ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික වාණිජ බැංකුව නායකත්වය ලබාදෙන කොමර්ෂල් බැංකු සමූහය 2021 මුල් කාර්තුවේදී අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් කටයුතුවලදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර, පොලී ආදායම්වලට සාපේක්ෂව පොලී වියදම් අඩුවීම සමඟ ප්‍රධාන බැංකුකරණ මෙහෙයුම්වල බුද්ධිමත් කළමනාකරණය තුළින් මෙම තත්ත්වය ළඟාකර ගැනීමට බැංකුව සමත්ව ඇත.
මේ අනුව, කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී.එල්.සී. සහ එහි අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මාස තුනක කාලය තුළදී රුපියල් බිලියන 40.905ක දළ ආදායමක් වාර්තා කර තිබෙන අතර, ශුද්ධ පොලී ආදායම 21.08%කින් රුපියල් බිලියන 15.477කින් වර්ධනයවී තිබෙන්නේ පොලී වියදම 17.14%කින් රුපියල් බිලියන 16.218ක් දක්වා අඩුවී තිබෙන වාතාවරණයක් තුළයි. මෙහිදී පොලී අනුපාත අඩුකිරීම නිසා පොලී ආදායම 2.04%කින් අඩුවී රුපියල් බිලියන 31.695ක් විය.
මීට අමතරව, බැංකුව 2020 වසර අවසානයේදී තිබූ සිය CASA අනුපාතය 42.72%ක සිට 45.26%ක් දක්වා මෙම කාලසීමාව තුළදී තවදුරටත් දියුණුකර ගැනීමට සමත්ව තිබෙන අතර, මෙය බැංකුවේ පොලී වියදම් අඩුවීමට තවත් හේතුවක් වී තිබේ.











