20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය මේ වනවිට කතානායක කාර්යාලය වෙත යැවීමට පියවර ගෙන ඇත.
ලබන සඳුදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කර්යාලයට ගිය පසු එය විවෘත කර බලන බව දැනගන්නට ඇත.
එම තීන්දුව ඔක්තෝබර් 20 වනදා නැවත පාර්ලිමේන්තුව රැස් වු පසු පාර්ලිමේන්තුවට දැනුම් දීමට කතානායකවරයා සූදානමින් සිටින බව වාර්තා වේ.










