• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් සහ බකට් රටම හිට් විකට් I Sri Lanka Latest News

October 26, 2023
in Exclusive, News, Sports
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට මොකද වෙලා තියෙන්නේ කියලා ලෝක කුසලාන තරගයට යන්න කලින් අපි ලිපියක් ලිව්වා. අපි ඔබට කිව්වා ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. ආශ්චර්යයන් සිදුවිය හැකියි කියලා. හැබැයි ආශ්චර්යයන් සිදුවිය හැකි වීම සහ සිදු නොවිය හැකි වීම කියන දෙකම ගැන බලාපොරොත්තුවෙන් ඉන්න කියලා අපි ඔබට කිව්වා.(Sri Lanka Latest News)

පළමු තරගය ලකුණු හාරසිය ගානක් පිටිපස්සෙන් පන්නලා තුන්සිය ගානක් ගත්තට පස්සේ අපට පොඩි ජොලියක් ආවා දැන්නම් ගහයි කියලා. ඊළඟ මැච් එකේදී ලකුණු 340ක් විතර ගහලා බෝල ටික දාගන්න බැරුව එළවලා පාකිස්තානය එක්ක ගැහුවට පස්සේ අපි හිතුවා නෑ, දැන් පාකිස්තානයටයි, දකුණු අප්‍රිකාවටයි පැරැදුණත් ඊළඟ එක ගහයි කියලා.

ඊළඟ එක ගහන්න තිබුණේ ඔස්ටේ්‍රලියාවත් එක්ක. ඔස්ටේ්‍රලියාව හිටියේ හොඳටම කාලා. හැබැයි ඔස්ටේ්‍රලියාවෙන් හොඳම එකෙන් කෑවේ ශ්‍රී ලංකාව. එතකොට දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නෑ. අලුත් නායකයෙක් අපට ඇවිල්ලා ඉන්නේ. අපි හිතාගෙන ඉන්නවා මේ නායකයාට සියල්ල කළ හැකියි කියලා. ඇත්තටම නායකයා කරන්නේ මොනවද කියන එක ගැන නෙවෙයි අපි මේ කතාකරන්නේ. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහත්තයලා එකතු වෙලා ලංකාවේ ක්‍රිකට්වලට කළේ මොකක්ද කියලා අපිට තාම හිතාගන්න බැරුවයි ඉන්නේ.

මොකද ශ්‍රී ලංකා කණ්ඩායම අවුරුදු ගානක් තිස්සේ ලෝක කුසලානයට සූදානම් වෙමින් හිටියා. අපි දන්නවා ලෝකේ ඕනෑම ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කුසලාන තරගයකට සූදානම් වීමට කණ්ඩායමක් නිර්මාණය කරනවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉන්නේ ක්‍රීඩකයෝ 11 දෙනා නෙවෙයි. සංචිතයේ ඉන්නේ ක්‍රීඩකයෝ 16 දෙනා විතරක් නෙවෙයි. මීට වඩා පුහුණු වීම් යටතේ නිරීක්ෂණය කරන කණ්ඩායමක් අපට ඉන්නවා. ඒ කණ්ඩායමම මේ සඳහා සහභාගි කරවගෙන ඔවුන්ගෙන් හොඳ ක්‍රීඩකයෝ කවුද කියන එක හඳුනාගෙන, ඔවුන්ව සංචිතයකට නම්කරලා, පුහුණුවීම් කරලා මේ සඳහා සූදානම් කරන්න ඕනේ.

අපිට දැන් පළමු ප්‍රශ්නය වෙලා තියෙන්නේ ආබාධ. ශ්‍රී ලංකාවේ මේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට යවන්නේ නැතුව ආබාධ සහිත ක්‍රීඩකයන්ගේ කණ්ඩායමක් හදලා තරගයකට යවනවා නම් අපට දැන් 11 දෙනෙක් ඉන්නවා. දුස්මන්ත චමීර හොඳ ක්‍රීඩකයෙක්. ඔහු දක්ෂතා අතර ඉන්න කෙනෙක්. නමුත් ඔහු නිරන්තරයෙන්ම ආබාධවලට ලක්වෙනවා. අපි දන්නවා වේග පන්දු යවන්නෝ ආබාධවලට ලක්වීම සාමාන්‍ය දෙයක්. ලසිත් මාලිංගත් එහෙම ආබාධවලට ලක්වුණා. නමුත් චමින්ද වාස් කිසිම ආබාධයකින් තොරව විශාල ක්‍රීඩා දිවියක් පහුකළා.

ඒ වගේම වනිඳු හසරංග කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න වටිනාම ක්‍රීඩකයා බව දැන දැනත් අපි ඔහුව එල්.පී.එල්. ගස්ස ගස්ස වෙහෙස කෙරෙව්වා. ඔහු ආබාධ සහිතව එල්.පී.එල්. ගැහුවා. ලංකාවේ ඉන්න භෞත චිකිත්සකවරුන්ට වගකීමක් තියෙනවා මේ ක්‍රීඩකයන්ව පරීක්ෂා කිරීම, ආරක්ෂා කිරීම, අනාගතයේ තියෙනවා නම් වටිනා තරගාවලියක්, ඔවුන්ව ඒ සඳහා විවේක ගැන්වීම. ඉන්දියාව ඒ දේ කළා. ඉන්දියාව ඔවුන්ගේ සමහර ක්‍රීඩකයන්ව අයි.පී.එල්. තරගාවලියටවත් යොමු නොකර පරිස්සම් කරලා තියාගෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම් කෙරෙව්වා. නමුත් ලංකාවට සිද්ධ වුණේ හොඳම ක්‍රීඩකයෝ දෙන්නා නැතුව තරගයට එන්න. ඉතින් හොඳම පන්දු යවන්නෝ දෙන්නා නැතුව අපි කොහොමද ලෝකෙත් එක්ක තරග කරන්නේ? ඒක හරිම කනගාටුදායක තත්ත්වයක් බව අපට පැහැදිලිව පේනවා.

ලංකාවේ පන්දු වාරවලින් යම් කෝටාවක් දාගන්න හිටපු, පවර් හිටර් කෙනෙක් විදියට පිටියට එන්න හිටපු දසුන් ශානක අවසානයේ අපට නැතුව ගියා. ඒ නිසා විකට් එක තියාගෙන ලකුණු ටිකක් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක් දැන් අපට නෑ. ලෝකෙ පුදුමාකාරම වැඩේ වෙන්නේ මේ එක්ස්පරිමන්ට් කරන්න අපි පාවිච්චි කරන්නේ ලෝක කුසලානය වීම.

ලෝකෙ අනෙක් කණ්ඩායම් හැකි තරම් එක්ස්පරිමන්ට් කරලා තමන් ගාව ඉන්න වගකීම්සහගතම ක්‍රීඩකයෝ ලෝක කුසලානයට එක්කගෙන එනකොට, අපි කරන්නේ ඉතා අඩු තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ දාලා ලෝක කුසලානය ගහන්න උත්සාහ කරන එක. මතීෂ පතිරණ හොඳ පන්දු යවන්නෙක් බව ඇත්ත. නමුත් මතීෂ කියලා කියන්නේ අයි.පී.එල්. තරගවලදී වැඩිම අත්දැකීම් සහිත දෝනිත් එක්ක එකතු වෙලා ඩෙඩ් ඕවර්ස් ටික විතරක් දාන ක්‍රීඩකයෙක්. ඔහුට පන්දු වාර හතරයි යවන්න තිබුණේ. ඔහුට සිද්ධ වෙලා තියෙනවා පන්දු වාර 10ක් යවන්න. නව පන්දුව සහ පරණ පන්දුව ඔහුට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා.

ඒ වගේම අපි දකින තවත් දෙයක් තමයි කුසල් ජනිත්. ඔහු හොඳ නායකයෙක් වෙනවා නම් හරිම හොඳයි. නමුත් කුසල්ට පළමු තරග දෙකේදීම ගහන්න සිද්ධ වෙන්නේ අලුත් බෝලෙට. එතකොට ක්‍රියාත්මක වෙන්නේ පවර් ප්ලේ එක. යාර 30 සීමාවෙන් එහා පැත්තේ ඉන්නේ ක්‍රීඩකයෝ දෙන්නයි. නමුත් තුන්වැනි තරගයේදී ඔහුට පිට්ටනියට එන්න සිද්ධ වෙන්නේ ලොකු පාට්නර්ෂිප් එකකට පස්සේ. මේ පාට්නර්ෂිප් එකකින් ලකුණු එකතු වෙලා තියෙන වෙලාවක තමන්ට අර පරණ පුරුදු හයේ ඒවා ගහන මැච් එක නෙවෙයි ගහන්න තියෙන්නේ. ඒක ඔහු දන්නේ නෑ.

ඔහු මොකද කරන්නේ පරණ පුරුදු විදියටම හයේ ඒවා ගහන්න උත්සාහ කරනවා. හැබැයි කරන්න තිබුණේ මේ ක්‍රීඩකයෝ දෙන්නට හොඳ ස්ථාවර ඉනිමකට යන්න. අපි දැක්කා ලංකාවේ ෆෝම් එකේම ඉන්න පිතිකරුවෝ දෙන්නා තමයි ඒ වෙලාවේ එකතු වෙන්නේ. කුසල් ජනිත් සහ සදීර සමරවික්‍රම. කලින් 100 ඒවා දෙකක් තියෙන ක්‍රීඩකයෝ දෙන්නා. ඔවුන්ට පුළුවන් වුණා නම් ඕවර් 40ක් විතර කඩුල්ල රැකගන්න අපිට අනිවාර්යයෙන්ම ඔස්ටේ්‍රලියානු තරගය ජයග්‍රහණය කරන්න තිබුණා. නමුත් අවාසනාවකට ඔවුන් ඒක කළේ නෑ සහ ඒ වෙලාවේ පිට්ටනිය තිබුණු කන්ඩිෂන් එක අනුව ඔවුන්ට ඒක කරන්න බැරිවෙන්න ඇති. අපි දන්නේ නෑ ඒ වෙලාවේ පිට්ටනියේ තිබුණේ මොන වගේ තත්ත්වයක්ද කියලා.

කොහොම නමුත් තවමත් අපි එකම තරගයක්වත් දිනලා නෑ. මේ වෙනකොට නෙදර්ලන්තය තරගයක් ජයග්‍රහණය කරලා ඉවරයි. ඔවුන් ජයගන්නේ දකුණු අප්‍රිකාවත් සමග පැවැති තරගය. ඇෆ්ගනිස්තානයත් තරගයක් ජයග්‍රහණය කරලා ඉවරයි. ඔවුන් ජයග්‍රහණය කරන්නේ එංගලන්තය සමග පැවැති තරගය. අපි හිතාගෙන හිටියේ ඇෆ්ගනිස්තානයට හරි, නෙදර්ලන්තයට හරි උඩින් ඉන්න පුළුවන් වේවි කියලා. එතකොට අපි නෙදර්ලන්තයත් එක්ක තරගයේදී, ඇෆ්ගනිස්තානයත් එක්ක තරගයේදී අපට යම් අවදානමක් තියෙන බව පේන්න තියෙන කාරණයක්. ඒ නිසා ලංකාවේ ක්‍රිකට් හැදුවද, නැත්නම් විනාශ කළාද කියන එක අපට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා, කොච්චර යාළු මිත්‍රකම්, හිතවත්කම් තිබුණත්.

අපි දන්නවා මහේල ජයවර්ධන ඉන්නවා සියල්ලම උඩින් බලධාරියෙක් විදියට. ඒ වගේම ඔහු ලංකාවේ ක්‍රිකට් ගහපු ක්‍රීඩකයෙක්. ඔහු මීට කලින් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් දිගින් දිගටම ලංකාවේ ක්‍රිකට් විවේචනයට කරමින් හිටියා. ඊට පහළින් ඉන්නවා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක්. සමහර පුහුණුකරුවන්ට අමතරව උපදේශකවරු ඉන්නවා ලංකාවෙවත් නැති. රුපියල්වලින් ගත්තොත් බිලියන ගානක් ක්‍රිකට් සංවර්ධනය කරන්න වියදම් කරනවා. හැබැයි අවාසනාවකට ක්‍රීඩකයෝ දෙන්නෙක් තුවාල වුණාට පස්සේ ලෝක කුසලානය ඇතුළේ අපට ආදේශ කරන්න විකල්ප නෑ.

අපි දැක්කා ඊයේ පෙරේදා ධනංජය ක්‍රිකට් මැච් එක ඉවර වෙලා පබ් ජී ගහනවා. ලෝකෙ අනෙක් රටවල ක්‍රීඩකයෝ කොලවල ලියාගෙන ඇවිල්ලා ක්‍රිකට් ගහනකොට අපේ රටේ සල්ලි වියදම් කරගෙන ගිය අපේ කට්ටිය විවේකයක් ලැබුණාම පබ් ජී ගහනවා. දිමුත් කරුණාරත්න ඒක දිහා බලාගෙන ඉන්නවා. මේගොල්ලන්ට ආතල් ගන්න නෙවෙයි මේ සල්ලි වියදම් කරලා තියෙන්නේ. ක්‍රිකට් කියලා කියන්නේ මේ අයගේ වෘත්තිය. ඒකට විශාල වැටුපක් රටෙන් අපි ගෙවනවා. ඒ නිසා ඒ වෘත්තියට සාධාරණයක් ඉෂ්ට කරන්න බැරි නම් මේ මිනිස්සුන්ව වෘත්තියෙන් ඉවත් කරලා දාන්න ඕනේ.

ඒගොල්ලෝ දන්නවා ඉවත් කරන්න විදියක් නෑ, දෙවැනි පෙළක්, තුන්වැනි පෙළක් අපට නෑ කියලා. කොච්චර ෆේල් වුණත් ක්‍රීඩකයෝ තියාගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි. ඕවර් 10 කෝටා එක දාගන්න බැරිනම් යම් පන්දු යවන්නෙකුට, ඒ පන්දු යවන්නාව කණ්ඩායමේ තියාගෙන ඉඳලා වැඩක් නෑ. ඒ වගේම ලකුණු 25ක් 30ක් වත් පිත්තෙන් එන්නෙ නැත්නම් ඒ ක්‍රීඩකයව කණ්ඩායමේ තියාගෙන ඉඳලා වැඩක් නෑ. මේක තව ටිකක් අඩුකරලා ගත්තත් ඕවර් 8ක් විතර පන්දු යවලා ලකුණු ටිකක් ගහගන්න බැරි ක්‍රීඩකයෙක් නම් ඒ ක්‍රීඩකයව කණ්ඩායමේ තියාගන්නවට වඩා හොඳයි ඔහුට ඉතා හොඳ පහසුකම් සහිතව පබ් ජී ගහන්න අවස්ථාව දුන්නා නම් හොඳයි. අපි මේ කියන්නේ ක්‍රිකට් ගැන ඉතා වේදනාවකින්.

දනුන් ශානක කණ්ඩායම ඇතුළේ ඉන්නකොට තිබිච්ච එකමුතුකම, විනය දැන් ආයෙත් කණ්ඩායමේ නැතිවෙලා කියලා අපට හිතෙනවා. අපි දන්නේ නෑ ඒක ඇත්තටම එහෙම වෙනවද කියලා. හැබැයි ක්‍රිකට් කියලා කියන්නේ බෝලෙට ගහන එකට විතරක් නෙවෙයි. වේගෙන් බෝලෙ යවන එකට විතරක් නෙවෙයි. අර්ජුන රණතුංග දවසක් කියනවා ඔහු 96 ට අරගෙන යන්නේ හොඳම කණ්ඩායම කියන එක නෙවෙයි. ඔහු අරගෙන යන්නේ ඔහුට හොඳම කණ්ඩායම. විනයගරුකම කණ්ඩායම, කියන දේ අහන, එකමුතුකම තියෙන කණ්ඩායම. අර්ජුන තාත්තා කෙනෙක් වගේ මේ ටීම් එක බලාගන්නවා.

සමහර වෙලාවට ක්‍රීඩකයන්ට අර්ජුන බණිනවා. සමහරු අර්ජුනට දෙයක් කියන්නත් බයයි. ඒ අර්ජුන හදපු විනය. ඒ විනය හදපු අර්ජුන තමයි ලෝක කුසලානය ලංකාවට අරගෙන එන්නේ. ඔහුගේ දේශපාලනය මොකක්ද කියන එක අපට අදාළ නෑ. හැබැයි අර්ජුන කියන පුරාවෘත්තය හැදෙන්නේ ඒ විදියට. අරවින්ද වටා කණ්ඩායම ගොඩනැගෙනවා.

අරවින්ද කියලා කියන්නේ ඕනෙ වෙලාවක ක්‍රිකට්වලින් ඕනෙම දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටපු ක්‍රීඩකයෙක්. සනත් ජයසූරිය වුණත් එහෙම තමයි. ඉතින් මේ ක්‍රිකට් එක ලංකාව ඇතුළේ නැත්නම් තවදුරටත් අපි ජයග්‍රහණ බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. දැනට අපි ඉන්නේ 10 වැනි ස්ථානයේ. මොකක් හරි වාසනාවකට අපිට තව කණ්ඩායම් දෙකකට විතර ගහලා මේකෙන් උඩට එන්න පුළුවන් වෙයි. හැබැයි ලෝක කුසලානෙට කණ්ඩායමක් යවන්නේ මැච් එකක් දෙකක් දිනලා උඩට එන්න නෙවෙයි. ජයග්‍රහණ ගන්න, කුසලානයක් ගන්න.

දැන් දසුන් කණ්ඩායමේ නෑ. දසුන් තුවාල වෙලා ඉවරයි. එතකොට දසුන් ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කරන්නද මේ හදන්නේ? අපි දන්නවා ලංකාවේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයන්ට ගෞරවනීය සමුගැනීමේ තරගයක්වත් අපට දෙන්න බැරුව ගියා. තිලාන් සමරවීර, චමින්ද වාස්ටත් ගෞරවනීය අවසාන තරගයක් දෙන්න අපට ඉඩ ලැබෙන්නේ නෑ. ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරනවා කීප වතාවක්ම.

ලෝක කුසලාන තරගයකදී ඉතා හොඳින් ක්‍රීඩා කරමින් හිටපු ඔහු, අවසාන තරගය සඳහා ඉන්දියාවට ගෙන්වලා, කණ්ඩායම ඇතුළට යන්න අවස්ථාව ලබා දුන්නේ නෑ. කණ්ඩායමේදී වෙන්න ඕනෙ වයස වැඩිද අඩුද කියන එක නෙවෙයි. ලෝක කුසලානයට පුහුණු කරනවා, වයස ක්‍රීඩකයෝ ඕනෙ නෑ, ලෝක කුසලානය තමයි අපේ ඉලක්කය කියලා මුල් අවුරුදු තුනේදීම කිය කියා ඉඳලා ලෝක කුසලානය අවුරුද්ද ආවට පස්සේ අපට ඉන්නේ ෆේල් කණ්ඩායමක්. අදේශක නෑ. ක්‍රීඩකයෙක් තුවාල වුණාට පස්සේ ඒ වෙනුවට දාගන්න කෙනෙක් නෑ.

ඒකට ආදේශකයෝ විදියට දාගන්නේ පුහුණුකරුවන්ගේ හෝ කණ්ඩායමේ කළමනාකරුවන්ගේ කැමැත්ත මත. තමන්ගේ යාළු මිත්‍රකම් මත ක්‍රීඩකයෝ දාගන්නෙ. මේ ක්‍රිකට් දියුණු කරන්න නම්, ක්‍රිකට් සම්බන්ධයෙන් වුවමනාවක් තියෙන, කැක්කුමක් තියෙන, අවංකව වෙහෙසෙන කෙනෙක් මේ ටීම් එක ඇතුළේ තීරණ ගන්න එකතු වුණොත් ක්‍රිකට් තියෙයි. නැත්නම් මේ මැච් බලනවට වඩා හොඳයි අපි තාමත් ඕලන්දෙට යටත් වෙලා ඉන්නවා කියලා හිතාගෙන ක්‍රිකට් මැච් බලන එක.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වැඩි පඩි ඉල්ලා වරාය වෘත්තීය සමිති එළියට බහී! VIDEO I Sri Lanka Latest News

Next Post

ලයිට් බිල වැඩි කිරීමට එරෙහිව ඊයෙ රෑ පන්දම් අරන් පාරට බැස්ස ජපුර සිසුන්ට පොලිසිය වතුරයි කඳුලු ගෑසුයි ගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.