එක්සත් ජාතික පක්ෂයේ වික්‍රමසිංහ පිල නියෝජනය කළ නුවරඑළිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කේ. පියදාස මහතා අද (11) සවස සජිත් පිල සමග එක්වීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මෙතෙක් නවීන් දිසානායක මහතා සමග එක්ව වික්‍රමසිංහ පිල ශක්තිමත් කළ පියදාස මහතා මෙවර මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය යටතේ තරග වැදීමට සැලසුම් කර තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉදිරි මහමැතිවරණයේදී එජාපය අලියා ලකුණ යටතේ නුවරඑළියට තරග වැදිය යුතු බවට දිස්ත්‍රික් බල මණ්ඩලය මගින් යෝජනාවක් සම්මත කර ගනිද්දී පියදාස මහතාද නවීන් දිසානායක මහතා සමග මූලාසනයේ රැදී සිටීමය.
කෙසේවෙතත් අද දහවල් අපි විශේෂ පුවතක් පළ කරමින් නුවරඑළියේ දේශපාලන පිපිරීමක් අද දින සිදුවීමට නියමිත බවත්, වික්‍රමසිංහ පිල නියෝජනය කරන ප්‍රබලයකු සජිත් පිල සමග එක්වීමට සූදානමින් සිටින බවත් අනාවරණය කළෙමු.
අප කී පරිදිම සවස් වරුවේ පියදාස මහතා සජිත් පිල සමග එක්වීම සිදුවිය.










