• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍යයෙන් එල්ල කරන චෝදනා 13කට රිෂාඩ්ගේ පැත්තෙන් දීපු උත්තරේ!

August 2, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
මාධ්‍යයෙන් එල්ල කරන චෝදනා 13කට රිෂාඩ්ගේ පැත්තෙන් දීපු උත්තරේ!
Share on WhatsAppShare on Facebook

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරියක මියයාම සම්බන්ධයෙන් මාධ්‍ය හරහා එල්ල වන චෝදනාවන්ට ඔහුගේ පක්ෂ නියෝජිතයකු වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඒ.ජේ.එම්. ෆායිස් මහතා විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

අද රටේ ආන්දෝලනාත්මක මාතෘකාවක් වී තිබෙන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කල ඉෂාලිනී නම් තැනැත්තියගේ මරණය පිළිබදව තවමත් විමර්ශණ සහ අධිකරණ කටයුත්තක් සිදුවෙමින් පවතින අවස්ථාවක එක් එක් පුද්ගලයින් විසින් විවිධ මාධ්‍යයන් ඔස්සේ නිර්මාණය කරන ලද අසත්‍ය කරුණු වාර්තා කරමින් මෙම සිදුවීම වෙනත් පටු අරමුණු ඉටු කරගැනීම උදෙසා භාවිතා කරන බව පෙනී යයි. මෙම සිදුවීම පිළිබදව අධිකරණ කටයුත්තක් සිදුවන බැවින් එයට අගතියක් නොවන පරිදි මෙතෙක් මාධ්‍ය මගින් ඉදිරිපත් නොවූ සත්‍ය කරුණු මෙහිදී ඔබවෙත ඉදිරිපත් කරමි.


• අවුරුදු 15 බාලවයස්කරුවෙකු සේවයට ලබා ගැනීමේ චෝදනාව

ඩයගම ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකු විසින් 2020 නොවැම්බර් 18 වන දින ඉෂාලිනී යන අය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයට ගෙනවිත් ඇති අතර ඇය මෙම නිවසට පැමිණ දින සිට ඉෂානි යන නමින් හදුන්වා දී ඇති අතර ඒ නමින් සියල්ලන් ඇයව ආමන්ත්‍රණය කර ඇත. නිවසට පැමි‍නෙන විට ඇයගේ වයස අවුරුදු 18ක් යැයි පවසා ඇත. නමුත් මෙම පිළිස්සීම සිදුවී රෝහල්ගත කිරීමෙන් පසුව ඇයගේ උපන්දිනය 2004/11/12 වන දින බව තහවුරු විය. ඒ අනුව ඇය මෙම නිවසේ සේවයට පැමිණෙන විට වයස අවුරුදු 16යි දින 6ක් බවට තහවුරු වී ඇති අතර ඇය බාල වයස්කරුවකු නොවේ. නමුත් තවමත් එක් එක් පුද්ගලයින් විසින් ඇය බාලවයස්කරුවෙකු ලෙස හදුන්වා චෝදනා නගමින් සිටියි.

• රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ඉෂාලිනීව අඩු වයසින් තම නිවසේ සේවයට යොදවා ගැනීම ගැන ඔහුට නැගෙන සාවද්‍ය චෝදනා

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා 2020/10/19 වන දින සිට 2020/12/09 දින දක්වා අත්අඩංගුවට පත් වී සිටියේය. ඉෂාලිනී මෙම නිවසට සේවයට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරයා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින වකවානුවේදී වේ. ඉන් පසුව 2021/04/24 වන දින ඔහුව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනීතික ලෙස අත්අඩංගුවට ගෙන අද වන තෙක් රැදවුම් භාරයේ තබාගෙන සිටියි. මෙම පිලිස්සීම සිදුවීමට මාස 3කට ඉහතදී සිටම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ සිටියත් යම් යම් පුද්ගලයින් විසින් මෙම පිලිස්සීම සිදුකරේ හා මෙයට වග කිව යුත්තේ එතුමා බව පවසමින් ඉෂාලිනීගේ මරණය මත දේශපාලනය කරමින් සිටියි.

• ඉෂාලිනී සේවයට පැමිණීමෙන් පසුව ඇයව බැලීමට හෝ දුරකථනයෙන් ඇමතීමට ලබා නොදීමේ චෝදනාව

මෙම නිවසේ සේවය කරන කාලය අතරතුරදී ඉෂාලිනීට තම නිවසට කතා කිරීම සඳහා ඉල්ලා සිටින සෑම අවස්ථාවකදීම ඇයට එම දුරකථන පහසුකම් ලබා දී ඇත. ඒ සෑම අවස්තාවකදීම වාගේ ඇය විනාඩි 30ක පමණ ප්‍රමාණයක් කතා කර ඇති බවට දුරකතන වාර්තා මගින් ඔප්පු වී ඇත. ඇය මෙහි සේවයට පැමිනීමෙන් පසුව ඇයගේ දෙමව්පියන් හෝ කොලඹ සේවය කල ඇයගේ සුලු සහෝදරයා ඇයව බැලීමට එක් දිනකදීවත් පැමිණ තිබුණේ නැත. ඇය මෙම නිවසේ සේවය කිරීමේදී යම් යම් පුද්ගලයින් පවසන ආකාරයට දුරකතන ඇමතුම් ලබා ගැනීම‌ට හෝ ඇයව හමුවීමට කිසිම අවහිරතාවයක් සිදු කර නොමැත.

• ඉෂාලිනීට ලබා දී තිබූ කාමරය මඩුවක් ලෙස අර්ථකතනය කර (6*4 ප්‍රමාණයේ කාමරයක් ලෙස දක්වමින්) සහ ඇයට නිසි ආකාරව සලකා නොතිබීම පිළිබද චෝදනාව

ඉෂාලිනී රැදී සිටි නිදන කාමරයේ දිග අඩි 7 අගල් 4ක් වන අතර පළල අඩි 6 අගල් 3ක් වේ. එම කාමරයට වැඩ කරන තත්වයේ විදුලි පංකාවක් සහ විදුලි එලියද ලබා දී ඇත. තවද එම නිදන කාමරයත් සමගම ඇයගේ පුද්ගලික පාවිච්චිය සදහා අංග සම්පූර්ණ නානකාමරයක්ද ලබා දී තිබිණි. ඇයට අවශ්‍යකරන සියලුම පුද්ගලික ද්‍රව්‍ය සහ ඇදුම් පැලදුම්ද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිද විසින් සපයා දී තිබේ. තවද මන්ත්‍රීවරයාගේ වැඩිමල් දියණිය විදෙස්ගත වීමට පෙර ඉෂාලිනී හට රුපියල් 5000ක මුදලක් ත්‍යාග ලෙස ලබා දී ගොස් තිබුනේ ඇයට තිබූ ලෙන්ගතු බව නිසාය. ඇය මෙතෙක් කාලයකට තමන් රැදී සිටි කාමරයේ කිසිදු අඩුපාඩුවක් පෙන්වා දී නොමැත. තවද එවැනි අඩුපාඩුවක් තිබුනේ යැයි ඇයගේ මව විසින් හෝ මෙතෙක් කාලයකට කියා සිටියේ නැත. මින් පසුව එවැනි දෙයක් කියා සිටියහොත් එය පුදුමයට පත් විය යුතු කරුණක්ද නොවේ. මන්ද, ඇය මුලදී සිදු කල ප්‍රකාශ වල හා වර්තමානයේ සිදු කරන ලද ප්‍රකාශ පිටුපස යම් දේශපාලනික හස්තයක් ක්‍රියා කරන බව හොදින් පෙනී යයි.

• ඉෂාලිනීව ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව

2021/07/03 වන දින ඇති වු පිලිස්සීමෙන් පසුව දින 12ක් ඉෂාලිනී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී විෂබීජයක් ඇතුඵ විම හේතුවෙන් 2021/07/15 වන දින මිය ගොස් තිබිණි. ඉන් පසු සිදුකරණ ලද මරණ පරීක්ෂණයෙන් පසුව පොලීසිය මගින් පවසා තිබුනේ ඇය වයස අවුරුදු 12 සිට ලිංගික අපයෝජනයට ලක් වී ඇති බවයි. එනම් 2016 වසරේදී සිටයි. එම කාලයේදී ඇය තම පියාගේ මහ ගෙදර සිට පාසල් ගොස් ඇති බවට ඇයගේ මව විසින් පවසා තිබේ. එහි තම පියාගේ සහෝදරයෙකුද, ඇයගේ පියාගේ මවද, පියාගේ සහෝදරියක් සහ එම සහෝදරියගේ පුතනුවන් දෙදෙනෙකුද ඇය සමග එම නිවසේ ජීවත් වී ඇති බවට ඇයගේ මව විසින් පොලිසියට පවසා ඇත. තවද යම් හේතුවක් මත ඇයව 2017 වර්ෂයේදී පාසලෙන් ඉවත් කර ඇති බවත් හෙලි වී ඇත. මෙම කරුණු මාධ්‍ය වෙත හෙලි වී තිබුණත් බොහෝ මාධ්‍ය මේ පිලිබදව වාර්තා කර නොතිබිණි.

එහෙත් වසර 4ක් ගත වීමෙන් පසුව සේවයට පැමිණ මාස 7 හමාරක පමණ සුඵ කාලයක් මන්ත්‍රීවරයාගේ නිවසේ ගත කල කාල පරිච්ඡේදයේදී මෙම ලිංගික අපයෝජනය සිදුවුවා යැයි සාක්ෂි ඉදිරිපත් වී නැති අවස්ථාවක මාධ්‍ය මගින් නිගමනයකට පැමිණ ඇත්තේ කෙසේද යන්න මහත් පුදුමයට කරුණකි.

2020/11/18 වන දින සිට මාස 7 හමාරක කාලයක් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදී ඇය සේවා කටයුතු කල ස්ථාන නිතරම වාගේ මන්ත්‍රීවරයාගේ නැන්දනියගේ හෝ බිරිදගේ ඇස් මායිමේ සිටිමින් සිදුකර ඇත. තවද ඇය නවාතැන් ගන්නා කාමරයද අවශ්‍ය ලෙස ඇතුලතින් අගුළුදා ගත හැකි ලෙසද සකසා තිබී ඇත. මෙම සේවා ස්ථානයේ ඇයට ලිංගික අපයෝජනයක් වීමට හැකියාවක් කිසිසේත්ම නොමැති වේ. එසේ ලිංගික අපයෝජනයක් සිදු වුවානම් ඒ පිලිබදව DNA පරීක්ෂන මගින් හෙලි වී තිබිය යුතුය.

2021/07/03 වන දින ඉෂාලිනීව රෝහල්ගත කිරීමෙන් දින 5කට පමණ පසුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිදගේ සහෝදරයා සිය පවුල සමග මෙම නිවසට පැමිණ ඇත්තේ මාස ගණනාවකට පසුවයි. එහි සත්‍යතාවය මේ වන විට පොලිස් භාරයේ තිබෙන CCTV දර්ශණ මගින් අනාවරණය වේ. එහෙත් පොලිසිය විසින් මොහුව රැගෙන යන්නේ ඉෂාලිනී හට මොහු විසින් යම් කරදරයක් කර ඇතැයි යන සැකය මතය. පොලීසියට ගෙන යෑමෙන් පසුව මොහුට මෙම අපරාධය කලා යැයි පිලිගන්නා ලෙස නොයෙක් ආකාරය‌ට වද හිංසා කර බලපෑම් කර ඇත. ඒ පිළිබදව ඔහුගේ බිරිද විසින් මානව හිමිකම් කොමිසමේද පැමිණිලි කර ඇත.

ඉන් පසුව අවුරුදු ගණනාවකට පෙර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කල වෙනත් පුද්ගලයෙකුගෙන් ලබා ගත් කටඋත්තරයක් මගින් මන්ත්‍රීවරයාගේ බිරිදගේ සහෝදරයා විසින් ලිංගික අතවර කලා යැයි ප්‍රකාශයක් සටහන් කරගෙන, එම කටඋත්තරය මත මොහුට චෝදනා ගොනු කර අත් අඩංගුවට පත් කර ඇත. එම පෙර සේවය කල තැනැත්තිය සේවය අවසන් කර වසර ගණනාවක් යන තෙක් කිසිම අයෙකුට මෙවැනි දෙයක් පැමිණිලි නොකර මේ අවස්තාවේදී හදිසියේම මෙවැනි දෙයක් ප්‍රකාශ කර සිටීම සැකයට තුඩු දෙන කරුණකි. මෙම තැනැත්තිය ඉෂාලිනීගේ මරණය සිදුවීමට පෙරත් මෙම නිවසට නැවත සේවයට පැමිනීමට කැමැත්තෙන් සිට ඇති බවටද ආරංචි ලැබී ඇති අතර ඇයගේ මෙම හදිසි වෙනස යම් කුමන්ත්‍රණයක කොටසක් දැයි සැකයට භාජනය වී ඇත. එම චෝදනාවේ නිවැරදිතාවය මෙතෙක් ඔප්පු වී නොමැති බැවින් එය අධිකරණය මගින් තීන්දු කිරීමට පෙර අසත්‍ය තොරතුරු මත විවිධ නිගමනයන් වලට එළඹී කුඩා අසරණ දරුවන් දෙදෙනෙකු සිටින ඔහුගේ පවුල විනාශයට පත් නොකරන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.

ඉෂාලිනී හට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී ලිංගික අපයෝජනයක් සිදු වී ඇති බවට කිසිදු සාක්ෂියක් මේ වන තෙක් ලැබී නොමැත. එහෙත් මාධ්‍ය මගින් ඉෂාලිනී හට මෙම නිවසේදී ලිංගික අපයෝජනය කර ඇතැයි කියා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ චරිත ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බව හොදින් පැහැදිලි වේ.

• ඉෂාලිනී පිලිස්සුනේ කෙසේද?

2021/07/03 වන දින උදෑසන 6.45ට පමණ තම කාමරය දෙස සිට ඉෂාලිනී කෑ ගසමින් නිවසේ පහල මහලේ සිටි මන්ත්‍රීවරයා නැන්දණිය හා මාමණ්ඩිය ගේ කාමරය දෙසට දිවගෙන පැමිණ ඇත. එම ශබ්දය ඇසී වහාම තම කාමරයෙන් එලිය‌ට පැමිණි නැන්දනියට දැකගන්නට ලැබුනේ බේරගන්න යැයි කෑ ගසමින් ඉෂාලිනී ඔවුන්ගේ කාමරය දෙසට දිවගෙන ඒමයි. එවිට ඇයගේ ශරීරයට ගින්දර ඇවිලෙමින් තිබූ නිසා බියට පත් වී කෑ ගසන ලද නැන්දනියගේ ශබ්දය ඇසී මාමණ්ඩිය පැමිණ ඇත. ඔහු විසින් වහාම ඒ අසල තිබූ කාපට් එකක් ඉශාලිනීගේ ඇගට දමා ඔතා එම ගින්න පාලනය කර ඇත. මෙම සිද්ධිය පළමුවෙන්ම දැක ඇත්තේ මෙලෙසය. එහෙත් මෙම ගිනි ගැනීම සිදු වී ඇත්තේ හදිසි අනතුරකින්ද, සිය දිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

එම ගින්න නිවීමෙන් පසුව ඇය විසින්ම ගොස් ඒ අසල තිබූ මාලු සිටිනා වතුර පොකුණකට බැස මද වේලාවක් එම පොකුණට වී රැදී සිට ඇත.

• ඉෂාලිනීව රෝහලට ගෙන යාමට පරක්කු වුවා යයි පැවසීම?

ඉෂාලිනී පොකුනේ රැදී සිටින අවස්ථාවේදී එහි පැමිණි රියදුරෙකු විසින් වහාම 1990 සුවසැරිය වෙත අමතා ඇත. ඒ උදෑසන 7.03 ට වේ. පෙ.ව 7.15 ට පෙර පැමිණ තිබූ සුව සැරිය ඇම්බියුලන්ස් එක මගින් පෙ.ව 7.20ට පෙර ඉෂාලිනීව රැගෙන මෙම ස්ථානයෙන් පිටත්ව කොළඹ ජාතික රෝහලට ගොස් ඇත. එය පසුපස නිවැසියෙක්ද රෝහලට ගොස් ඇයව රෝහල්ගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකර ඇත. මෙහිදී ඉෂාලිනී ඉහත කියා සිටි පොකුනෙන් බැස සිටි කාලය හැරෙන්නට අමතර වේලාවක් පමා වී නොමැත.

• ඉෂාලිනීව රෝහල්ගත කිරීමේදී ඇයගේ තොරතුරු වැරදි ලෙස ඇතුලත් කර තිබීම

ඉෂාලිනීගේ නම හා වයස නිවැරදි ලෙස දැන ගන්නට ලැබෙන්නේ ඇය රෝහල්ගත කිරීමෙන් දින කිහිපයකට පසුව ලැබුනු උප්පැන්න සහතිකයෙන් වේ. එතෙක් ඇයව මෙම නිවසේ හදුන්වා ඇත්තේ ඉෂානි යන නමින් වේ.තවද ඇය මෙහි සේවය‌ට පැමිණෙන විට පවසා ඇත්තේ අවුරුදු 18 වන බැවින්, ඇයගේ වයස අවුරුදු 18ක් ලෙස රෝහලට ඇතුලත් කිරීමේදී දැනුම් දී ඇත.

• ඉෂාලිනීගේ සේවය‌ට ලක්ෂ 2ක පමණ පඩියක් ලබා දී තිබීම

ඉෂාලිනී 2020/11/18 වන දින මෙම නිවසට සේවයට පැමිණීමෙන් පසු දින 5කට පසු මාස 2ක අත්තිකාරම් මුදලක් වන රු.40000ක මුදලක් ඇයගේ මව විසින් ලබා ගෙන ඇත. ඉන් පසු දෙසැම්බර් මාසයේදී ඇයගේ මව විසින් නැවත කතා කර තම නිවසේ වහලය කැඩී ඇති බැවින් එය සාදාගැනීම සදහා කියා රු.60000ක මුදලක් ලබා ගෙන ඇත. නැවත මාසයකට පමණ පසුව ඇයගේ ලොකු පුතා අසනීප වී මාසයක් පමණ ලෙඩ ඇදේ සිටින බව පවසමින් තවත් රු. 40000ක මුදලක් ලබාගෙන ඇත. තවද මෙම තැනැත්තිය පිලිස්සීමට ලක්වීමට සතියකට පෙරද තවත් මුදලක් ඉල්ලා දෙන ලෙස තැරැව්කරු හරහා ඉල්ලීම් කර ඇත.

ඒ අනුව ඇය සේවය කර ඇති මාස 7 හමාර සදහා මුලු පඩිය රු 150000 ක් වුවත් ඇය හට මුලු එකතුව රු 200,000 ක මුදලක් ලබා දී ඇත්තේ ඔවුන්ගේ පවුලේ අසරණත්වය ගැන සිතාය.

• මෙම නිවසේ සේවය සේවය කල තවත් දෙදෙනෙකු මිය යෑම පිළිබද චෝදනාව

ඉෂාලිනී සේවය කිරීමට පෙර මෙම නිවසේ සේවයට කර ඉවත් වී වසර 2කට පමණ කාලයකට පසුව තම පෙම්වතා සමග සිදුවු ආරවුලක් මත දුම්රියකින් පැන හෝ ගැටී මිය යෑමේ සිද්ධියක් මෙම සිද්ධිය සමග එකතු කර මාධ්‍ය මගින් මෙම නිවසේ සේවය කරන අතරතුර සිදුවුවාවක් යැයි මහජනතාවට පෙන්වා වැරදි මතයක් නිර්මාණය කර ඇත. තවද, තවත් අවුරුදු 35ක පමණ තැනැත්තියක් මෙහි සේවය කර ඉවත් වී වසරකට පමණ පසුව ඇයගේ අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇත. මේ සියල්ල වෙනත් අරමුණකින් කරන ලද කුමන්ත්‍රණයක් බව හොදින් පෙනී යයි.

• මෙම නිවසේ සේවය කල 11 දෙනෙකුට වද හිංසා කර ඇති බවට කරන ලද චෝදනාව

යම් පුවත්පත් මාධ්‍යයක් ඔස්සේ මේ පිලිබදව වාර්තා කිරීමෙන් පසුව බොහෝ දෙනෙක් මේ පිලිබදව විවිධ ලෙස අර්ථකථනය කර තිබිණි. ඉහත කී සේවය කල අයගෙන් 07/28 වනාදා තෙක් කිසිම කටඋත්තරයක් ලබාගෙන නොතිබිණි. එහෙත් ඒ පුවත්පත 07/24 වන දිනම බදියුදීන්ගේ ගෙදර තරුණියන් 11කට දැඩි හිංසා යනුවෙන් අසත්‍ය පුවතක් තම පුවත්පතේ මුලික මාතෘකාවක් ලෙස ප්‍රචාරය කර ඇත. එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව නිවැසියන් විසින් පවසා සිටී.

• රිශාඩ් බදියුදීන්ගේ බිරිදගේ තවත් සොහොයුරෙකු දැරියක දූෂණය කර 2007 වසරේදී සිට බන්ධනාගාරගත කර ඇති බවට පවසන චෝදනාව

රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිදගේ කිසිදු සහෝදරයෙකු හෝ ඥාති සහෝදරයෙකු මෙලෙස බන්ධනාගාර වී නොමැති අතර එය ඉතාමත් අමූලික චොදනාවක් වේ. මෙවැනි අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් මේ සිදුකරන්නේ දේශපාලනික හා ජාතිවාදී කුමන්ත්‍රණයක් බව හොදින් පෙනී යයි.

• බදියුදීන්ගේ බිරිද 2008 සිට ට්‍රොලර් මගින් මිනිස් ජාවාරම් කර ඇතැයි පවසන චෝදනාව

සිංහලේ යන සංවිධානයක් විසින් 07/28 වන දින මාධ්‍ය සාකච්ඡාවක් මගින් මෙම අමූලික අසත්‍ය චෝදනාව ඉදිරිපත් කර ඇත. මෙවැනි කිසිදු සිදුවීමක් සිදුවී නොමැති බවත්, මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර සිටින බවත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පවුලේ අය කියා සිටී. මෙය හුදෙක් යම් යම් ජාතිවාදී කන්ඩායම් මගින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ දේශපාලන ගමනට බාධා කිරීමටත් ඔහුගේ චරිත ඝාතනයට කිරීමටත් සිදු කරන කුමන්ත්‍රණයක් වේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඒ.ජේ.එම්. ෆායිස් මහතා. 

SendShareShare
Previous Post

කොතලාවල ගැන කතා කරන්න මහින්ද ආණ්ඩුවම අරලියගහ මන්දිරයට ගෙන්වයි! රෑ කෑමත් ලෑස්තියි!

Next Post

කොතලාවලට ශ්‍රීලනිප සහාය නෑ!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.