• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඔක්කොම පත්තර ‌බොරු කියද්දී 2019 මව්රට කියපු ඇත්ත

December 29, 2019
in News, Politics, Uncategorized
Reading Time: 6 mins read
A A
ඔක්කොම පත්තර ‌බොරු කියද්දී 2019 මව්රට කියපු ඇත්ත
Share on WhatsAppShare on Facebook

අවුරුද්දක් අවසන්ය. ඒ මාස දොළහකි. සති පනස් දෙකකි. දින තුන්සිය හැට පහකි. පැයවලින් අටදහස් හත්සිය හැටකි. විනාඩි පන්ලක්ෂ විසිපන්දහස් හයසීයකි. තත්පර දක්වාම කියනවා නම් තුන්කෝටි පහළොස් ලක්ෂ තිස් හයදාහකි. බොහෝ දේ සිදුවන්නට තප්පරයක් ප්‍රමාණවත්ය. එහෙමනම් දෙයක් වෙන්නට වසරකට ඇති අවස්ථා ගණන තුන් කෝටි පහළොස් ලක්ෂ තිස් හයදාහකි. වසර ගත වෙන දිනක හිතන්නට බොහෝ දේ තිබේ. සිහිකරන්නට බොහෝ දේ තිබේ. මතක සටහන් බොහෝය. නමුත් අප සටහන තබනුයේ මාධ්‍යයක් ලෙස අපි අපේ වගකීම කළ හැටි ඔබට සිහිපත් කර දෙන්නටය. ඒ ලංකාවේ බොහෝ මාධ්‍ය සිය මාධ්‍ය වගකීම ඉටු නොකරනා කාළයකය. බොහෝ මාධ්‍ය සිය අයිතිකාරයන්ගේ පුද්ගලික උවමනාවක් වෙනුවෙන් කැපව ඉන්නා යුගයක අපි ජනතාවගේ මාධ්‍යයක් බවට පත්වූයෙමු. එය ලෙහෙසි නැති බව දැන දැනම අපි ඒ මග තෝරා ගත්තෙමු.

අරුන් සිද්ධාර්තන්

ලංකාවේ මාධ්‍ය හදිස්සියේ වේදිකාවට ගෙනා වීරක්‍රියා ගැන ඔබට මතක ඇතැයි අපි සිතමු. ඔහු නමින් අරුන් සිද්ධාර්ථන්ය. සමහර මාධ්‍ය ඔහු ජාතික වීරයෙක් කරද්දි අපි ඔහු කවුදැයි සොයා ගියෙමු. ඒ කාට හෝ අපහාස කන්නට නොවේ. වීරයෙක් සොයා වෙහෙසෙන්නට වූ සමාජ වැරදි පාරක යන එකෙන් ගලවා ගන්නට අපිට වගකීමක් තිබුණේය. ඒ නිසාම අපි අරුන් සොයා ගියෙමු.
‘‍අරුන් කියලා කියන්නෙ කවුරු වුණත් ඔහුව දකුණ ඉතාම තදින් වැළඳ ගත්තා කියන එක ඔබ දන්නවා. අන්න ඒ නිසා අපි ඔහු ගැන උතුරෙ හෙව්වා. නමුත් ඒ ගැන නිශ්චිත ආරංචියක් මොනවත් අපිට උතුරෙන් ලැබුණෙ නෑ. අපේ මේ හෙවිල්ල ගැන දැක්ක සමහර දෙනා ඒක පටලාගෙන තිබුණා. අපි මේ කියන්නෙ අරුන් කියලා කෙනෙක් නෑ කියලා වත්, ඔහුට යාපනේ කොහේ හෝ තැනක නිවසක් නෑ කියලා වත් නෙමෙයි. ඇත්තටම අපිට කියන්න ඕන වුණේ මේ දකුණ ඔහුව බදාගන්න හදන තරමට උතුරට ඔහු වැදගත් නෑ කියන එක.’
අපි එසේ ලීවෙමු. එයට විවිධාකාර ප්‍රතිචාර ලැබුණේ ය.
‘‍කොහොම නමුත් ඔහුව උතුරෙ දන්නෙ නෑ. ඔහුව උතුරට අදාළත් නෑ. ඔහු ඔය කියන කතන්දර උතුරෙ ඇත්තටම ඇත්තෙත් නෑ. ඒත් ඔහු මෙහෙ ඇවිල්ලා මොකද්ද රූපයක් මවාපානවා. ඔහු මීට කලින් වසරක මැතිවරණයකට ආවාය කියන එක සහ කොළඹ පාසලක ඉගෙන ගත්තාය කියන එක අපිට හමුවෙන්නේ දකුණෙ කට කතා අතරින්.
නමුත් බලාගෙන ඉමු,
මේ උතුරෙ කවුරුවත් අහලවත් නෑ දකුණෙ වීරයා එන්නෙ මොකාටද කියලා. හැබැයි ඔහු කරන්නෙ රඟපෑමක් කියලා නම් උතුරෙ මිනිස්සු හුඟාක් අය කියනවා.’‍
අද වෙද්දී අරුන් කිසිම දේශපාලනික හෝ වෙනත් කටයුත්තකට මැදිහත් වීමක් නැත. ඔහු ගැන කිසිම ආරංචියක් නැත. පහුගිය මැතිවරණයක දීවත් ඔහු කරළියට ආවේ නැත. අපි අපේ වෙහෙස මහන්සියෙන් සොයාගත් සත්‍ය ඔබට කීවේ ඒ නිසාය. ‘‍මව්රට’ ඔබට ඇත්ත කී බවට ඒ එක සාක්ෂියකි.‍‍

උතුරේ ‌කොටි

‘මව්රට’ අපි නිතර ඔබට කී කතාවක් වූයේ උතුරේ යළි කිසිම දිනෙක කොටි හිස ඔසවන්නේ නැති බවය. එය විවිධ අභියෝග එල්ල කරමින් සමහර මාධ්‍ය
‘‍කොටියා ආවා,
කොටියා ආවා…’‍
කියන්නට ගත්තේය. අපි ඔබ වෙනුවෙන් උතුර පීරා ඒ කතාවේ ඇත්ත නැත්ත සෙව්වෙමු.
‘‍අන්න ගහලලු‍’
කියා කියද්දීත් අපි කීවේ
‘‍දෙමළ මිනිස්සු ඕවා කරන්නෙ නෑ’‍
කියාය. ඔවුහු එය අපට ඔප්පු කළෝය. යළි කොටි හිස එසෙව්වත් එවැන්නක සේයා මාත්‍රයක්වත් මතු වූ යේ නැත.

පාස්කු ප්‍රහාරය

අප්‍රේල් 21 ප්‍රහාරය මේ වසරේ අතිශය තීරණාත්මක සිදුවීමකි. මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයක් අපට අහිමි විය. සමහරු තවමත් ලෙඩ ඇඳන්වලමය. සමහරුන්ට කිසිදා සුව කළ නොහැකි ආබාධ සිදුවිය. සමහර පවුලක ඉතිරි වුණේ එක්කෙනෙක් දෙන්නෙක් පමණි. මෙය අතිශය ශෝචනීය සිදුවීමකි. නමුත් ඒ සිදුවීමෙන් වාසි ගන්නට යත්න දැරුවෝ දේශපාලකයෝ ය. අපි ඊට එරෙහිව ඒ සත්‍ය සොයා ගියෙමු.
‘‍බලාගෙන ඔය ගමන යන්නෙ…’‍
‘‍බෝම්බ, මරාගෙන මැරෙන බෝම්බකාරයො හැම තැනම.’‍
‘‍සෙල්ලං කරන්න එපා, යන්න පුළුවන් ගමනක් ද ඔය…’
කියලා අපිට හැමෝම කිව්වා. ඒ නිසා අපි වෙන දේකට මූණ දෙන්න හිතාගෙන මේ ගමන ආවා. මේ ඒ ආපු ගමනෙ ප්‍රතිඵලය. ලංකාවම බලාගෙන ඉන්න අලු‍ත් ත්‍රස්තවාදය ඇස් අරිනවාය කියන කාන්තන්කුඩියට අපි ආවා. පොලිසියයි, හමුදාවයි වැහි වැහැපු, අඩියෙන් අඩිය මාර්ග බාධක දාපු මිනිස්සු තමන්ම බෝම්බ පුපුරුවාගෙන මැරෙන කාන්තන්කුඩියෙ අපි නතර වුණා.
අපි මේ ගමන ආපු විදිය කියලම කතාවට බහින්නම්. මොකද මේ කතාවෙ බරපතළකම ඔබට තේරෙන්න නම් මේ ගමනෙ අසීරුව තේරුම් යන්න ඕන. අපි කාන්තන්කුඩි ආවෙ අපේ පුද්ගලික වාහනයක. කිසිම කැබ් සර්විස් එකක් මේ ගමන එන්න කැමති වෙන්නෙ නෑ. ඒ නිසා ඒ අභියෝගය අපිම භාරගත්තා.
‘ත්‍රස්තවාදී ක්‍රියාවලින් වෙන හානිවලට ඉන්ෂුවරන්ස් එකක් දාගන්න… කියලයි අපිට දකුණෙ අය කිව්වේ.’‍
මේ අපේ කාත්තන්කුඩි ගමනේ ඇරඹුමේ සටහනයි. අපි එසේ ගොස් හොයාගත් කතන්දර සියල්ලක්ම ඔබට අඩු නැතිව කීවෙමු. යළි ප්‍රහාරයකට ඉඩකඩක් නැති බවද කීවෙමු. බොහෝ මාධ්‍ය
‘‍ආයෙ ගහනවා’
කියද්දී අපි සත්‍ය නොසඟවා කීවේ රට ප්‍රථම නිසාය. නමුත් මේ ප්‍රහාරයන්ගෙන් ඉක්බිති රට අකර්මණ්‍ය විය. සතියක් පාසල් පවත්වාගන්නට බැරි තැනට රට ආවේය.

13 වැනිදා ප්‍රහාරය

‘‍13 ප්‍රහාරයක් එල්ල වෙනවා’‍ ය කියා සමහර මාධ්‍ය මැයි 13 වැනිදාවකට ඇඟිල්ල දික් කරන්නට විය. මේ ප්‍රහාරයේ ඇත්ත හොයන්නට අපි මහමඟට බැස්සෙමු. මිනුවන්ගොඩ, කුලියාපිටිය ආදී ප්‍රහාර ජාතිවාදී ප්‍රහාරවලටත් වඩා දේශපාලන නාඩගම් සහ සන්දර්ශන බව අපි යළි යළිත් කීවෙමු.
‘‍මඩම්පැල්ලෙ පල්ලියකට කඩු අරගෙන සෙට් එකක් බැහැලලු‍. වෑන් එකකින්ලු‍ එක්කගෙන ආවෙ. උන් පල්ලියෙ හැංගිලා ඉඳලා අහුවෙලා ලු‍…’ කියලා. හැබැයි ඒ කතාව සම්පූර්ණ අසත්‍ය එකක් කියලා අපි කියන්නෙ වගකීමක් සහිතව. එහෙම කවුරුවත් අහුවෙලා නෑ වගේම එහෙම දෙයක් වෙලාවත් නෑ. හැබැයි පහුවෙනිදා පාසල් පටන් ගැනීම බරපතළ අර්බුදයක් බවට පත්වුණා. පාසල් සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. අපි මේ ලියන මොහොත වනවිටත් ලංකාවෙ පාසල් තව දුරටත් අසාර්ථකයි. ප්‍රධානම හේතුව අපි රැවටෙන බරපතළ අසත්‍ය ප්‍රකාශ.
මේ තත්ත්වය අසාමාන්‍ය වෙන්න පටන් ගන්නෙ පාස්කු ප්‍රහාරයෙන් මාසෙකට ආසන්න කාලයක් ගතවෙනකොට. මේ වැඬේ පටන් ගන්නෙම හෙට්ටිපොළ කුලියාපිටිය ඇතුළුව වයඹ පළාත මූලික කරගෙන. ඒක එහෙම වෙන්න හේතු මොනවද කියන එක පවා හිතාගන්න අමාරුයි. මොකද මේ කියන ප්‍රදේශ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට සාක්ෂි නෑ. හැබැයි මේ ගම්වල පාරම්පරික මුස්ලිම්වරු ඉන්නවා. ඒ අයගෙ ඉතිහාසය අපි දන්නෙ නෑ. නමුත් මේ සිද්ධි ඇතිකරපු අය ජනතාව රවට්ටන්න පාවිච්චි කරපු අපූරු උපක්‍රම අපි දැක්කා.
දහතුන් වැනිදා කිසිම සිදුවීමක් වාර්තා නොවෙන කොට විවිධ ආරංචි පැතිරෙන්න ගත්තා. ඒ ගැන හොයන්න පාරට බැස්ස ලියුම්කරුට මේ කතා අහනකොට මේ රට ගැන දැනුණෙ ඇත්තටම අප්පිරියාවක්.
‘‍මේ මිනිස්සු මෙච්චරම නූගත් ද…?’‍

දොස්තර සාෆි

මේ අපි ඒ ගැන තැබූ සටහනයි. මෙහි තවත් කොටස් තිබේ. මේ අතර දොස්තර සාෆි ගැන නොයෙක් කරුණු කාරණා මතුව ආවේය. පේරාදෙණිය රෝහල වෙත ද ඇඟිල්ල දිගු කළේය. අපි ඒ කතාවේ ඇත්ත නැත්ත හොයමින් කුරුණෑගල, පේරාදෙණිය රෝහල්වලට රහසින් ඇතුළු වුණෙමු. එහි බොහෝ දෙනෙක් කී කතන්දර අපි ඔබට ද කීවෙමු. දැනට දැනගන්නට ඇති පරිදි සාෆිගේ සිද්ධියෙන් අගතියට පත් වූ බව කී සමහරු ගැබ් ගෙන තිබේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිපලය

මීට අමතරව අපි ඉකුත් ජනාධිපතිවරණයට පෙර සතියේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ බැසිල් රාජපක්‍ෂ මහතා විසින් සකස් කර තිබූ මත විමසුමක ප්‍රතිඵල පාඨකයන්ට රැගෙන ඒමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ එම මත විමසුමට අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා 52%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය ලබා ගන්නා බවකි. ජනාධිපතිවරණ ප්‍රතිඵලය අප කී එම කතාව මනාව තහවුරු කළේය.

නාමල් කුමාර

එපමණක්ද නොව ‘මව්රට’ සීඅයිඩී ස්පෙෂල් තීරය ඔස්සේ අපි නිරතුරුවම අනෙකුත් පුවත්පත්වලට වඩා වෙනස් විශාල තොරතුරු සමුදායක් පාඨකයා වෙත රැගෙන ඒමට පියවර ගත්තෙමු. උදාහරණයක් ලෙස අනෙකුත් සියලුම පුවත්පත් නාමල් කුමාර නැමැත්තා විසින් කරනු ලැබූ හෙළිදරව්ව පදනම් කරගෙන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව පිටු ගණන් බොරු පුරවද්දී අප පැහැදිලිවම කියා සිටියේ නාමල් කුමාර යනු බොරුකාරයකු බවත්, ඔහු කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නකු බවත්ය. අද වන විට නාමල් කුමාර බොරුකාරයකු ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණය හමුවේ කරුණු වාර්තා කර අවසන්ය. මෛත්‍රිපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ කිසිදු සාක්‍ෂියක් නොමැති බවත්, එය නාමල් කුමාර ඇතුළු පිරිසක් විසින් ගෙතූ පුවතක් බවත් මේ වන විට හෙළිදරව් වී තිබේ.

මාකදුරේ මධූෂ්

එමෙන්ම පාතාල ලෝකය සම්බන්ධයෙන්ද පළ කළ තොරතුරු එසේය. අනෙකුත් පුවත්පත් සියල්ල මාකඳුරේ මධූෂ් ගැන, අංගොඩ ලොක්කා ගැන, සමයං ගැන, ලඩියා ගැන අතේ පැළවෙන බොරු රස කරමින් කියද්දී අප පමණක් ඒ තොරතුරුවල සැබෑ තත්ත්වය පාඨකයන්ට ගෙන ඒමට කටයුතු කළේය. කොටින්ම කියනවා නම් මධුෂ් ඩුබායිහිදී කොටුකරගත් මෙහෙයුම සහ ඊට ඔත්තු සැපයූ අන්නාසි මොරිල් පිළිබඳවත් පළමුව රටට හෙළිදරව් කරනු ලැබුවේ අප විසින්ය. අනෙකුත් සියලු පුවත්පත් ඒ පිළිබඳ තොරතුරු හෙළිකරන්නට පටන් ගත්තේ අප කළ එම අනාවරණයෙන් පසුවය.

ඇල්පිටි ජන්ද ප්‍රතිපලය

මේ මැතිවරණයේදී වඩාත් පක්ෂපාතී සහ සාධාරණ ගණනයන් ඉදිරිපත් කරන්නට අපි සමත්වුණෙමු. මුලින්ම ඇල්පිටිය ප්‍රතිඵලයයි. එහි බොහෝ දෙනා බොහෝ කතා කියන අතර අපි කීවේ
‘‍එජාපය සීයට තිහක් ගත්තොත් ලොකු දිනුමක්’ කියාය.
‘‍පොහොට්ටුවට තනියම සීයට හැටක් ගන්න බෑ’‍
කීවේ හිතාගන්නවත් බැරි ජනබලයක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දකුණේ තියෙද්දීය. ඒවා සත්‍ය බවට පත්විය. එජාපයට සීයට තිහක් ගන්නට බැරි වුණා සේම පොහොට්ටුවට සීයට පනස් අටක නතර වෙන්නට සිදුවිය. ජනාධිපතිවරණ ප්‍රතිඵලය අදාළව අපි කී අනාවැකි බොහෝ විට සත්‍ය විය.
‘‍සුළු‍ ජාතික ඡන්දවලින් ලක්ෂ 14ක්’ ‍යැයි අපි කී අතර,
‘‍එජාපය ලංකාවේ සුළු ජාතික යැයි සම්මත කරගත් මනාපවලින් සජිත් පිලට ලැබුණ මනාප ප්‍රමාණය 1,327,037කි.’‍
එසේම වඩාත්ම තීරණාත්මක ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ප්‍රතිශතය ලෙස අපි කීවේ
‘‍52%’කි. ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත්තේද
‘‍52.25%’ කි. මේ ගණිතය ටක්කෙටම කියන්නට ‘මව්රට’ සමත් විය. එසේම අපි කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය මෙවර එජාපයට ලෙහෙසි නොවනා බවද කී අතර ඊට හේතුවද කීවෙමු.
‘‍ඒ අඩුවීම බලපාන්නෙ අවසාන ප්‍රතිඵලයට. මීට සාපේක්ෂව හෝමාගම, කඩුවෙල, මහරගම වගේ ආසනවල ලියාපදිංචි ඡන්ද වැඩිවෙන එකත් එක්ක ඒක ප්‍රශ්නය වේවි’
මේ අපි එදා ඒ ගැන කී කතාවයි. එය ටක්කෙටම හරි ගියේය. තව බොහෝ දේ තිබේ. නමුත් මේ ප්‍රමාණවත්ය. 2019 දී අපි අපේ වගකීම කළෙමු. 2020ටද අපි සූදානම්ය. ඒ අපි මහජනතාවගේ මාධ්‍යයක් නිසාය. අපට රැක ගන්නට ඇත්තේ ඔබ පමණක් නිසාය. අදටත් හෙටටත් අපට වැදගත් ඔබය. ඒ නිසා අපි හැමදාමත් පැත්ත ගියත් ඇත්ත කියන්නට සූදානම්ය.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

රනිල්-‌මෛත්‍රී එක්ක ඌටි යද්දී සජිත් කට්ටිය එක්ක වටේ යයි

Next Post

ගෝඨාගේ ‌දෙවැනි ගමන චීනෙට

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.