එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් විය හැකි මානව හිමිකම් චෝදනාවට මුහුණු දීමේ මෙහෙයුම හෙට (08) දිනයේ සිට ආරම්භ කිරීමට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සැලසුම් කර ඇත.
ඒ අනුව හෙට දිනයේ සිට ජිනීවා මානව හිමිකම් කොමිසම නියෝජනය කරන රටවල නියෝජිතයන් හමුවීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
කොළඹදී මෙම සාකච්ජා පැවැත්වීමට විදේශ අමාත්‍යවරයා සැලසුම් කොට ඇත.