• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අනුරපුර යුගයෙන් පසු රජගල අමතක වුණාද? (2 කොටස)

January 5, 2021
in News, Politics, Uncategorized
Reading Time: 6 mins read
A A
කාශ්‍යපටත් කලින් පර්වතයක් උඩ මාලිගාවක් හැදූ කව්ද මේ ලජ්ජතිස්ස -මව්රට විශේෂ ගවේෂණය EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

මෙතෙක් කාලයක් නිසි අවධානයට ලක් නොවූ නමුත් අපේ ඉතිහාසයේ විශේෂ සිදුවීම් රාශියක් සඟවා ගත් සුවිශේෂී පුරාවිද්‍යා පරිශ්‍රයක් ලෙස රජගල හඳුන්වන්න පුළුවන්. අති දුෂ්කර මඟක් ඔස්සේ ගන වනාන්තරය මැද සැඟවුණු රජගල සොයා ගොස් එහි සියලු තොරතුරු විමසා බලන්නට අප තීරණය කළේ ඒ හරහා අපේ ඉතිහාසයේ නව මානයක් විවර වන බවට වූ දැඩි විශ්වාසය නිසාමයි. දින කිහිපයක් පුරා රජගල සිදු කළ ඒ විශේෂ සංචාරයේ තොරතුරු ඇතුළත් පළමු කොටස පසුගිය සතියේදී පළ වූ අතර මේ එහි දෙවැනි දිගහැරුමයි.

රජගලතැන්න ගම්මානයෙන් හැරිලා රජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ ආරම්භය දක්වා වාහනයකින් ගමන් කරන්න පුළුවන්. වසර දහස් ගණනක් පැරැණි ගල් පඩි මතින් දිවෙන මඟ දිගේ තමයි ඉතිරි දුර ගමන් කරන්න වෙන්නේ. රජගලතැන්න ආරාම සංකීර්ණයට ගමන් කරන මාර්ගය ආරම්භයේදීම බොහෝ පැරැණි නටබුන් කිහිපයක්ම දැක ගන්න පුළුවන්. නාග රුව සහිත ගල් පුවරු වගේම, අතීතයේදී ජලය ලබා ගැනීම සඳහා භාවිතා කළා යැයි සිතිය හැකි පුරාවස්තු කිහිපයක්ම ඒ අවට විසිරිලා තියෙනවා.

දැවැන්ත වෘක්ෂලතාවන්ගෙන් පිරුණු වියළි කලාපීය ඝණ වනාන්තරයක් දිගේ තමයි මේ ගමන වැටිලා තියෙන්නේ. හැබැයි මහා දහවලක වුණත් මේ මාර්ගයට බිඳක්වත් හිරු එළිය වැටෙන්නේ නැහැ. ඒ අඩි පාර දිගේ ගමන් කරන ඕනෑම කෙනකුගේ නෙතට අපූර්ව දර්ශණ රාශියක් දැක ගන්න ලැබෙනවා වගේම ගතත්, හිතත් දෙකම පුදුම විදියට සනසවන්න ඒ පරිසරය සමත්. රජගලතැන්න ආරාම සංකීර්ණය දක්වා ගමන් කරන මාර්ගය මෑතකදී අලුත් වැඩියා කරලා තිබුණත්, මීට වසර දහස් ගණනකට පෙර ඉදි කළ ගල් පඩි රාශියක් තවමත් ඒ ආකාරයෙන්ම භාවිතයට ගෙන තිබීමත් විශේෂ කාරණයක්.

රජගල ආරාම සංකීර්ණය අපේ ඉතිහාසයේ කෙතරම් වැදගත් තැනක්ද කියන එක ගැන අපි බොහෝ දේ කතා කළා. ඒවාට අමතරව රජගලට සම්බන්ධ තවත් විශේෂතා බොහොමයි. අනුරාධපුර නගරයට තරමක් ඈතින් පිහිටි ඓතිහාසික රිටිගල ආරාම සංකීර්ණය ගැන මේ වෙද්දී බොහෝ දෙනකු දන්නවා. රජගල සංචාරය අතරේදී රිටිගල ගැන මතක් කරන්නත් විශේෂ හේතුවක් තියෙනවා. මොකද රජගල සහ රිටිගල අතර බොහෝ සමානකම් දක්නට ලැබෙනවා. මීට පෙර රිටිගල සංචාරය කරලා තියෙන කෙනකුට නම් රජගල පියගැට පෙළ නගිද්දී, මුලින්ම මතකයට එන්නේ රිටිගල. ඒ සමානතාවයට හේතුව අපේ ඉතිහාසයෙන්ම සොයා ගන්න පුළුවන්. රිටිගල ආරාම සංකීර්ණය ඉදිකරලා තියෙන්නෙත් රජගල ඉදිකෙරුව ලජ්ජාතිස්ස රජු වීම තමයි ඒ සුවිශේෂී කාරණය.

ඇත්තටම ලංකාවේ ඉතිහාසයේ ඉදිකිරීම් තාක්ෂණය අලුත්ම ඉසව්වකට ගෙන ගිය ලජ්ජාතිස්ස රජු ගැන අපි මේ තරම් කාලයක් කතා නොකළේ ඇයි කියලා නැවත වරක් ඔබට හිතෙන්න පුළුවන්. ඉංග්‍රීසි පාලන යුගයේදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා සොයා ගැනීම් රැසක් සිදු කරන්න මුල් වුණු එච්. සී. පී. බෙල් මහත්මයා තමයි රිටිගලදී සොයා ගත් සෙල් ලිපියක් හරහා එය ලජ්ජාතිස්ස රජු විසින් කරවන ලද්දක් බව තහවුරු කරලා තියෙන්නේ. ඒත් මෙතැනදී මතු වෙන තවත් විශේෂ කාරණයක් තියෙනවා. ලජ්ජාතිස්ස රජු රිටිගල ආරාම සංකීර්ණය කරවලා තියෙන්නේ අනුරාධපුර රාජ්‍යයේ රජ බවට පත් වීමෙන් පස්සේ. ඒත් මේ රජගල ඔහු අනුරාධපුරයේ රජ බවට පත් වීමට පෙර කරවූවක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අපේ ඉතිහාසයේ කඳු පව්වක් මත හෝ ගිරි ශිඛරයක් මත ඉදි කළ පළමු ආරාම සංකීර්ණය ලෙස අවිවාදයෙන්ම රජගල හඳුන්වන්න පුළුවන් බව ඉතිහාසඥයන්ගේ මතය වෙලා තියෙන්නේ ඒ හින්දයි.

රාත්‍රිය පුරා ඇද වැටුණු මහා වැස්සෙන් නැවුම් බවක් ලැබුණු රූස්ස ගස්වැල් මැද්දෙන් අපි ඒ සැඟවුණු ඉතිහාසය සොයා ගෙන ඉදිරියට ඇදුණා. ඒ අතරෙදි අපි දුටුව විශේෂ ස්ථානයක් ගැනත් මෙහිදී සඳහන් කළ යුතුයි. ඒක ගල් කුඩයක්. ඇත්තටම ඒක මිනිස් අතකින් කළ නිර්මාණයක්ද, නැතිනම් ස්වභාවික නිර්මාණයක්ද, කියලා හිතා ගන්න බැරි තරමටම එහි පිහිටීම සුවිශේෂීයි. සාමාන්‍යයෙන් මිනිසුන් තුන් දෙනකුට විතර මහා වැස්සකට නොතෙමී ඉන්න පුළුවන් ඉඩක් ඒ ගල් කුඩය යට තියෙනවා.

කන්ද පාමුල ඉඳන් රජගල ආරාම සංකීර්ණයට යන ගමන ලෙහෙසි පහසු එකක් නෙවෙයි. මොන තරම් ගස් වැල්වලින් සෙවණ ලැබුණත් ඒ ගමන හරිම දුෂ්කරයි. පටන් ගත්ත තැන ඉඳන්ම එක දිගටම නැග්ම. කාත් කවුරුවත් නැති නිහඬ වනාන්තරය මැදින් වංගු ගගහ අඩි පාර ඉදිරියට ඇදෙන්නේ ගමනේ අවසානය ගැන ඉඟියක්වත් දෙන්නේ නැතිව. ඒ අතර මඟ අවට සිරි නැරඹිය හැකි තැන් එකක් දෙකක් නැතිවාමත් නෙවෙයි. ඒත් සම්පූර්ණ ගමනෙන් වැඩි හරියක්ම යන්න තියෙන්නේ අවට කිසිවක් නොපෙනෙන මහ කැලේ මැදින්.

මහා කන්ද නැග්ගට පස්සේ අපිට හමු වෙන්නේ තැනිතලාවක්. ඒ තැනිතලාව දිගේ තව ටිකක් ඉස්සරහට ගියාම තමයි දෙනෙත් අදහාගන්න බැරි ඒ විස්මයජනක නිර්මාණ පෙළ ඈතින් පේන්නේ ගන්නේ. මේ තරම් දුෂ්කර කඳු මුදුනක් මත මෙවැනි ආකාරයේ විස්මිත නිර්මාණයක් ඉදි කළේ කොහොමද කියන එක තමයි ඒ දර්ශන ඈතින් දකිද්දී මුලින්ම හිතට නැඟෙන්නේ.

රජගල ආරාම සංකීර්ණයට ඇතුළු වෙන තැනම තියෙන්නේ මිහිඳු මහා සෑය. රජගල මිහිඳු මහා සෑයත් අපේ ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් කියලයි ඉතිහාසඥයන්ගේ අදහස. ඒ ඉතිහාසය තහවුරු කරන ප්‍රධාන සාධකය විදියට ඇති සෙල් ලිපියකුත් ඒ සෑය අබියසදී දැක ගන්න පුළුවන්.

“යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉඩික (තෙරම) හිද තෙරහ තුබෙ” ඒ ආකාරයෙන් සඳහන් සෙල්ලිපියේ සිංහල අර්ථය “මේ දිවයිනෙහි වාසනා මහිමය නිසා මෙහි සැපත් ඉට්ඨිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ථූපය යි”

ලෙස පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් අර්ථ දක්වලා තියෙනවා. උතුරු නැඟෙනහිර සැඟවුණු පුරා වස්තු ගවේෂණය කරන අතරතුරේ 1965 වසරේදී පමණ තමයි උන්වහන්සේ රජගලට වැඩම කරලා තියෙන්නේ.

ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන පැමිණි මිහිඳු මහා රහතන් වහන්සේගේ අපවත්වීමෙන් පසු උන්වහන්සේ ආදාහනය කළ ස්ථානයේ අඩක් ධාතූන් වහන්සේ තැන්පත් කර දාගැබක් ඉදි කළ බවත්, ඉතිරි ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාව පුරා වෙහෙර විහාරස්ථාන වෙත ලබා දුන් බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ අතරින් උන්වහන්සේගේ ධාතු තැන්පත් කොට ඉදි කළ මිහින්තලා මහා සෑය අදටත් ලොව පුරා බෞද්ධයන්ගේ වන්දනාවට ලක් වෙනවා. කොහොම නමුත් උන්වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට ඉදිකළ දාගැබ් අතරින් මෙතෙක් සෙල්ලිපි සාධක සහිතව හමු වී ඇති එකම සෑය වෙන්නේ මේ රජගල මිහිඳු සෑය පමණයි. එමෙන්ම ශ්‍රී ලංකාවට බුදු දහම ගෙන ආ මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වන එකම සෙල්ලිපිය ලෙසත් රජගල සෙල්ලිපිය සැලකෙනවා. ඒ හේතුවෙන් මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ බුදුදහම ස්ථාපිත කළ බවට සඳහන් වංශකතා තොරතුරු තහවුරු කරන සුවිශේෂී ස්මාරකයක් ලෙසින් මේ රජගල සෙල්ලිපිය පුරාවිද්‍යාඥයන්ගේ ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. එයත් රජගල වටිනාකම වැඩි කිරීමට හේතු වන තවත් සාධකයක්. පසුකාලයකදී වනගතව ගරා වැටී තිබූ මිහිඳු ස්ථූපය වර්තමානයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කර තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව රජගල නටබුන් විසිරී ඇති ප්‍රදේශය අක්කර දහසකට අධිකයි. ඒ ප්‍රදේශයෙන් මේ වන විට පුරාවිද්‍යා ස්මාරක 700කට වැඩි ප්‍රමාණයක් හමුවෙලා තියෙනවා. ඉපැරණි රාජධානි පැවැති අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවලට අමතරව එක් ප්‍රදේශයක් තුළින් වැඩිම ස්මාරක ප්‍රමාණයක් හමුවූ ස්ථානය ලෙස රජගල හඳුන්වන්න පුළුවන්. ඒ අනුව රාජධානියක් ලෙසින් භාවිතා නොවූ ප්‍රදේශයකින් වැඩිම ස්මාරක ප්‍රමාණයක් හමු වූ ස්ථානය ලෙසිනුත් රජගලට හිමිවෙන වටිනාකම තවත් වැඩි වෙනවා.

මිහිඳු සෑය අසල සිට හාත්පස බලද්දී පෙනෙන දර්ශනය හරිම විචිත්‍රයි. ඉතිහාසයට ආදරය කරන කෙනකුට විතරක් නෙවෙයි සොබාදහටම ආදරය කරන ඕනෑම කෙනකුටත් ඒ දර්ශනය දිහා ඕනෑ තරම් වෙලාවක් බලා ඉන්න පුළුවන්. එක් පසෙකින් මහා කඳු පව්ව මත ඉදි වූ වැව. අනෙක් පසින් එක යායට විහිදුණු ආරාම සංකීර්ණය. අතීතයේදී දහස් ගණනින් රහතන් වහන්සේලා මේ බිමේ ඇවිද ගිය හැටි මනසින් මවා ගනිද්දී, හිතට දැනෙන හැඟීම විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි.

මෙතෙක් කලක් අසා නොතිබුණු රජගල විස්මය කියවන ඔබ මේ වෙද්දිත් පුදුමයෙන් පුදුමයට පත් වෙලා ඇති බව නොඅනුමානයි. ඒත් අපි මේ වනතුරු කතා කළේ රජගල අරුමයෙන් ඉතාම සීමිත ප්‍රමාණයක් විතරයි. අක්කර දහසකට වැඩි භූමියෙන් සොයා ගෙන ඇති සියලුම පුරාවස්තු මේ වෙද්දී සංරක්ෂණය කොට නැති වුණත්, ඒ අතර ඇති වැදගත්කමින් ඉතාම වැඩි පුරාවස්තු රාශියක් මේ වෙද්දී බොහෝ දුරට සංරක්ෂණය කොට අවසන්. ඒ හේතුවෙන් අතීත සිරිය සිතින් මවා ගනිමින් රජගල වීදි අතර ඇවිද යන්න අද අපිට පුළුවන්.

මේ භූමියෙන් හමුවී ඇති ශිලා ලේඛන ප්‍රමාණය 100කට අධිකයි. පුවරු ලිපි මෙන්ම ටැම් ලිපි රාශියකුත් ඒ අතරට අයත්. ලජ්ජාතිස්ස රජු රාජ්‍ය පාලනය කළ ක්‍රි. පූ. පළමුවැනි සියවසේ සිට අනුරාධපුර රාජධානියේ අවසන් යුගය වූ ක්‍රි. ව. 10 වැනි සියවස දක්වා කාලයට තමයි ඒ සෙල්ලිපි සියල්ල අයත් වෙන්නේ. ඒ අනුව වසර දහසකට වැඩි කාලයක් ඉතාම දියුණු සශ්‍රීක ආරාම සංකීර්ණයක් ලෙස මේ රජගල පැවතිලා තියෙන බව පැහැදිලි වෙනවා. ඒ අතර කාලයේදී අනුරාධපුරය පාලනය කළ රජවරුන් රජගලට සිදු කළ නොයෙක් විදියේ පරිත්‍යාග පිළිබඳව ඒ සෙල්ලිපිවල සටහන් කර තිබෙනවා. කොහොම වුණත් ඒ සෙල්ලිපි සියල්ල අනුරාධපුර රාජධානියට අයත් ඒවා වීම මත, අනුරපුර රාජධානිය බිඳ වැටීමත් එක්ක රජගල ආරාම සංකීර්ණයත් අභාවයට යන්නට ඇති බව තමයි ඉතිහාසඥයන්ගේ මතය වෙලා තියෙන්නේ. අනුරාධපුර යුගයේදී සහ ඉන්පසුව ලියැවුණු සීහලවත්ථූපකරණය, රසවාහිනිය, අට්ඨකථා, සද්ධර්මාලංකාරය වැනි ධර්ම ග්‍රන්ථවලත් රජගල හෙවත් ගිරිකුම්භිල විහාරය ගැන සඳහන් වෙනවා. ඒ අතරින් සද්ධර්මාලංකාරය ගම්පොළ යුගයේදී ලියන ලද්දක් වීමත් තරමක් සුවිශේෂී කාරණයක්. ගම්පොළ යුගයේදීත් මේ ආරාම සංකීර්ණය ප්‍රකටව පැවතුණාද නැතිනම්, ඉතිහාසයේ සඳහන් තොරතුරු අනුව සද්ධර්මාලංකාරයේ රචකයන් වන දෙවැනි ධර්මකීර්ති සංඝරාජ හිමියන් ගිරිකුම්භිල විහාරය ගැන සඳහන් කළාද යන්නත් සොයා බැලිය යුතු කාරණයක්.
මේ හැමදෙයක්ම විමසමින් දින කිහිපයක් පුරා රජගල කළ සංචාරයේදී අපට හමුවූ තවත් අරුම පුදුම කාරණා බොහොමයි. ඒ හැම දෙයක් ගැනමත් මේ වගේම ඔබට කියන්න අපි සූදානම්. ලබන සතිය තෙක් ඉවසමු.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

යුක්රේනුවන්ගේ යාල ගමන ගැන මම කිසි දෙයක් දන්නේ නෑ: සංචාරක සභාපතිනියගෙන් ප්‍රසන්නට ලියුමක්

Next Post

කැලණි නයා කෝ..?

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.