ජනාධිපති අපේක්ෂකයා මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය ඇතුළේ මතුව ඇති අර්බුදය විසදීම සදහා මේ වනවිට කතානායක කරු ජයසූරිය මහතා මැදිහත්ව තිබේ.
ඒ අනුව අද (21) දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ඇති කතානායක මහතා දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතර මතුව ඇති තත්ත්වය යටතේ තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට අකැමැති බවද ප්‍රකාශ කොට ඇත.
එමෙන්ම මෙම සාකච්ජාව අතරතුර ප්‍රේමදාස මහතාටද ඇමතුමක් ලබා දී මේ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති ජයසුරිය මහතා අද සවස 3.00ට ඒ මහතා මුණගැසී සාකච්ජා කිරීමට කටයුතු යොදාගෙන ඇත.
ඒ අනුව හෙට දිනයේදී කරු-රනිල්-සජිත් යන තිදෙනා අතර සාකච්ජාවක් පැවැත්වීමට තීන්දු වී තිබේ.
මෙම සාකච්ජාවේදී පක්ෂය තුළ මතුව ඇති අර්බුදය සුහදව සාකච්ජා මාර්ගයෙන් විසදා ගැනීමට පාර්ශ්ව තුන අතරම එකගතාවක් ඇතිව ඇති බවද දැනගන්නට ඇත.










