• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

පාස්කු ප්‍රහාරයේ එක බෝම්බකාරියක් අන්තිම මොහොතේ රටින් පැනලා CID SPECIAL

July 12, 2020
in CID, Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
පාස්කු ප්‍රහාරයේ එක බෝම්බකාරියක් අන්තිම මොහොතේ රටින් පැනලා CID SPECIAL
Share on WhatsAppShare on Facebook

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමවී වසර 10ක් ගතවී රට සාමකාමී තත්ත්වයක තිබූ පසුබිමක නැවැත වරක් රටට ත්‍රස්ත බිය ඇති කරමින් සහරාන් ඇතුළු කණ්ඩායම ලංකාවේ දේවස්ථාන හා හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ පුපුරා හරින්නේ පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදාය. ඒ ප්‍රහාරයේ දෝංකාරය තවමත් අප රටේ ජනතාවගේ සිත් තුළ පැළපදියම් වී තිබේ. මේ සම්බන්ධයෙන් සියලු බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපති කොමිසමකින් පවා පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම කොමිසම හරහා බෝම්බ ප්‍රහාරය පසුපස සිටි මුස්ලිම් අන්තවාදීන් පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රාශියක් මේ වන විට අනාවරණය වෙමින් තිබේ. අප රටේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට දැඩි පීඩනයක් එල්ල කළ වහාබ්වාදී අන්තවාදීන්ගේ හිස එසවීම පිළිබඳව මෙහිදී වැඩිදුර කරුණු අනාවණය වෙමින් පවතී. ජනාධිපති කොමිසම සිදුකරන පරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවණය වන්නේ අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කරන පාසල් පෙළපොත්වල මෙන්ම ගුරු උපදේශක පොත්වල සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ ගතිපැවතුම් සහ ඒ අය සම්බන්ධයෙන් තිබුණු කරුණු ඉවත් කර අන්තවාදී ඉගැන්වීම් ඇතුළත් කර ඇති බවකි. මෙසේ පාස්කු විමර්ශන කොමිසමේ කටයුතු සිදුකරගෙන යන කොමසාරිස්වරුන් පස්දෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන එල්ලවී ඇති බවට ලැබුණු තොරතුරු මත ඔවුන්ගේ ආරක්ෂාව වැඩිකිරීමට කටයුතු යොදා ඇති බවටද තොරතුරු වාර්තාවේ.
පසුගිය වසරේ අප්‍රේල් 21 වැනි දින පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසු අප්‍රේල් 26 වැනිදා සයින්දමදුරු ප්‍රදේශයේ දැවැන්ත පිපිරීමක තොරතුරු වාර්තා විය. මෙම පිපිරීම සිදුවන්නේ සැක සහිත කණ්ඩායමක් නිවසක රැඳී සිටින බවට ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් අනුව එය පරීක්ෂා කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදීය. ඉන් පසුව ආරක්ෂක අංශ හා එම නිවසේ රැඳී සිටි පිරිස අතර වෙඩි හුවමාරුවක් සිදුවී තිබෙන අතර, අප්‍රේල් 26 රාත්‍රියේ ආරක්ෂක අංශ හා නිවසේ රැඳී සිටි පිරිස අතර සිදුවන සිදුවීමෙන් පසු එහි සම්පූර්ණ නිරීක්ෂණ සිදුකිරීමට ආරක්ෂක අංශවලට හැකිවන්නේ 27 වැනිදා උදෑසනය. එසේ පසුදා සිදුකරන පරීක්ෂා කිරීම්වලදී එම ස්ථානයේ ජීවතුන් අතර සිටින පුද්ගලයන් දෙදෙනකු සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකිවේ. පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කියන තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිද හා දියණිය එසේ සොයාගන්නා අය බවත්ය. එහිදී ඔවුන් ප්‍රකාශ කරන්නේ පිපිරීම සිදුවන අවස්ථාවේ නාන කාමරේ රැඳී සිටි නිසා ඔවුන්ගේ ජීවිත බේරුණු බවය. පසුව පොලිස් මූලස්ථානය මාධ්‍යයට නිකුත් කළ නිවේදනවල සඳහන් වූයේ මේ පිපිරුම හේතුවෙන් නිවෙස තුළ සිටි 15 දෙනකු මරණයට පත්ව ඇති බවය. පිපිරීමෙන් සහරාන් හෂීම්ගේ පියා, සොහොයුරා ඇතුළු පිරිසකුත් ඒ අතර සිටි බව එහිදී අනාවරණය විය.
මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් හස්තු නමැති පුද්ගලයාගේ බිරිය වන සාරා නමැති කාන්තාවත් ඒ අවස්ථාවේ එහි සිටි බවට වැඩිදුර තොරතුරු අනාවරණය විය. ඊට අමතරව මඩකළපුවෙ සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ බිරියත් එම අවස්ථාවේ එහි රැඳී සිට තිබේ. නමුත් සහරාන්ගෙ බිරියගේ ප්‍රකාශවලින් හෙළිදරව් වන්නේ මේ පිරිස අවසන් මොහොත වන තෙක්ම මේ නිවෙස තුළ රැඳී සිටි බවයි. පසු දින මෙසේ සොයාගන්නා ලද සිරුරු විකෘති වී හඳුනාගත නොහැකි තත්ත්වයේ තිබූ බව ආරක්ෂක විසින් අනාවරණ කරනු ලැබීය.
කෙසේ වෙතත් මේ වන විට හෙළිවෙමින් පවතින්නේ පිපිරීමෙන් මියගිය බව කී එක් පුද්ගලයෙක් තවමත් ජීවතුන් අතර ඇති බවයි. කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ බිරිය වන සාරා නමැත්තිය මෙසේ ජීවත්ව සිටින තැනැත්තිය බව තොරතුරු අනාවරණය වී තිබේ. පසුගිය දිනවල බුද්ධි අංශ විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ දැවැන්ත විශ්ලේෂණයෙන් තොරතුරු අනාවණය වී තිබෙන්නේ සාරා නමැති මෙම කාන්තාව මේ වන විට ඉන්දියාවට පලාගොස් ඇති බවය. සයින්දමදුරු ප්‍රදේශයේ පිහිටි මෙම නිවෙස ආරක්ෂක අංශ විසින් වටලා තිබියදී මෙම කාන්තාව පමණක් මෙතනින් පැනගත්තේ කෙසේද යන්න මේ වන විට බොහෝදෙනා තුළ සැකයක් මතුවී තිබේ. මෙම සාරා නමැති කාන්තාව සැබෑ ලෙසම ඉන්දියාවට පළාගියාද නැතිනම් ඇය එම ස්ථානයේ මියගියාද යන සැකයක්ද ආරක්ෂක අංශ තුළ මේ වන විට ඇතිවී තිබේ. එම අවස්ථාවේ මියගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් එම පුද්ගලයන්ගේ ඥාතීන් සමඟ සිදුකළ ඩී.එන්.ඒ. පරීක්ෂණවලදී අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති නමුත් සාරා නමැති කාන්තාවගේ සිරුරු කොටස් එහිදී හඳුනාගැනීමට නොහැකි වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ අවසන් මොහොතේ නිවසේ සිටි මෙම කාන්තාව ප්‍රහාරයෙන්
මියගොස් නැති බවයි.
පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර ගිරිඋල්ලේ රෙදිපිළි සාප්පුවකට ගොස් සුදු රෙදි මිලදී ගැනීමේ කටයුත්තේ යෙදී සිටියේ මෙම සාරා නමැති කාන්තාව බවත් විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත. එම දිනවල ආරක්ෂක අංශ සඳහන් කළේ සයින්දමදුරු නිවෙසේ සිටි පුද්ගලයන් සූදානම්ව සිටියේ දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමින් බවයි. සයින්දමදුරු නිවසේදී පුපුරුවාගත්තේ එම ප්‍රහාරයන්ට සූදානම් කර තිබූ පුපුරණ ද්‍රව්‍ය බවටත් එහිදී වැඩිදුරටත් කියැවිණ. ඒ අය සූදානම්ව තිබුණේ සුදු ඇඳුම් ඇඳගෙන වෙසක් පොහොය දිනයේ බෞද්ධ පූජනීය ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර විශාල විනාශයක් සිදුකිරීමට බව ආරක්ෂක අංශ විසින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. ඉතා වැදගත් සිදුවීම් ගණනාවකට සම්බන්ධ වූ මෙම කාන්තාව දැඩි ආරක්ෂක වළල්ලකින් මිදී විදෙස් රටකට
පළාගියේ කෙසේද යන්න මේ වන විට බොහෝදෙනා තුළ දැඩි විමතියක් මතුව තිබේ. බුද්ධි අංශ විසින් මේ වන විට විශ්ලේෂණය කර ඇති ආකාරයට පෙනී යන්නේ මේ කාන්තාව බොහෝ විට ඔත්තුකාරියක් වීමට ඉඩ ඇති බවයි. එසේ වීමට හේතු ගණනාවක් මේ වන විට බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

යාපනේ බෝම්බ පිපිරුම පසුපස ප්‍රංශ කොටි අතක්

Next Post

කොවිඩ් රැල්ල බරපතළයි: පොහොට්ටුව රැස්වීම් නවත්වයි

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.