කෑගල්ල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික බණ්ඩාර නම් පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කරනු ලැබූ පැණියක් රැගෙන අද (16) අති උතුම් ශ්‍රී මහ බෝධිය අසලට පැමිණි නමුත් උඩමළුවට යාමට ඒ මහතාට අවස්ථාව හිමි නොවීය.
එහිදී ඔහු පළමුවෙන් අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමි බැහැදක පසුව ඔහු ඔහුගේ කොවිඩ් පැණිය ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ට පූජා කිරීමට පැමිණි නමුත් ඔහුට ශ්‍රී මහ බෝධිය අසලටම යාමට අවසර හිමිවූයේ නැත.
කෙසේ වෙතත්, පසුව ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ පහළ මළුවට ඖෂධය පූජා කිරීමට ධම්මික බණ්ඩාර හට අවසර හිමි විය.
අනතුරුව නැවතත් අටමස්ථානාධිපති හිමියන් වෙත පැමිණි එම පුද්ගලයා “මම කාලි, ඔබ වහන්සේගේ අම්මා. ඇයි ඔබවහන්සේ මට අවසර නොදුන්නේ. ඇයි ඔබ මගේ ඖෂධය පැත්තකට දැම්මේ’ යැයි ස්වාමීන්වහන්සේ හට කෑ ගසනු ලැබූ අතර එම ස්ථානයේ සිටි පොලිසිය ඇතුළු පිරිස එම තත්වය සමනය කිරීමට උත්සහ ගනු ලැබීය.










