මහමැතිවරණයේ අවසන් ප්රතිපලය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණයට පෙර පළ කළ අනාවැකිය සියයට සියයක්ම සාර්ථක වන ලකුණු මේ වනවිට පහළ කොට තිබේ.
ඒ අනුව විශ්වාසදායක ආරංචි මාර්ග සදහන් කරන්නේ පොදු ජන පෙරමුණට ආසන 135ත් 140ත් ප්රමාණයක් දිනා ගතහැකි වන බවකි.
මැතිවරණයට පෙර බැසිල් රාජපක්ෂ මහතා අනාවැකියක් පළ කරමින් සදහන් කර සිටියේ මෙවර මහමැතිවරණයෙන් ආසන 130, 135ත් අතර ප්රමාණයක් ගත හැකි වනුු ඇති බවකි.
බැසිල් රාජපක්ෂ මහතා මෙම අනාවැකිය ප්රසිද්ධ කිරීමට ප්රථම ‘මව්රට’ ජාතික පුවත්පත එම පුවත අතිවිශේෂ හෙළිදරව්වක් ලෙස ‘රාජ්ය රහස්’ දේශපාලන තීරයේ පළ කර තිබුණේ මෙසේය.
අප පළ කළ එම පුවත බැසිල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මේ ආකාරයටය.











