• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එංගලන්තෙන් ලංකාවට ඇවිත් ලංකාව ලෝකෙට අරන් ගිය කව්ද මේ ලිප්ටන්…

May 25, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
එංගලන්තෙන් ලංකාවට ඇවිත් ලංකාව ලෝකෙට අරන් ගිය කව්ද මේ ලිප්ටන්…
Share on WhatsAppShare on Facebook
අපේ දේශීය වෙළෙඳපොළේ මේ වන විට විවිධ වාණිජ නම්වලින් හැඳින්වෙන තේ කොළ (කුඩු) ඇසුරුම් හෝ සිල්ලරට හෝ මිලට ගත හැකිය.

අප කුඩා කල (නවසිය පනහ දශකයේ) වර්තමානයේ මෙන් විවිධ වාණිජ නම්වලින් අලෙවි කිරීමට තේ කොළ නොතිබිණි. තිබුණේ “ලිප්ටන් තේ” සහ “හෙන්ඩි්‍රක්ගේ තේ” පමණි. ඒ දෙවර්ගයේම ඉතාම කුඩා පැකැට්ටුවක් සත පහකි. තුන් හතර දෙනකුගෙන් යුත් පවුලකට ඒ සත පහේ පැකැට්ටුව දෙවේලකට හොඳටෝම ප්‍රමාණවත්ය. එහෙත් ඒ දිනවල භාවිත වූ රාත්තල් මිනුම්වලින් පනහක් හැටක් තරමේ ප්‍රමාණයක් අඩංගු පෙට්ටිවල අසුරා තිබූ තේ සිල්ලරට සෑම තැනම පාහේ වෙළෙඳ සල්වල අළෙවි කෙරිණි.

වර්තමානයේ තේවලට වඩා එදා අපේ තේ ජාත්‍යන්තරයේ කිරුළ හිමිකරගෙන තිබුණේය.

ඈතින් එන නැව්වලට පෙනෙන්නට කොළඹ වරායේ CEYLON GOOD TEA යන්න දැවැන්ත පුවරුවක සටහන් කෙරී විදුලියෙන් ආලෝකමත් කර තිබිණි. එක අකුරක උස අඩි පහකි. ඒ අනුව එම පුවරුවේ උස අඩි හැට පහකට වැඩිය.

දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ජපනා කොළඹට බෝම්බ දැමීම නිසා කොළඹ (වරාය) යළි ඉලක්කගත නොවීමට ඒ පුවරුව ගලවා දැමීමෙන් පසුව යළි ස්ථාපනය කෙරුණේ නම් නැත. ඒ අන්දමින් අපේ තේ ලෝකයට ගියේ “ලිප්ටන් තේ ”යන නමිනි.
නවසිය හතළිස් අටේදී “සුද්දන්ගෙන්” නිදහස්වීමට ජාතිවාත්සල්‍යයෙන් එදා පිපුණු දැපුණු අපි “අප රට දේ – සිරි සැප දේ” යන්න මුඛ්‍ය වාක්‍ය කරගත්තෙමු. එහෙත් අපේ රටේ නිෂ්පාදිත තේ “ලිප්ටන් තේ” නමින් ගෝලීයකරණය වූයේ කෙසේදැයි බොහෝ දෙනකු නොදන්නා කතාවය. ඒ නොදන්නා කතාව වනාහි අපේ රටේ තේ නිෂ්පාදනයේ ආරම්භයට ව්‍යාප්තියට සහ අපනයනයට “ලිප්ටන්” කෙනකු සිටීමය. කවුරු මොනවා කීවද ඒ “ලිප්ටන්” නොසිටින්නට අපේ තේ ටිකට ජාත්‍යන්තරයේ මෙවන් කීර්ති නාමයක් ලැබෙන්නේද නැති තරම්ය. කෙටියෙන් කියන්නේ නම් ශ්‍රී ලංකා තේ නැතහොත් CEYLON TEA ජාත්‍යන්තරයට ගෙන ගියේ තෝමස් ජේ. ලිප්ටන් තැනැත්තාය. පසු කලෙක ඔහුට වික්ටෝරියා මහ රැජිනය විසින් ශ්‍රීමත් යන නම්බු නාමය පිරිනමනු ලැබීම නිසා හෙතෙම සර් තෝමස් ජේ. ලිප්ටන් නම් වුවේය.

මහ රැජිනගේ වජ්‍ර ජයන්තිය නිමිත්තෙන් එක්දහස් අටසිය අනූහතේ පැවැති උත්සවයේදී ලන්ඩන් නගරයේ දිළිඳු ප්‍රජාවට භෝජන සංග්‍රහයක් පැවැත්වීම වෙනුවෙන් ඔහු පවුම් විසිදාහක් පරිත්‍යාග කෙළේය. ලිප්ටන්ගේ ළමා කාලය ලෝකයේ ශ්‍රේෂඨත්වයට පත්වන්නකුට හිමි දෛව සිද්ධාන්තයටම අනුරූපී විය. ඒ දරිද්‍රතාව කුසගින්න යන “නිවුන්නුන්” සමගම මව් කුසින් බිහිවීමය.

ලිප්ටන්ගේ මාපියෝ අයිරිෂ් ජාතිකයෝ වූහ. අයර්ලන්තයේ විසුවෝය. විවාපත් දිනයේ පටන්ම ඒ දෙදෙනා ජීවත්වීමේ සටනට වන්හ. ඒ අතරේදී ඒ ප්‍රදේශයේ දරුණු සාගතයක් පැතිර ගියෙන් තරුණ යුවල එක්දහස් අටසිය හතළිස් පහේ දී ස්කොට්ලන්තයේ “ග්ලාස්ගෝව්” ප්‍රදේශයේ පදංචියට ගියහ. එහිදී එක්දහස් අටසිය හතළිස් අටේ මැයි දහවැනි දින තෝමස් ජේ. ලිප්ටන් උපන්නේය. ඒ වනවිට ඔහුගේ පියා මුද්‍රණාලයක සුළු සේවකයකු (කම්කරුවකු) වශයෙන් වැඩ කෙළේය. කුඩා ලිප්ටන් පස් හැවිරිදි වියේදී “ශාන්ත ඇන්ඩෲස්ගේ”පාසලට ගියේය. ඔහු පවුලේ බාලයා වුයේය. ඔහුට සාහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියක් උන්හ. වයස අවුරුදු දහතුන වන විට තෝමස්ට සිටි සහෝදරයන් තිදෙනාත් සහෝදරියත් මියගියහ. දරිද්‍රතාව ඒතරම්ම උග්‍ර වී තිබිණි. අධ්‍යාපනයට වඩා කුසගින්න බලවත් නිසා පාසල් ගමන නැවැතූ ලිප්ටන් තම පියා වැඩකරන මූද්‍රණාලයේ පණිවුඩකරුවකු වශයෙන් වැඩට ගියේය. එහෙත් ඒ වැඩේ ඔහුට හරි ගියේ නැත. ඉන් පසු ඇඳුම් මහන තැනක ඇඳුම් කපන්නට ගියේය. ඒකත් හරිගියේ නැත. බැරිම තැන ඔහු දුම් නැවක වැඩට ගියේය. ඒ එක්දහස් අටසිය හැටහතර තරමේදීය. නැව රට රටවල් ගණනාවකට යන්නක් වූ බැවින් ඔහුද ඒ සමග ගියේය. ඒ ගමනක නැව ඇමෙරිකාවට ගිය විට ඔහු එහි නැවතී සුළු සුළු රැකියාවල් ගණනාවක් කර ඉතුරු කරගත් වත්කම සුළු වුවත් එමගින් වටිනාකමෙන් මහත් වූ අත්දැකීම් රැසක් උපයා ගත්තේය.

අනතුරුව ලිප්ටන් ආපසු ගෙදර ආවේ එක්දහස් අටසිය හැත්තෑවේදීය. ඒ වන විට ඔහුගේ පියා පොඩි කඩයක් පටන්ගෙන කුකුළු මස්, බිත්තර සහ ඌරුමස් විකුණමින් සිටියේය.

විසි දෙහැවිරිදි වියේ සිටි ලිප්ටන් පියාට උදව්වට ගියේය. බිස්නස් එක තවත් පුළුල් කරන්නට සිතු ඔහු තේ කොළ ඇසුරුම් කර අලෙවියට තබා තවත් අයිතමයක් වෙළෙඳාමට එක් කෙළේය. ඒ වැඩේ සාර්ථක විය. ඒ නිසා ටික කලකින්ම ඔහු පුංචි පුංචි අලෙවි මධ්‍යස්ථාන දහතුනක්ම ප්‍රදේශ ගණනාවක ආරම්භ කර අලෙවි ජාලයක් පටන් ගත්තේය. ඒ වන විට ඔහුට ජේම්ස් ටේලර් නමින් මිතුරෙක්ද යිටියේය. ඔහු (ජේම්ස්) ඒ සමයේ ලංකාවේ කෝපි වැව්වේය. ඔහු වරින් වර ලංකාවට ආවේය. ගියේය. ඔය අතරේ ලිප්ටන් ඕස්ටේ්‍රලියාවේ සංචාරයකට සූදානම් විය. ඒ දිනවල ඔහුගේ මිත්‍රයා සිටියේ ලංකාවේය.

ඕස්ටේ්‍රලියාවට යන අතරේ දින කීපයක් ලංකාවේ ගතකිරීමට එන ලෙසට මිත්‍රයා ඉල්ලා සිටියේය. ලිප්ටන් ඒ යෝජනාවට කැමැති විය. ඒ අනුව ඔහු සිය මිතුරාගේ තේ වත්ත තිබූ හපුතලේ බංගලාවේ නැවතී සිටිියේය. ඒ අවදියේ ලංකාවේ ප්‍රධාන වාණිජ වැවිල්ල තේ නොව කෝපිය. එහෙත් කෝපිවලට නරක දසාවක් ලබා දරුණු වසංගතයක් පැතිර ගොස් සියලුම වතු වැනසී යමින් තිබුණේය. ඒ නිසා ජේම්ස් ටේලර් කෝපි වගාව අත්හැර ඉන්දියාවේ වැවෙන තේ ගැන හිත යොදවා කල්කටාවෙන් ගෙනා තේ ඇට පැළකර වැවිල්ල ආරම්භ කර තිබුණේය. (ලංකාවට ප්‍රථමයෙන්ම තේ හඳුන්වා දුන්නේ ජේම්ස් ටේලර්ය)

“නරක ද? මෙහෙන් ඉඩමක් ඇරගෙන තේ වැව්වොත්?” ආගිය පුවත් කතාකරමින් සිටි ජේම්ස් ටේලර් සිය මිතුරාගෙන් ඇසුවේය.

ලිප්ටන් මඳක් කල්පනා කෙළේය. බොහා් වෙලාවක් කල්පනා කෙළේය. ඔහු ඕස්ටේ‍රලියාවට ගියත් හිත තිබුණේ ලංකාවේ කඳු මුදුනේය.

ඒ වන විට ඔහුගේ තේ කොළ ව්‍යාපාරය කෙරුණේ එංගලන්තයට ලොකු පෙට්ටිවල ආනයනය කෙරෙන තේ පැකට් කර අලෙවි කිරීමය. “මටම කියල තේ වත්තක් තියෙනව නම්” ලිප්ටන්ගේ හිත කෙඳිරි ගෑවේය.

එසේ නම් වත්තෙන් කෙළින්ම තේ පෝච්චියට (Straight from the estate to the tea pot) යන සංකල්පය ඔහුට ඇතිවිය. ඒ අනුව හෙතෙම තේ වතු හතරක් මිලට ගත්තේය. කදිම ඇසුරුම්, සාධාරණ මිල සහ “හොඳම බඩු, අඩුම මිලට” යන තේමා පාඨයද හෙතෙම සිය ව්‍යාපාරයට අනුශාංගික කර ගත්තේය.

ලංකාවෙන් පළමුවෙන්ම අපනයනය කළ බව සඳහන් තේ ප්‍රමාණය රාත්තල් විසි තුනකි. එහි වටිනාකම රුපියල් පනස් අටකි. ලිප්ටන්ගේ “ග්ලාස්ගෝව්”වෙළෙඳසල අතු ඉතිදා මහා බි්‍රතාන්‍යය පුරා පැතිර ගියේය. වෙළෙඳ ජාලය ඒකක තුන්සියය ඉක්මවා පැතිර ගියේය. මහා පරිමාණයේ ගබඩා සංකීර්ණද ඉදිකරන්නට සිදුවිය. ශ්‍රී ලංකාවේ නිපදවූ තේ “ලිප්ටන්” නමින් රට ගියේය. ජාතක සහ වැදූ (නිෂ්පාදන) මවත් පියාත් ලංකාවේ වුවත් දරුවාගේ නම උප්පැන්නයේ “ලිප්ටන්” වුවේ ඒ අන්දමිනි.

ලෝ පතල “දඹතැන්න” තේ කම්හල තෝමස් ලිප්ටන් එකදහස් අටසිය අනූවේදී ගොඩනගන ලද්දේය. ඒ කම්හලේ පැටිකිරිය සඳහන් ලී මුවා පලකය (ලෑලි පුවරුව) අදත් පැහැදිලිව දක්නට ඇත. ඒ විස්තරය අනුව කම්හලේ දිග අඩි තුන්සිය හතළිස් පහකි. පළල අඩි හතළිස් පහකි. ලියාපදිංචි අංකය තුන්සිය විසිදෙකකි. නිෂ්පාදන ලියාපදිංචි අංකය දෙසිය හැටනවය වේ.
“ග්ලාස්ගෝව් මිනිසා” යැයි හැඳින්වෙන මේ අයෝමය යුග පුරුෂයා අවුරුදු අසූතුනක් ආයු වළඳා එක්දහස් නවසිය තිස්එකේ ඔක්තෝබර් දෙවැනි දින ලන්ඩනයේදී අවසන් හුස්ම හෙළුෑ බැවින් තම හපන්කම බැලීමට කිසිදා ලංකාවට පැමිණෙන්නේ ද නැත.

එහෙත් හෙතෙම ලංකාවේ මුහුදු මට්ටමෙන් අඩි හයදහසක් උස කඳු මුදුනක ශෛලාසනයක අසුන්ගෙන රන් පැහැති දාරයකින් යුත් තේ කෝප්පයක් අතැතිව හාත්පස අවලෝකනය කරමින් අදත් සිටින්නේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අරමුදල් පදනම් කරගත් මෙහෙයුම්වලින් ඉහළ වර්ධනයක් සමඟ කොමර්ෂල් බැංකුව 2021 ශක්තිමත්ව අරඹයි

Next Post

ලංකාවටම ගහන්න එන්නත් මිලියන 32ක් ගේන හැටි ගුණසේන ජනපතිට පැහැදිලි කළේ මෙහෙමයි! (VIDEO)

MORE NEWS

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

Load More
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

කලකට පෙර මෙරට මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස සැලකුණු කොළඹ වේල්ල වීදියේ ජනාකීර්ණ ප්‍රදේශයක අතහැර දමාගොස් තිබූ ගමන් බෑගයක තිබියදී හමුවූ...

Read more
වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.