියාවේලු: ආච්චි සීයා යාපනේලු: කමලා අයිති අපිටද?

November 19, 2020
in News, Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
මහත්තයා අමෙරිකාවේලු: තාත්තා ඉන්දියාවේලු: ආච්චි සීයා යාපනේලු: කමලා අයිති අපිටද?
Share on WhatsAppShare on Facebook

“අපි ඒක කළා ජෝ, අපි ඒක කළා. ඔබ තමයි ඇමෙරිකාවේ ඊළඟ ජනාධිපතිවරයා. ඔබට මේක විශ්වාස කරන්න පුළුවන්ද?” (we did it Joe, we did it. You are going to be the next President of America, can you belive this.)
ඉතාමත් ළයාන්විත කටහඬින් ප්‍රමෝදයට පත්ව හඬ නඟන මේ ගැහැනිය කවුද? අප කතා කරන විලාසයෙන් පෙනෙන්නේ සැබැවින්ම ඇය සුරතල්, ළෙන්ගතු ගැහැනියක ලෙසිනි. මෙම දිනවල සයිබර් අවකාශය (අන්තර්ජාලය) සිසාරා යමින් අප ඉදිරියට එන මෙම වීඩියෝ දසුන මේ වන විටත් කිසිවකුගේ මතකයෙන් ගිලිහී නැත. එක්තරා සුවිශේෂී මිනිසකුට මෙසේ ආදරයෙන් කතා කරන මෙම සුරතල් ගැහැනිය ගැන වගතුග ලෝක කරළියට එන්නේ දැනට දින කිහිපයක සිටය. ඇය ගැන යම් සමාජයක් තොරතුරු දැන සිටියත්, ලෝකයේ සිටින පොදු මිනිසා ඇය ගැන හරියාකාරව දන්නේ පසුගිය සතියක, දෙකක පමණ කාලයක සිටය. ලොවම අමන්දානන්දයට පත්කර සිටින මෙම අපූරු, සුරතල්, ඡායාකාන්ත ගැහැනිය කවුද?
කමලා දේවි හැරිස් ඇයගේ සම්පූර්ණ නාමය වෙයි. ඇය ඡායාකාන්ත වුවත් සුරතල් වුවත් ඇය සුකුමල තරුණියක් නම් නොවේ. ඇයගේ දැන් වයස අවුරුදු 56කි. එහෙත් ඇය සැබැවින්ම සුකුමලය. කමලා දේවි හැරිස් යනු දේශපාලනයෙන් ලොව අමන්දානන්දයට පත්කළ අතිශය අපූරු ගැහැනියකි. ලෝකයේ මහා බලවත්ම රාජධානිය වන ඇමෙරිකාවේ දොරකඩින් ඇය මේ වන විට ලෝක කරළියට පැමිණ සිටින්නීය. පසුගියදා ඇමෙරිකාවේදී අවසන්වුණු 46 වැනි ජනාධිපතිවරණයෙන් ඇය තේරී පත්වූයේ ඇමෙරිකාවේ ප්‍රථම උප ජනාධිපතිවරිය ලෙසිනි. ඇයට සමගාමීව මෙවර ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ ජෝ බයිඩන්ය. ඒ අනුව ජෝ බයිඩන් සමඟ එකට එක්ව ඇමෙරිකාවේ රාජ්‍ය පාලනයට සැරසෙන්නේ කමලා හැරිස්ය.
කමලා හැරිස් වෙනත් ගැහැනියකට වඩා සුවිශේෂී වන්නේ යම් හේතුසාධක කිහිපයක් හරහාය. ඇය පොදුවේ ගත්කල ඇමෙරිකානු පුරවැසියකු වෙයි. එහෙත් ඇයගේ ජීවිතය නිර්මාණය වී ඇති ‘ජාතික සම්භවය’ ඉතාම සුවිශේෂී එකක් වෙයි. ඇය එක එල්ලේම ඉන්දියානු සම්භවයක් ඇති ගැහැනියක වන අතර, එයද දකුණු ඉන්දියානු දමිළ සම්භවයකි. කමලාගේ මව දකුණු ඉන්දියානු දුෂ්කර දමිළ ගමක උපන් කාන්තාවක වූ අතර, ඇය අවුරුදු 19ක් වැනි තරුණියකව සිටියදී අධ්‍යාපන කටයුතු සඳහා එකල ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇත. ඇයගේ නම ශ්‍යාමලා ගෝපාලන් වූ අතර, ඇය පාසල් වියේදීම අධ්‍යාපනයට අතිශය දක්ෂ සිසුවියක වූවාය. ශ්‍යාමලාගේ පියා වන පී.වී. ගෝපාලන් ඉන්දියානු රජයේ උසස් නිලධාරියකු විය. ඔහු තමිල්නාඩුවේ තුලාසෙන්තිරාපුරම් නම් ගම්මානයේදී උපත ලැබුවත් ඔහුගේ පාරම්පරික සම්භවය ඉන්දියානු ඉහළ කුලයක් වූ ‘බ්‍රාහ්මින්’ කුලය විය. ඉන්දියාව යනු කුල ගොත් මහත් ඉහළින් අගයන රටක් වන අතර, ඒ නිසාම ශ්‍යාමලාගේ දෙමාපියන්ටද සමාජයේ ඉහළ සැලකීම් හිමිව තිබිණි.

ශ්‍යාමලාගේ පියා පී.වී. ගෝපාලන් ඉන්දියානු රජයේ ඉහළ සිවිල් නිලධාරියකු වූ අතර අමාත්‍යාංශ කිහිපයක ස්ථිර ලේකම් ධුරයද දැරීය. මේ නිසාම ඔහුට ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක සේවය කිරීමට සිදුවූ අතර, තම බිරිය සහ දරුවන් සමඟ එම ප්‍රදේශ වෙත සංක්‍රමණය වූයේය. මෙම කාලයන් අතරතුරදී ශ්‍යාමලාගේ අධ්‍යාපනික දස්කම් උදෙසා ඇයට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා දිල්ලි රාජ්‍ය විශ්වවිද්‍යාලය වෙත ඇතුළත් වීමට වාසනාව ලැබිණි. ඇය එහිදී විද්‍යාවේදී උපාධිය හිමිකර ගත්තාය. ඇය ඉන් පසුව හදිස්සියේම අපූරු ක්‍රියාවකට යොමුවුණාය. එනම් ඇය තවත් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ලෝකයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය වෙත අයැදුම්පත් යොමු කළාය. ශ්‍යාමලාගේ ඉන්දියාවේ අධ්‍යාපනික සුදුසුකම් නිර්ණය කළ ඇමෙරිකානු විශ්වවිද්‍යාලය ඇයට එහි අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදුන්නේය. අවසානයේදී 1958 වසරේදී ඇය ඇමෙරිකාවට පැමිණ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය සහ දර්ශනසූරී උපාධියද හිමිකර ගත්තාය.
ශ්‍යාමලා ගෝපාලන් කැලිෆෝනියා විශ්වවිද්‍යාලය වෙත පැමිණි ජැමෙයිකානු ජාතිකයකු වන ඩොනල්ඞ් හැසිරි නමැති ශිෂ්‍යා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නේ මෙම කාලයේදීය. ඔවුන් දෙදෙනා උසස් අධ්‍යාපනය හදාරා 1963 වසරේදී විවාහ දිවියට පත්වෙයි. මෙම විද්වත් තරුණ යුවළට දරුවන් දෙදෙනකු ලැබුණු අතර, ඔවුන් දියණියන්ය. එම වැඩිමහල් දියණිය කමලා දේවි හැරිස් වූ අතර, දෙවැන්නා මායා ලක්ෂ්මී හැරිස් විය. කෙසේ හෝ මෙම හැරිස් යුවළේ විවාහ ජීවිතය වසර 08කට පමණක් සිමාවූ අතර ඔවුන් 1971 වසරේදී දික්කසාද විය. කෙසේ හෝ එවිට 33 වැනි වියෙහි සිටි ශ්‍යාමලා හැරිස් නැවැත විවාහ නොවූ අතර, ඇය තම දියණියන් දෙදෙනාට නිසි අධ්‍යාපනය ලබාදෙමින් සැබෑ මවක ලෙස කටයුතු කළාය. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් 2009 වසරේදී පියයුරු පිළිකාව හේතුවෙන් ශ්‍යාමලා හැරිස් මියගිය අතර, එවිට ඇය 70 වැනි වියෙහි පසුවූවාය. මෙලෙස ආචාර්ය ශ්‍යාමලා හැරිස් ජීව විද්‍යාඥයකු ලෙස කටයුතු කළද, ඇයගේ දියණියන් දෙදෙනාම උසස් අධ්‍යාපනය ප්‍රගුණ කළේ නීති විද්‍යාව කේන්ද්‍ර කරගනිමින්ය. දෙදෙනාගේම වෘත්තියද නීතිඥ වෘත්තිය විය.
ගෝපාලන් පවුලේ සහ හැරිස් පවුලේ එකම අතීත කතාන්දරය ඔබට පැහැදිලිව ලියා තැබුවේ යැයි සිතමි. දැන් අප හැරී බැලිය යුත්තේ අද මුළුමහත් ලොවක්ම කතාබස් කරන ඇමෙරිකාවේ උප ජනාධිපතිනිය වන කමලා හැරිස් දෙසය. මෙවැනි උසස් තනතුරකට පත්වීම මඟින් ඇය මේ වන විට ලෝක වාර්තා කිහිපයක්ද තබා ඇත. එයින් මෙම කරුණු ප්‍රධාන වෙයි.
● ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට තේරී පත්වුණු ප්‍රථම උප ජනාධිපතිවරිය කමලා හැරිස්ය. ඇය 46 වැනි උප ජනාධිපති ධුරයට පත්වූ අතර, ඉන් පෙර එම තනතුරේ සිටි සියලුම පුද්ගලයන් පිරිමින්ය. එනම් වසර 180කට පමණ පසුව ප්‍රථම වතාවට කාන්තාවක් එම තනතුරට පත්වීම ලෝක වාර්තාවකි.
● ඉතාමත් ප්‍රබල ඉන්දියානු සම්භවයක් සහ ආසියානු සම්භවයක්ද ඇති ප්‍රථම ඇමෙරිකානු උප ජනාධිපතිවරිය වන්නේද කමලා හැරිස්ය. ඇයගේ මව ශ්‍යාමලා ගෝපාලන් 100%ක්ම ඉන්දියානු දමිළ කාන්තාවක් වූ හෙයින් කමලා හැරිස්ට එම සම්භවය ඉතාමත් ප්‍රබල ලෙස ආරෝපණය වෙයි.
● කළු ජාතික සම්භවයක් ඇති ප්‍රථම ඇමෙරිකානු උප ජනාධිපතිවරිය වන්නේද කමලා හැරිස් වන අතර එයට හේතුව වන්නේ ඇගේ පියා වන ඩොනල්ඞ් හැරිස් ජැමෙයිකානු කළු ජාතිකයකු වීමය. ඔහු ශ්‍යාමලා ගෝපාලන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ කාලයේම ජැමෙයිකාවේ සිට ඇමෙරිකාවට පැමිණි කළු ජාතික තරුණියකි.
● ආසියාතික කළු සම්භවයක් සහ අප්‍රිකානු කළු සම්භවයක් ඇති ප්‍රථම ඇමෙරිකානු උප ජනාධිපතිවරිය වන්නේද කමලා හැරිස්ය. කමලාගේ පියාගේ උපන් රට වන ජැමෙයිකාව අප්‍රිකානු රටක් නොවූවත් එම දේශයට ශතකයකට පමණ ඉහතදී සංක්‍රමණය වූ අප්‍රිකානු ජාතිකයන් නිසා අද එම රටෙහි බහුතරය කළු ජාතිකයන්ය. ලෝක ප්‍රකට පොප් ගායක බොබ් මාර්ලේ ජැමෙයිකානු කළු ජාතිකයෙකි.

මෙම තත්ත්වය සැබෑ ලෙසම ලෝක වාර්තාවන් හතරකි. අන්තර්ජාලයෙහි හෝ කිසිදු තැනක නිසි ලෙස පෙළගස්වා නොතිබුණු මෙම සුවිශේෂී වගතුග යම් විශ්ලේෂණයක් හරහා අප ‘මව්රට’ පාඨකයන් උදෙසා පැහැදිලිව ලියා තැබුවෙමු. කමලා හැරිස් ගැන සැබෑ ලෙසම කතාවිය යුත්තේ මේ හෙයිනි.
පසුගිය 2020 නොවැම්බර් 07 වැනිදා ඇමෙරිකාවේ ඩෙලවර් ප්‍රාන්තයේ සුවිශාල ශාලාවක් තුළදී දැනට ඇමෙරිකාවේ නව ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ජෝ බයිඩන් විසින් තමන්ගේ උප ජනාධිපති ධුරය සඳහා කමලා හැරිස් පත්කර ගන්නා බැව් නිල වශයෙන් ප්‍රකාශ කළ විට එම ශාලාව ඔල්වරසන් හඬින් සහ අත්පොලසන් හඬින් ගිගුම් දුන්නේය. ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය යනු එක එල්ලේම මහජන ඡන්දයෙන් පත්කර ගන්නා තනතුරක් නොවේ. එහෙත් එයට යම් ආකාරයකින් ජනතාවගේ ඡන්දදායකත්වය බලපානු ලබයි. එසේ වන්නේ ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තරග වදින අපේක්ෂකයා තරගයට පෙර මුලින්ම තමන්ගේ උප ජනාධිපති ධුරය නම් කරනු ලබයි. එවිට ජනතාව ඡන්දය ලබා දෙන්නේ මෙම පුද්ගලයන් දෙදෙනාගේම පැටිකිරිය තක්සේරු කර බලමිනි. මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රධාන ප්‍රචාරක පාඨයක් ලෙස ‘බයිඩන් – හැරිස්’ ලෙසින් සෑම තැනකම සඳහන් වූයේ ඒ හෙයිනි. මෙය එක්තරා ආකාරයකින් වෙනත් රටවලදී දක්නට නැති මැතිවරණ රටාවකි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරය යනු එරට ජනාධිපති ධුරයෙන් පසු පූර්ණ බලතල හිමිවන ඉතා උසස් තනතුරකි. ඇමෙරිකානු ෆෙඩරල් රජයේ සෙනෙට් සභාවේ කටයුතු මෙහෙයවීමට සහ පූර්ණ අධීක්ෂණයටද උප ජනාධිපතිවරයාට බලය හිමිවෙයි. ලෝකයේ සමහර රටවලදී උප ජනාධිපති ධුරය යනු බලතල ශූන්‍ය තනතුරක් වුවත් ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව එරට තුළ මෙම තනතුර ඉතාම ප්‍රබල එකකි. මේ ආකාරයෙන් බලන කල කමලා හැරිස්ට ලැබී ඇති මෙම තානාන්තරය නිකම්ම, නිකම් අල්ලා ඉවත දැමිය හැකි එකක් නොවේ. ඒ අනුව මේ වන විටත් බයිඩන් – කමලා යුවළ තමන්ගේ ප්‍රධාන රාජ්‍ය මෙහෙවර වශයෙන් ඉතාමත්ම ප්‍රබල කටයුත්තකට අතගසා ඇත. එනම් මේ වන විටත් ඇමෙරිකාව ගිලගෙන තිබෙන මාරක කොරෝනා වසංගතය මැඬලීම සඳහා මෙම දෙපළ කාර්යසාධක බළකායක් පත්කිරීමට කටයුතු යොදා ඇත. කොරෝනා වසංගතය මෙල්ල කිරීම සඳහා හිටපු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු නොකළේ යැයි ජනතාව දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබිණි. ඒ හෙයින් ප්‍රථම ජනතා මෙහෙවර වශයෙන් මෙම කටයුත්ත ඉටුකිරීමට බයිඩන් සහ කමලා පියවර ගෙන ඇත.
ලෝක ප්‍රකට ඇමෙරිකානු පොප් ගායක මයිකල් ජැක්සන් විවෘත වේදිකාවේ ගීත ගායනා කරන විටදී සමහර තරුණ, තරුණියන්ගේ දෙනෙත්වලින් කඳුළු කඩා හැලෙති. ඒ ආකාරයෙන්ම දසුනක් පසුගියදා දක්නට ලැබුණේ ඩෙලවර් ප්‍රාන්තයේදීය. එනම් උප ජනාධිපති ධුරයට පත්ව කමලා හැරිස් විසින් සිදුකළ ප්‍රථම කතාව ඇසූ බොහෝ ජනතාවගේ දෙනෙත් කඳුළින් තෙත්විය. සමහර තරුණියන් කිරි දරුවන් මෙන් කඳුළු සලමින් හඬාවැටුණේය. තමන්ගේ සැබෑ සුබසිද්ධිය උදෙසා ගැහැනියක් කතා කරන අයුරු දුටු එම තරුණියන්ගේ හදවත් හඬාවැටෙන්නට විය. කමලා හැරිස් තම කතාව ආරම්භ කළ විට මුලින්ම ඇතිවූ ප්‍රීති ඝෝෂාව නිසා ඇය සය වතාවක් පමණ ‘සුබ සැන්දෑවක්’ යැයි විටින් විට අමතමින් ජනතාවගෙන් අවසර පතන්නට වූවාය. විශේෂයෙන්ම කළු ජාතික කාන්තාවන් ආසියාතික සම්භවය ඇති කාන්තාවන් මෙන්ම සුදු ජාතික ගැහැනුන්ද කමලා හැරිස්ගේ කතාව අසා සතුටු කඳුළු හැලුවේය. කමලා හැරිස් හුරුබුහුටි, ඡායාකාන්ත ගැහැනියක් මෙන්ම ඉතාමත්ම මියුරු කටහඬකින්ද යුත් කාන්තාවකි.
ජෝ බයිඩන්ට වඩා පොදු ජනතාව අතර කමලා හැරිස් ජනප්‍රිය යැයි මතයක් පසුගියදා සමහර දේශපාලනික විචාරකයෝ ප්‍රකාශ කරන්නටද වූහ. එහෙත් එය කෙතරම් සත්‍යයක් දැයි එක එල්ලේම පැවැසිය නොහැක. කෙසේ හෝ මෙහිදී මහත් කතාබහකට ලක්වන්නේ ජාතික සම්භවයන් දෙකක් ඇතිව පසුව ඇමෙරිකානු පුරවැසියකු වූ කමලා හැරිස් තමන්ගේ පෙර සම්භවයන් දෙකෙහි ජාතීන් වෙත කුමන ප්‍රතිචාරයක් ඉදිරියේදී දක්වන්නේද යන්නය. පසුගිය දශක කිහිපයක් පුරා නීතිඥ වෘත්තියේ සහ දේශපාලනයේදී ඇය නිරතව සිටින විටදීද කමලා හැරිස් නිරන්තරයෙන්ම ආසියාතික සහ කළු ජාතික පවුල් සමඟද බොහෝ සමීප සම්බන්ධතාවයක් පැවැත්වූවාය. ඇය ඉන්දියානු සම්භවය මෙන්ම කළු ජාතික සම්භවයටද ඉතාමත් ගරු කළාය. තමන්ගේ සැබෑ ජීවය වන්නේ තමාගේ ඉන්දියානු ජාතික මව වන ශ්‍යාමලා හැරිස් බැව් ඇය නිරන්තරයෙන් කියා සිටියාය. එසේම තමන් කළු ජාතික ගැහැනියක් යැයිද ප්‍රසිද්ධියේම කියා සිටියාය. ඇය බොහෝ අවස්ථාවලදී තමන්ගේ මවගේ ගුණවරුණා වර්ණනා කළත් ඇයගේ පියා ගැන ඇය බොහෝ අඩුවෙන් කතා කළාය. එයට නිසි හේතු සාධකයක් ඇය පෙන්වා නැත.
කමලා හැරිස්ගේ ආගමනයත් සමඟ පසුගියදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේදී ඇයගේ ජය සමරා විවිධ උත්සව පවත්වන්නට වීමද විශේෂිත සිද්ධියක් විය. එනම් ඇයගේ මවගේ උපන් භූමිය වන තමිල්නාඩුවේ, තුලාසෙන්දාපුරම් නමැති කුඩා නගරයේදී මෙම උත්සවය පැවැත්විණි. ඒ සඳහා එම නගරයේ වැසියන් සිය ගණනක් එක්ව සිටි අතර මෙම උත්සව සංවිධානය කරනු ලැබුවේ දමිළ දේශපාලකයන් කිහිපදෙනකු විසිනි. කමලා හැරිස් සහ ඇගේ සොහොයුරියක වූ මායා හැරිස් තමන්ගේ කුඩා කාලයේදී මෙම ඉන්දියානු ගම්මානයට කිහිප වරක් පැමිණ ඇතැයි කරුණු හෙළිවෙයි. කෙසේ හෝ මේ වන විට කමලා හැරිස්ගේ ඇමෙරිකානු උප ජනාධිපති ධුරයේ ආගමනයත් සමඟ තමිල්නාඩුවේ දමිළ වැසියන් මහත් අමන්දානන්දයට පත්ව ඇත. ‘ඌරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට මඟුල්’ යැයි කිව්වා සේ තමිල්නාඩුවේ සමහර අන්තවාදී දමිළ දේශපාලකයෝද මේ වන විට මහත් ප්‍රමෝදයට පත්ව සිටිති. එහෙත් කමලා හැරිස්ගේ සුවිශේෂී තනතුර හරහා ඉදිරියේදී ඉන්දියාවේ දමිළ ජනතාවට කුමන සෙතක් හෝ සුබසාධනයක් වන්නේදැයි කිසිවකුත් නොදනියි.
මේ අතර පසුගියදා අතිශය අපූරු පුවතක් ලෙස වාර්තා වූයේ කමලා හැරිස්ගේ මුත්තණුවන් වන පී.වී. ගෝපාලන් සහ මිත්තණිය වන රාජම් ගෝපාලන් (ශ්‍යාමලා ගෝපාලන්ගේ පියා සහ මව) යන යුවළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයන් දෙදෙනකු බැව්ය. එනම් පී.වී. ගෝපාලන් යාපනයේ උපත ලද බවත්, රාජම් ගෝපාලන් මඩකලපුවේ උපත ලද බවත් පසුව මේ දෙදෙනා දකුණු ඉන්දියාවට සංක්‍රමණය වූ බවත් අන්තර්ජාල පුවතක් මගින් ප්‍රකාශ වී තිබිණි. එසේම එම පුවත ශ්‍රී ලංකාවේ දමිළ පුවත්පත් කිහිපයකද පළවී තිබිණි. මේ මගින් කියැවෙන්නේ කමලා හැරිස්ට ශ්‍රී ලාංකික සම්භවයක්ද තිබුණේ යැයි පැවසෙන වගතුගය. එහෙත් මෙම පුවත ගැන අප ‘මව්රට’ පුවත්පත ඉතාමත් සුපරික්ෂාකාරීව සොයා බැලුවේය. එහිදී පෙනී ගියේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බැව්ය. කමලා හැරිස්ගේ මුත්තණුවන් වන ඉන්දියානු සිවිල් නිලධාරී පී.වී. ගෝපාලන්ගේ උපන් ග්‍රාමය වන්නේ දකුණු ඉන්දියාවේ තුලාසේන්දාපුරම් වන අතර, ඔහුට හෝ ඔහුගේ බිරියට ශ්‍රී ලාංකික ජන්මයක් නැත. මෙය ‘කල දුටුකල වළ ඉහ ගැනීමේ’ කතාවක්ද? කමලා හැරිස් අපට නම් අයිති නැත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ජනපති පළමු වතාවට පාර්ලිමේන්තු අසුනේ වාඩි වෙයි

Next Post

ආනයන තහනමට යුරෝපා කොමිසමේ විරෝධය: බිස්නස් යන්නේ එක පැත්තකට විතරක් නොවේ

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.