මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්න්ධන්, එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර ඉතාම රහසිගත හමුවක් සිදුව ඇති බව දැනගන්නට තිබේ.
රාජපක්ෂවරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම රහසිගත හමුව සිදුව ඇති බව දැනගන්නට ඇති අතර කිසිදු මාධ්‍යයකින් මේ පිළිබදව මෙතෙක් වාර්තා කිරීමක් සිදුව නොතිබීම විශේෂ සිදුවීමකි.
රාජපක්ෂ පාර්ශ්වයෙන් මෙම ඉල්ලීම ලද පසු පාර්ලිමේන්තුවේ දෙමළ ජාතික සන්ධානය නියෝනය කරන සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කමිටුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඉන් ඊට අනුමැතිය ලැබීමෙන් පසු මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධාන ආරංචිමාර්ග සදහන් කරන්නේ දෙපාර්ශ්වය අතර පැවැති මෙම සාකච්ජාව ඉතා සාර්ථක අන්දමින් පැවැත්වී ඇති බවකි.
පසුගිය බ්‍රහස්පතින්දා (19) දිනයේ පැවැති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේදී විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සදහා පැමිණි යෝජනාවට එජාපයේ සජිත් පාර්ශ්වය විරුද්ධ වීමෙන් පසු දෙමළ සන්ධානය හා රාජපක්ෂවරුන් අතර මෙම රහසිගත හමුව සිදුව තිබේ.
එම කැබිනට් හමුව පැවැත්වීමෙන් පසු එදින රාත්‍රියේදීම සජිත් පාර්ශ්වය වෙත විශේෂ පණිවුඩයක් එවමින් ආර්. සම්බන්ධන් මහතා දැනුම් දී තිබුණේ කිසිදු හේතුවක් මත සජිත් ප්‍රේමදාස මහතාට උතුෙරේ තමන් සතුව ඇති ලක්ෂ 10ක ජන්ද සංඛ්‍යාව ලබා නොදීමට කටයුතු කරන බවකි. එමෙන්ම ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමන් දැඩි කලකිරීමට පත්ව සිටින බවද සම්බන්ධන් මහතා එහිදී සදහන් කර තිබිණ.