රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයෙන් එකදු ආසනයක් හෝ දිනාගත නොහැකි වාතාවරණයක් මේ වනවිට මතුව ඇති බව දැනගන්නට තිබේ.
බොහෝ දෙනා කොළඹ, කුරුණෑගල, නුවරඑළිය, පුත්තලම, ගම්පහ යන දිස්ත්‍රික්කවලින් එක්සත් ජාතික පක්ෂයට ආසන දිනා ගත හැකි වනු ඇති බවට මත පළ කර තිබූණද එකදු දිස්ත්‍රික්කයකින් හෝ එජාපයට ආසනයක් දිනා ගත නොහැකි තත්ත්වයක් මේ වනවිට මතුව ඇති බව වාර්තා වේ.
මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ පස් වතාවක් ලංකාවේ අගමැති දූරය හෙබවූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද කොළඹින් පරාජයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වීමය.
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘවරයා වන ඩී.එස්. සේනානායක මහතා පක්ෂය පිහිටුවීමෙන් පසු එකදු මන්ත්‍රීවරයෙක් හෝ පාර්ලිමේන්තුවට ජන්දයෙන් තේරී පත් නොවන පළමු අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය.










