චීනය කුමක් හෝ කොටි නැටුමකට අරඅඳින බවට “සවුත් චෛනා මෝර්නිං” පුවත්පත පසුගියදා පළකළ පුවතකින් අනාවරණය වේ.
එම පුවත්පත විස්තර කරන අන්දමට චීන නාවුක හමුදා භට කණ්ඩායමක් පසුගියදා පැසිෆික් සාගරයේ යුද අභ්‍යාසයක් පවත්වා තිබේ. චීනයේ සිට නාවුක සැතපුම් හත්දහසක් (7,000) දුරින් පිහිටි පැසිෆික් සාගරයට ගොස් මෙසේ යුද පුහුණු ව්‍යාපෘතියක් පැවැත්වීම යනු ජාත්‍යන්තරයට වක්‍ර මාර්ගයෙන් අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නොකියා කියන්නක් බවට ඉඟිපා තිබේ.
එනම් චීනය තම සමීප මායිම් ඉක්මවා යෑම සඳහා ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් පසුකර ඉන් ඔබ්බට යෑමේ යටි අරමුණකින් අර අඳින බවයි.
“චීන රජය ගෙනයන මේ ක්‍රියාවලිය එරට ඇතැම් පිරිසකගේ කුකුසට පමණක් නොව දෝෂ දර්ශනයටද ලක්වී ඇති බව පැවැසේ.
චීනයේ වර්තමාන හමුදාවල පවත්නා සංකීර්ණ තත්ත්වය හමුදා නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ කැමැත්තට අභියෝගයක් වී ඇති බවද “සවුත් චෛනා මෝර්නිං” පුවත්පත කියයි.
නාවුක සැතපුම් හත්දහසක් (7,000) තරම් දීර්ඝ සාගර තරණයකින් කෙරෙන යුද සරඹයෙන් චීනය අපේක්‍ෂා කරන්නේ තම අවි-ආයුධ සහ වෙනත් උපකරණ සම්බන්ධව අත්හදා බැලීමක් විය හැකි බවට මතයක්ද සමාජගත වෙමින් තිබේ.
එපමණක් නොව සාගර තරණය පිළිබඳව සිය නාවුක හමුදාවට පවත්නා ශක්තිය, බලය සහ ඒවා අවශ්‍ය පරිදි මෙහෙයවිය හැකි අන්දම ගැන මෙමඟින් අධ්‍යයනය කිරීම මෙහි යටි අරමුණ වීි ඇති බවද සමාජගත ආකල්පයකි.
රජයට අවශ්‍ය පරිදි නාවුක හමුදා නිලධාරීන්ට සහ සෙබළුනට අණදීම සහ ඔවුන් හා පැවැත්විය හැකි සම්බන්ධතා ගැන මේ පූර්ව අධ්‍යයනයක් කෙරෙන්නක් බවද සමාජ මාධ්‍ය කියයි.
මේ දීර්ඝකාලීනව යටපත්ව අනාවරණය නොවූ සැලසුමක ක්‍රියාකාරිත්වයේ ආරම්භයක් වශයෙන් උපකල්පනයක් විය හැකි බවද පෙන්නා දෙන සමාජ මාධ්‍ය මේ ඒ අරඇඳිල්ල යළි උත්තේජනය වීමක් බවද පෙන්වාදී ඇත.
දක්‍ෂිණ අණදෙන මණ්ඩලය යටතේ හමුදා භට කණ්ඩායමක් පසුගිය වර්ෂයේදී (2020) පැසිෆික් සාගරයේදී දින හතළිස් එකක (41) අඛණ්ඩ හමුදා පුහුණු අභ්‍යාසයක් පවත්වා ඇත.
චීනයේ සිට පැසිෆික් සාගරයේ නාවුක සැතපුම් දාහතර දහසක (14,000) දුරකදී පවත්වා ඇති යුද අභ්‍යාසයට ප්‍රහාරක සහ ගලවාගැනීම් පිළිබඳ යුධෝපක්‍රම ඇතුළත්ව ඇතැයි සමාජ මාධ්‍ය කියයි.
චීන යුද අරමුණු ශක්‍යතා වර්ධනය යනු සිය වපසරිය (බල ප්‍රදේශය) ව්‍යාප්තියයි. ඒ වෙනුවෙන් තම සමීප මුහුදු සීමා බලප්‍රදේශය ඉක්මවූ විශාල සාගර ප්‍රදේශයක් චීනය විසින් ගවේෂණය කරනු ලැබේ.
චීනයට අයත් බලප්‍රදේශයෙන් ඉතා දුරබැහැර සාගරයේ යුද අභ්‍යාසවල යෙදීම යනු චීන නාවුක හමුදාව ඒ දුර ප්‍රදේශයේ අණසක තහවුරු කරගැනීමේ අභිප්‍රායයි.
ගතවූ මාස ගණනාවක කාලය තුළ චීන රජය දක්‍ෂිණ සහ නැඟෙනහිර සාගර කලාපයේ ක්‍රියාකාරකම් සීග්‍රයෙන් වර්ධනය කර ඇත.
ඇමෙරිකාව, චීනය කෙරෙහි දක්වන ආකල්පයට හැරෙන තැපෑලෙන් (වහා) පිළිතුරු දීම සඳහා එසේ කෙරෙන්නක් විය හැකි බවද පැවැසේ.
ඇමෙරිකාවේ අරමුණු දක්‍ෂිණ සහ නැඟෙනහිර සාගර කලාපයේ මෙහෙයුම්වල සුරක්‍ෂිතතාව රැකගැනීමට බවයි. එහෙත් එය නීති-රීති උල්ලංඝනය කිරීමක් බවට චීනය චෝදනා කරයි.
අර්බුදයකට තුඩුදී “සෙන්කාකු” දිවයිනට ආසන්න තම සාගර කලාපයට චීන නාවික යාත්‍රා එකසිය දොළහක් (112) මේ වන විට ආක්‍රමණය කර ඇතැයි ජපානය මේ අතර චෝදනා කරයි.
ජපන් වෙරළාරක්‍ෂක අංශය පවසන අන්දමට පොදු සාගර සීමා කලාපයට පසුගිය සිකුරාදාද චීන යාත්‍රා පැමිණ “පොඩි පහේ රවුමක්” ගසා ගොස් තිබේ.
තම සාගර කලාපයට ඇතුළුවන ඕනෑම යාත්‍රාවකට පහර දෙන ලෙසට චීනය තම සාගර කලාපීය ආරක්‍ෂක බළකායට පසුගියදා උපරිම අන්දමින් බලය නීතිමය අන්දමින් පවරාදී තිබේ.
චන්ද්‍රසේන මාරසිංහ