• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනය යුද්ධයකට සූදානම් වෙනවාද?

August 14, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
චීනය යුද්ධයකට සූදානම් වෙනවාද?
Share on WhatsAppShare on Facebook

චීනය කුමක් හෝ කොටි නැටුමකට අරඅඳින බවට “සවුත් චෛනා මෝර්නිං” පුවත්පත පසුගියදා පළකළ පුවතකින් අනාවරණය වේ.

එම පුවත්පත විස්තර කරන අන්දමට චීන නාවුක හමුදා භට කණ්ඩායමක් පසුගියදා පැසිෆික් සාගරයේ යුද අභ්‍යාසයක් පවත්වා තිබේ. චීනයේ සිට නාවුක සැතපුම් හත්දහසක් (7,000) දුරින් පිහිටි පැසිෆික් සාගරයට ගොස් මෙසේ යුද පුහුණු ව්‍යාපෘතියක් පැවැත්වීම යනු ජාත්‍යන්තරයට වක්‍ර මාර්ගයෙන් අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නොකියා කියන්නක් බවට ඉඟිපා තිබේ.

එනම් චීනය තම සමීප මායිම් ඉක්මවා යෑම සඳහා ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් පසුකර ඉන් ඔබ්බට යෑමේ යටි අරමුණකින් අර අඳින බවයි.
“චීන රජය ගෙනයන මේ ක්‍රියාවලිය එරට ඇතැම් පිරිසකගේ කුකුසට පමණක් නොව දෝෂ දර්ශනයටද ලක්වී ඇති බව පැවැසේ.

චීනයේ වර්තමාන හමුදාවල පවත්නා සංකීර්ණ තත්ත්වය හමුදා නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ කැමැත්තට අභියෝගයක් වී ඇති බවද “සවුත් චෛනා මෝර්නිං” පුවත්පත කියයි.

නාවුක සැතපුම් හත්දහසක් (7,000) තරම් දීර්ඝ සාගර තරණයකින් කෙරෙන යුද සරඹයෙන් චීනය අපේක්‍ෂා කරන්නේ තම අවි-ආයුධ සහ වෙනත් උපකරණ සම්බන්ධව අත්හදා බැලීමක් විය හැකි බවට මතයක්ද සමාජගත වෙමින් තිබේ.

එපමණක් නොව සාගර තරණය පිළිබඳව සිය නාවුක හමුදාවට පවත්නා ශක්තිය, බලය සහ ඒවා අවශ්‍ය පරිදි මෙහෙයවිය හැකි අන්දම ගැන මෙමඟින් අධ්‍යයනය කිරීම මෙහි යටි අරමුණ වීි ඇති බවද සමාජගත ආකල්පයකි.

රජයට අවශ්‍ය පරිදි නාවුක හමුදා නිලධාරීන්ට සහ සෙබළුනට අණදීම සහ ඔවුන් හා පැවැත්විය හැකි සම්බන්ධතා ගැන මේ පූර්ව අධ්‍යයනයක් කෙරෙන්නක් බවද සමාජ මාධ්‍ය කියයි.

මේ දීර්ඝකාලීනව යටපත්ව අනාවරණය නොවූ සැලසුමක ක්‍රියාකාරිත්වයේ ආරම්භයක් වශයෙන් උපකල්පනයක් විය හැකි බවද පෙන්නා දෙන සමාජ මාධ්‍ය මේ ඒ අරඇඳිල්ල යළි උත්තේජනය වීමක් බවද පෙන්වාදී ඇත.

දක්‍ෂිණ අණදෙන මණ්ඩලය යටතේ හමුදා භට කණ්ඩායමක් පසුගිය වර්ෂයේදී (2020) පැසිෆික් සාගරයේදී දින හතළිස් එකක (41) අඛණ්ඩ හමුදා පුහුණු අභ්‍යාසයක් පවත්වා ඇත.

චීනයේ සිට පැසිෆික් සාගරයේ නාවුක සැතපුම් දාහතර දහසක (14,000) දුරකදී පවත්වා ඇති යුද අභ්‍යාසයට ප්‍රහාරක සහ ගලවාගැනීම් පිළිබඳ යුධෝපක්‍රම ඇතුළත්ව ඇතැයි සමාජ මාධ්‍ය කියයි.


චීන යුද අරමුණු ශක්‍යතා වර්ධනය යනු සිය වපසරිය (බල ප්‍රදේශය) ව්‍යාප්තියයි. ඒ වෙනුවෙන් තම සමීප මුහුදු සීමා බලප්‍රදේශය ඉක්මවූ විශාල සාගර ප්‍රදේශයක් චීනය විසින් ගවේෂණය කරනු ලැබේ.

චීනයට අයත් බලප්‍රදේශයෙන් ඉතා දුරබැහැර සාගරයේ යුද අභ්‍යාසවල යෙදීම යනු චීන නාවුක හමුදාව ඒ දුර ප්‍රදේශයේ අණසක තහවුරු කරගැනීමේ අභිප්‍රායයි.
ගතවූ මාස ගණනාවක කාලය තුළ චීන රජය දක්‍ෂිණ සහ නැඟෙනහිර සාගර කලාපයේ ක්‍රියාකාරකම් සීග්‍රයෙන් වර්ධනය කර ඇත.

ඇමෙරිකාව, චීනය කෙරෙහි දක්වන ආකල්පයට හැරෙන තැපෑලෙන් (වහා) පිළිතුරු දීම සඳහා එසේ කෙරෙන්නක් විය හැකි බවද පැවැසේ.

ඇමෙරිකාවේ අරමුණු දක්‍ෂිණ සහ නැඟෙනහිර සාගර කලාපයේ මෙහෙයුම්වල සුරක්‍ෂිතතාව රැකගැනීමට බවයි. එහෙත් එය නීති-රීති උල්ලංඝනය කිරීමක් බවට චීනය චෝදනා කරයි.

අර්බුදයකට තුඩුදී “සෙන්කාකු” දිවයිනට ආසන්න තම සාගර කලාපයට චීන නාවික යාත්‍රා එකසිය දොළහක් (112) මේ වන විට ආක්‍රමණය කර ඇතැයි ජපානය මේ අතර චෝදනා කරයි.

ජපන් වෙරළාරක්‍ෂක අංශය පවසන අන්දමට පොදු සාගර සීමා කලාපයට පසුගිය සිකුරාදාද චීන යාත්‍රා පැමිණ “පොඩි පහේ රවුමක්” ගසා ගොස් තිබේ.

තම සාගර කලාපයට ඇතුළුවන ඕනෑම යාත්‍රාවකට පහර දෙන ලෙසට චීනය තම සාගර කලාපීය ආරක්‍ෂක බළකායට පසුගියදා උපරිම අන්දමින් බලය නීතිමය අන්දමින් පවරාදී තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

බඩු කීපයකට බදු ගහයි! ගැසට්ටුව මෙන්න!

Next Post

ශවේන්ද්‍ර යයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.