ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර් පිල පරදවා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක ජයක් ලබා ගැනීමට සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 ඇතුළත කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගැනීමට සමත් විය.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් පිලට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී දැවී ලකුණු 135ක් පමණි.











