ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවන නිල සංචාරය සනිටුහන් කරමින් චීනයට යාමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ නිල ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙසේ චීන සංචාරයක නිරත වීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
ලංකාවේ සිදු කර ඇති විදෙස් ආයෝජන සහ ව්‍යාපෘති අතරින් වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ චීන රජය විසිනි.
ජනාධිපතිවරයා සිය පළමු විදෙස් සංචාරය ලෙස තෝරාගත්තේ අසල්වැසි ඉන්දියාවය.