• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද තියන්න බයේ ඉම්රාන්ටයි විපක්ෂයටයි කෙළින්න ගිහින් කෙළවගත්ත පාකිස්තානයේ දේශපාලන සාම්පලය I Sri Lanka Latest News

May 18, 2023
in Exclusive, Politics
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතැ’යි කියන අපූරු කියමනක් ඇත. පසුගිය සතියේ අප ඉතා දීර්ඝ ලිපියක් හරහා ලියා තැබුවේ වර්තමානයේදී අපගේ ශ්‍රී ලංකාවට මෙන්ම පාකිස්තානයටද බලපා තිබෙන සමාන අර්බුදකාරී තත්ත්වයකි. (Sri Lanka Latest News)

එය නම් මැතිවරණ අර්බුදයයි. පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී ප්‍රකාශ කර තිබුණේ පාකිස්තානය තුළ තව තවත් මැතිවරණ අර්බුදය උග්‍ර වුවහොත් එරට තුළද සිදුවන්නේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තුළ සිදුවූ තත්ත්වයම යැයිද ඔහු අනතුරු හඟවා තිබිණි. ඔහු එම කතාව ප්‍රකාශ කර හරියටම ගතවී ඇත්තේ සතියක් පමණි. දැන් ඒ ශෝචනීය තත්ත්වය පාකිස්තානය තුළදී උද්ගතව ඇත. එනම් මේ කියන මොහොත වන විටදී අපගේ යාබද දේශයක් වන පාකිස්තානය එකම ගිනි ගොඩක් බවට පත්ව ඇත. මහා ජන අරගලයක් උච්චතම අයුරින් පුපුරා යන අයුරු මෙම මොහොතේදී පාකිස්තානය තුළින් දක්නට හැකිය. මෙලෙස හදිසියේම පාකිස්තානය තුළින් ගිනිදැල් නැගෙන්නට සිදුවූයේ කිනම් කරුණක්ද?

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මෙයට දින තුනකට පමණ පෙරදී දින 08ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට අධිකරණය අවසර ලබාදුන්නේය. එනම් හිටපු අගමැතිවරයා මේ අනුව අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව ඇති දූෂණ වංචා චෝදනාවලට අදාළව ප්‍රශ්න කිරීමට පාකිස්තානයේ වත්මන් පාලනය කටයුතු කර ඇත. අධිකරණය ලබාදුන් මෙම තීරණයත් සමග ගතවූයේ පැය කිහිපයක් පමණි. ඉන් පෙර ඉම්රාන් ඛාන් ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙසේ අධිකරණයට පැමිණි හිටපු අගමැතිවරයා ඉතා අනපේක්ෂිතව හදිසියේම හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් පසු පාකිස්තාන හමුදාව විසින් ඔහු ඉතා දැඩි ආරක්ෂාව මාධ්‍යයේ හමුදා රැඳවුම් භාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත.

පසුගිය කාලය පුරාම ඉම්රාන් ඛාන්ට සහයෝගය දක්වන දස දහස් සංඛ්‍යාත ජන රැල්ලක් පාකිස්තානය පුරා බිහිවී තිබුණේය. මේ වටපිටාව යටතේ ඉම්රාන් ඛාන් හදිසියේම අත්අඩංගුවට ගැනීමත් සමග එම පාක්ෂිකයන් සහ ජනතාව දැඩි ලෙස කුපිත වන්නට විය. පැය දෙකතුනක් ඇතුළත රට පුරා පැතිර ගිය විරෝධතා විනාඩියෙන් විනාඩිය තවත් උත්සන්න විය. පන්ජාබ්, බලුකිස්තාන්, කයිබර්පක්තුන්ක්වා යන ප්‍රාන්ත ප්‍රධාන කරගෙන රට පුරාම කලබල ඇවිළී ගියේය.

මෙලෙස ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ වත්මන් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂෙරීෆ්ගේ අනුදැනුම මත යැයි දැඩි ලෙස චෝදනා එල්ල විය. කෙසේ හෝ ඉම්රාන් ඛාන්ගේ අගමැති ධුරය විශ්වාසභංග යෝජනාවක් හරහා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් අහෝසි කරනු ලැබුවේ වත්මන් අගමැතිවරයාගේ මෙහෙයවීම මතය. මේ හෙයින් ඔවුන් අතර ඉතා දැඩි වෛරයක් පැනනැංගේය. පසුගිය වසර පුරාම මේ ගැටුම දිනෙන් දින උග්‍ර වන්නට ගත්තේය.

මෙවැනි වටපිටාවක් යටතේ ඉම්රාන් ඛාන්ගේ පාක්ෂිකයන් සහ ඔහුට හිතෛෂී ජනතාව මහත් ආවේගයකට පත්වූයේය. ඔවුන් වහා දහස් ගණන් එක්රොක් වෙමින් පාකිස්තානය පුරා කලබල කරන්නට ගත්තේය. මේ වන විට පාකිස්තානයේ අගමැති ෂෙබාස් ෂෙරීෆ්ගේ නිවෙසටද මෙම උද්ඝෝෂකයන් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් දහස් ගණනක් ලාහෝර් නගරයේ පිහිටා ඇති අගමැතිවරයාගේ නිවෙසට කඩාවැදී පෙට්‍රල් බෝම්බවලින් පහරදී ඇත. එසේම ගල්මුල්, පොලුමුගුරු, වැලි බෝතල් ආදියෙන්ද දිගින් දිගටම පහරදී ඇත.

පෙට්‍රල් බෝම්බ පුපුරා යෑම හේතුවෙන් නිවෙසෙහි යම් ප්‍රදේශයක් ගිනිගැනීමකටද ලක්ව ඇත. නිවෙස අසල තිබුණු රථ වාහන ගණනාවකටද විරෝධතාකරුවන් ගිනිතබා ඇත. මේ අවස්ථාවේ අගමැතිවරයා නිවෙසෙහි සිට නොමැත. ඒ අතරම මාරාවේශ වූ විරෝධතාකරුවන් ලාහෝර්හි පිහිටි පාකිස්තානයේ යුද හමුදාපතිගේ නිවෙසටද කඩාවැදී ඇත.

ඉම්රාන් ඛාන් විසින් නායකත්වය දරනු ලබන ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන් දහස් ගණනක් මෙම ප්‍රහාරයන් සඳහා සහභාගි වී ඇත. ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනු ලැබුවේ යුද හමුදාවේ මැදිහත් වීමෙනි. මේ නිසා පක්ෂ ආධාරකරුවන් දැඩි ලෙස හමුදාව සමග කුපිත වන්නට විය.

පාකිස්තාන හමුදාපති නිල නිවෙසට කඩාවැදුණු පිරිස දහස් ගණනක් නිසා හමුදාව පසුව පසුබසින තත්ත්වයකට පත්ව ඇත. කෙසේ හෝ මේ වනවිට මෙම ගැටුම්වලින් උද්ඝෝෂකයන් 10 දෙනකු පමණ මියගොස් සිය ගණනක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. උද්ඝෝෂකයන් හමුදාපති නිල නිවෙසෙහි තිබුණු වටිනා ආහාරපාන මෙන්ම මොනරුන් වැනි සතුන්ද සොරකම් කරගෙන ගිය බව විදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර අනෙක් බියකරුම පුවත ලෙසින් වාර්තා වන්නේ මෙම මාරාවේශ පිරිස් රාවල්පින්ඩි නුවර හමුදා කඳවුරකටද කඩාවැදුණු බවයි. එහිදීද හමුදා වෙඩිතැබීම් සිදුව ඇතැයි වාර්තා වෙයි. කෙසේ හෝ මේ අවස්ථාව වන විටද දරුණු ගැටුම් පවතින අතර, තවම එහි සම්පූර්ණ හානි තත්ත්වය වාර්තා වී නොමැත. මේ අතර පාකිස්තානයේ අනෙකුත් බොහෝ නගරවලද ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විශාල මහජන විරෝධතා පෙළපාළි පැවැත්වෙන බව පැවසෙයි.

මෙම පිරිස් විසුරුවා හැරීමට පොලිසිය සහ හමුදාවද මැදිහත්ව සිටින අතර එහිදී දෙපිරිස අතර තව තවත් ගැටුම් ඇතිවෙයි. කෙසේ හෝ ඉම්රාන් ඛාන් පාක්ෂිකයන් තම ජීවිත පරදුවට තබමින් මෙම සටනට පිවිස සිටින බව පැවසෙයි. මේ වටපිටාව යටතේදී අත්අඩංගුවේ පසුවන ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙලෙස හදිසියේම අත්අඩංගුවට ගැනීම තමන් විසින් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බවය. මේ වන විටත් කලබලකාරී තත්ත්වය සමනය වන ආකාරයක් දක්නට නැත.

Sri Lanka Latest News

මේ අතර මෙම කාලයේදී පාකිස්තානයට යෑමෙන් වළකින ලෙසත්, හැකි ඉක්මනින් පාකිස්තානයෙන් පිටවන ලෙසටත් ඇමෙරිකාව, එංගලන්තය සහ කැනඩාව පාකිස්තානයේ වෙසෙන වැසියන්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ‘හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පාකිස්තානයේදී දරුණු කලබල ඇතිව තිබෙනවා. මේ විරෝධතා තත්ත්වයන්ට දේශපාලනික වශයෙන් කිසිදු ආකාරයකට ඇමෙරිකාව මිදිහත් වන්නේ නැහැ. කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරුකරමින් කටයුතු කරන මෙන් අප පාකිස්තානයෙන් ඉල්ලීමක් කරනවා’ යැයි ඇමෙරිකානු ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරීන් ජොන් ප්‍රකාශ කර ඇත.

ඉම්රාන් ඛාන්ට එරෙහිව දූෂණ වංචා චෝදනා කිහිපයක් එල්ල වී ඇත. ‘ටොක්ෂානා’ සිද්ධිය ඉන් එකකි. ඔහු අගමැති ධුරය හොබවද්දී විවිධ රටවල රාජ්‍ය නායකයන්ගෙන් තෑගි වශයෙන් ලැබුණු වටිනා භාණ්ඩ නැවත අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙද්දී රජයට භාර නොදුන්නේ යැයි ඔහුට චෝදනා එල්ලවී ඇත. එම ත්‍යාග හිමිවූයේ ඉම්රාන් ඛාන්ට නොව, පාකිස්තාන අගමැති ධුරය උදෙසා යැයි පාකිස්තාන රජය ප්‍රකාශ කර ඇත. පාකිස්තානයේ නීතියට අනුව එලෙස රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු ත්‍යාග පාකිස්තානයේ ‘ටොක්ෂානා’ භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතුය. එසේ නොකරන්නේ නම් එම භාණ්ඩවල වටිනාකම භාණ්ඩාගාරයට ගෙවිය යුතුය.

ඉම්රාන් ඛාන් වසර 05කට ආසන්න කාලයක් අගමැති ධුරයෙහි කටයුතු කළේය. එහෙත් තම අගමැති ධුර කාලය අවසාන වන්නට මාස 05ක පමණ කාලයක් තිබියදී පාර්ලිමේන්තුව හරහා ගෙන ආ විශ්වාසභංග යෝජනාවකින් ඔහු පරාජයට පත්ව අගමැති ධුරය අහෝසි වී ගියේය. එතැනින් පසුව වර්තමාන රාජ්‍ය පාලනය ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පවා අහෝසි කරවනු ලැබුවේය. එහෙත් ඉන් කෙටි කාලයකට පසුව ඔහු නැවත එරට තුළ දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූයේය. එසේ වූයේ ඔහු බහුතර ජනතාවකගේ සිත් දිනාගත් දේශපාලකයකු වූ හෙයිනි.

මේ තත්ත්වය නිසාම පාලක රජය මහත් කලබලයට පත්වන්නට ගත්තේ ඉම්රාන් ඛාන් නැවත රටේ බලයට පැමිණෙතැයි යන බිය හේතුවෙනි. මෙවැනි වටපිටාවකදී පාකිස්තානය තුළ පළාත් මැතිවරණයද පැවැත්වීමට නියමිතව තිබුණේය. මේ හෙයින් රජය දැඩි ලෙස බියට පත්වූයේය. එනම් පාකිස්තානයේ දේශපාලනය කනපිට හැරෙන්නේ මෙවැනි වටපිටාවකදීය. කෙසේ හෝ පසුගිය මාස 06කට අධික කාලයක සිට පාකිස්තානයේ පළාත් මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේය.

වත්මනේදී හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඇතිවී තිබෙන ජනතා ප්‍රසාදය හේතුවෙන් පාලක පක්ෂය නිරන්තරයෙන්ම උත්සාහ ගත්තේ පළාත් මැතිවරණය කල් දැමීමටය. මේ තත්ත්වය දැනට ශ්‍රී ලංකාවටද බලපා තිබෙන ‘මැතිවරණ බාලගිරි දෝෂය’ හා සමානම එකකි. පාකිස්තානයේ වත්මන් අගමැති ෂෙබාස් ෂෙරීෆ් ප්‍රධාන නායකයන් මහා කුමන්ත්‍රණයක් දියත් කළ අතර එහිදී පළාත් මැතිවරණය දිනෙන් දිනම කල් දැමීමට කටයුතු කළේය. පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා මැතිවරණය පැවැත්වීමට නියෝග කරද්දී එයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති යැයි පවසමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා ඉවත දැමුවේය.

මේ තත්ත්වය දැනට ශ්‍රී ලංකාවේද ප්‍රධාන රාජ්‍ය පාලකයන් විසින් අනුගමනය කරන තත්ත්වයම වෙයි. අද මෙරට පළාත් මැතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය කරන්නේ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි නොයෙකුත් පාර්ශ්ව රැසක් චෝදනා කර සිටිති. කෙසේ හෝ පාකිස්තානයේත් ශ්‍රී ලංකාවේත් මෙලෙස සිදුවන එක හා සමාන ක්‍රියාවලිය ‘අයියා, මල්ලී වාගේ අපි සන්තෝසෙන් ඉන්නේ, එක හැළියේ බත් කන්නේ’ යන රසවත් ගීතය තවත් අර්ථවත් කරයි.

පාකිස්තානයේ අගමැතිවරයා එම ජවනිකාව රඟන අතර, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අනෙක් ජවනිකාව රඟදක්වයි. කෙසේ හෝ දිනෙන් දින මැතිවරණය කල් දැමීමට දෙරටෙහිම රජයන් සූක්ෂ්ම ලෙස කටයුතු කර ඇත. එහෙත් දැන් මේ වන විට සිදුව ඇති යථාර්ථය කුමක්ද? ඉම්රාන් ඛාන් මෙයට දින කිහිපයකට පෙරදී පැවැසූ හෙට අනිද්දාම තමන්ගේ පාකිස්තානයටත් ශ්‍රී ලංකාවට සිදුවුණු දේම සිදුවන්නේ යැයි පැවසූ අනාවැකිය අද ඇස්පනාපිටම සිදුව ඇත. ශ්‍රී ලංකාවේ සිදුවූ ජන අරගලයම මේ වන විට පාකිස්තානය තුළ සිදුවෙමින් ඇත. අයියා මල්ලී තව තවත් එක හැළියේම බත් කමින් සිටිති.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව 14 වැනි අවුරුද්දේත් මුල්ලිවයික්කාල්වලදී සිහිපත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

යුද්ධයෙන් මියගියවුන් සමරන්න බොරැල්ලේ තියපු උත්සවයේදී කලබලයක්! ආණ්ඩුුවට හිතවත් පිරිස් මැද්දට පැන්න බවට දෙමළ සන්ධානයෙන් චෝදනා! සංහිඳියාව ගැන කතා කරන ආණ්ඩුවේ සංහිඳියාව මේකෙන්ම පේනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.