යුධ ගැටුම් අතරතුර මියගිය LTTE ත්‍රස්තවාදීන් සිහිපත් කරමින් සැමරුමක් පැවැත්වීමට යාමේදී පාර්ශව 02ක් අතර අද කොළඹදී නොසන්සුන්තාවක් හටගත්තා.
මිය ගිය LTTE සමාජිකයින් සිහිපත් කරමින් එම සැමරුම සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සිදු කිරීමට සූදානම් වූයේ බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදීයි. එහිදී දෙපාර්ශවය අතර ඇති වූයේ උණුසුම් තත්වයක්.