• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

කොරෝනා අස්සේ පොලිස්පති ගහපු ගේමක් පළමු වරට අපි එළියට දානවා EXCLUSIVE

May 5, 2020
in CID, Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
කොරෝනා අස්සේ පොලිස්පති ගහපු ගේමක් පළමු වරට අපි එළියට දානවා EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

අපේ රටේ කොවිඞ් 19 වෛරසය ව්‍යාප්තියට වැට බැඳෙන්නේ බුද්ධි අංශ විසින් එක් රෝගියෙක් හමුවීමෙන් අනතුරුව එම රෝගියා ඇසුරු කළ පුද්ගලයින් හඹා යමින් ඒ අය සමාජගතවීමට ඉඩ නොදී නිරෝධායනයට යොමු කිරීම හේතුවෙනි. මේ අපිටම අවේණික වූ අපේම ක්‍රමයකි. මේ අපේ දේ හඳුන්වා දුන්නේ කවුරුන්දැයි අප්‍රසිද්ධය. ඒ අප්‍රසිද්ධ තැනැත්තා වෙන කිසිවෙක් නොව, වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නය.
සී.ඩී. පොලීසියේ සිටින නිහඬ චරිතයකි. ඔහු රූපවාහිනී තිර මත හෝ පුවත්පත් පිටු අතර නිතර දකින මාධ්‍ය හමුවේ වීරයෙක් නොවේ. ඔහුගේ වැඩ ඇත්තේ තිරය පිටුපසය.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් කොළඹ විශ්ව විද්‍යාලයට යන සී.ඩී. විශ්ව විද්‍යාලය තුළද නිහඬ චරිතයක් බව ඔහුගේ සමීපතමයෝ සදහන් කරති. පාසලෙත් විශ්වවිද්‍යාලයෙත් ඔහු වැඩ පෙන්නුවේ සංඛ්‍යා දත්ත පදනම් කරගනිමිනි.
සී.ඩී.ට පොලිසියේ දොරගුළු විවරවන්නේ උපාධිය ලබාගන්නවාත් සමගිනි. ඒ, එන්.අයි.බී. නමින් එවකට ක්‍රියාත්මක වූ රාජ්‍ය ඔත්තු සේවයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙසිනි. වැඩි කාලයක්ම ඔහු සේවයේ නිරතව සිටියේ අද රාජ්‍ය බුද්ධි සේවය ලෙසින් හඳුන්වනු ලබන රාජ්‍ය ඔත්තු සේවයේය. යුද්ධය අවසාන වකවානුවේදී ඔහු සේවයේ නිරතව සිටියේ සාමාන්‍ය පොලිස් රාජකාරියේය. ඒ පදවියේය. ඔහුට පැවරෙන්නේ එවකට මායිම් ගම්මාන ලෙස සඳහන් වූ සිංහල ගම්මාන ටික බේරා ගන්නටය. එදා ඔහු එහි සේවයට යන විට මායිම් ගම්මාන තිබුණේ නිරන්තරයෙන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ට ලක්වෙමිනි. ඔහුගේ ආගමනයත් සමග ගම්මානවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් සැකසෙන්නේ නැවත ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල නොවන ලෙසිනි.
රත්නපුර කහවත්තේ කොටකෙතන ගම්මානයේ එක දිගට සිදුවූ කාන්තා ඝාතන රැල්ලේ සැබෑ ඝාතකයාව අල්ලා ගත්තේද සී.ඩී. සබරගමුව පළාත් භාර පොලිස් ප්‍රධානියාව සිටියදීය. කාන්තාවක් ඝාතනය වන විට පොලීසියද කළේ ඝාතකයා යැයි කියමින් එම ඝාතනවලට කිසිසේත් සම්බන්ධ නැති පුද්ගලයින්ව අල්ලා නැති සාක්ෂි මවා අහිංසකයෙක්ව කූඩු කිරීමය. කොළඹ අපරාධ කොට්ඨාසය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඒ වැරැද්ද වරක් දෙවරක් නොව, කිහිප වතාවක්ම කළේය. එහෙත් සී.ඩී. විශ්වාස කළේ ඒ කිසිවෙක් සැබෑ ඝාතකයන් නොවන බවය. ඝාතකයා දාම ඝාතකයෙක් බවත්, ඔහු නිදැල්ලේ බවත් සී.ඩී. අනුමාන කළේය. ඒ අනුව සී.ඩී. අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් සමග නිහඬව සැබෑ ඝාතකයා කොටුකර ගැනීමේ මෙහෙයුමක් දියත් කළේය. ඒ දත්ත විශ්ලේෂණය කිරීමෙනි. කොටකෙතන ගම්මානයේ කාන්තාවන් 18 දෙනෙක් ඝාතනය කර දූෂණය කළ සැබෑ ඝාතකයා කොටුවන්නේ ඒ අනුවය. කොටකෙතන ගම්මානයට නිදහසේ හුස්ම පොදක් හෙළන්නට අද අවස්ථාව ලැබී ඇත්තේ සී.ඩී. නිසාය. එසේ නොවන්නට සැබෑ ඝාතකයා සූදානම්ව සිටියේ තවත් කාන්තාවන් හය හත්දෙනෙක්ම මරා දමා සිය පිපාසය සංසිඳුවා ගෙන නිහඬ වන්නටය.
මෙරට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ගැන විවිධ ආයතන විවිධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරයි. මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් සිටින්නේ 50000ක් බව පොදු පිළිගැනීමය. සැබෑ දත්තයන් නොමැති වූවත් සී.ඩී. අපේ රටේ මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින්නන් අසූ දහසක ලැයිස්තුවක් පසුගිය දා සකස් කළේය. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමග එක්වය. එම ලැයිස්තුවේ මත්කුඩු භාවිතා කරන්නන්ගේ නම ගම ජාතික හැඳුනුම්පත් අංකයද සටහන් වී තිබීම විශේෂත්වයකි. මේ ලැයිස්තුව මත්ද්‍රව්‍ය කාර්යාංශය යොදා ඔහු සකස් කරන්නේ අපේ රටේ පොලිස් ස්ථානවලට වසරක කාලයක් තුළ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණු පුද්ගලයින් අනුසාරයෙනි. පළාත් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන් මෙන්ම ගම්මාන වශයෙන්ද දැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ලැයිස්තුවක් ඇත්තේ ව්‍යාජ සංඛ්‍යා දත්තකරුවන්ට තවදුරටත් බොරුවෙන් ජීවත්වන්නට ඉඩක් නොතබමිනි.
මේ සී.ඩී. පොලිස් දෙපාර්තමේන්තුව තුළ කළ නිහඬ විප්ලවයන්වලින් කිහිපයක් පමණි. කොවිඞ් 19 වෛරස ආසාදතයෙක් හමුවූ විට එම ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් පසු පස හඹායාමේ ක්‍රමවේදය සී.ඩී.ගේ තවත් එක් නිහඬ විප්ලවයක් පමණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්ත සඳහන් කරන ආකාරයට අනුව සී.ඩී. මේ සැලසුම සකස් කරන්නේ කොවිඞ් 19 වෛරසය මෙරටට ඇතුළුවීමටත් මත්තෙනි. මෙරටින් කොවිඞ් 19 ආසාදිත පළමු රෝගියා ලෙස චීන ජාතික කාන්තාව හමුවනවාත් සමග පොලිස් බුද්ධි අංශ ක්‍රියාත්මක වෙමින් ඇය ඇසුරු කළ සහ ඇය ආගිය තැන් සියල්ලක්ම සී.ඩී. ගේ පූර්ව සැලසුම නිසා පහසුවෙන්ම අනාවරණය කර ගැනීමට හැකිවූ බව ජාලිය සේනාරත්න සඳහන් කරයි.
එය එතැනින් හමාර වන්නේ නැත. කොවිඞ් 19 වෛරසය ආසාදිත වූවන්ගේ ලැයිස්තුවක් මෙන්ම ඒ අය ඇසුරු කළ සහ ආසාදිතයන්ට ස්පර්ශ වී ස්වයං නිරෝධායනයට යොමු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වාර්තාද පොලීසිය සකස් කරයි. ඒ අනුව ස්වයං නිරෝධායනයට ලක්වූවන්ගේ සහ ස්වයං නිරෝධායනය වෙමින් ඇති 65000කට අධික පිරිසකගේ ලැයිස්තුවක් පොලිස් මූලස්ථානයේ ඇතැයිද ජාලිය සේනාරත්න සඳහන් කරයි.

SendShareShare
Previous Post

ජනාධිපතිවරු 19ක්-අගමැතිවරු 6ක් සමග ජනපති ගෝඨා වීඩියෝ සාකච්ජාවක් තියයි

Next Post

රටම පෙරළපු භයානක මෙහෙයුම

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.