• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ශවේන්ද්‍ර යයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 14, 2021
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
ශවේන්ද්‍ර යයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

“ඇයි මේ රනිල් පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳන් ශවේන්ද්‍ර සිල්වාට ගහන්නේ…?”

මේ රනිල්ගේ පාර්ලිමේන්තු ගමන ගැන ඇහැ ගහගෙන ඉන්න කෙනෙක් අහපු ප්‍රශ්නයකි.

“රනිල්ව පාර්ලිමේන්තුවට ගෙනාවේ මහින්දනේ. රනිල් ලව්වා ශවේන්ද්‍රට ගස්සන්නෙත් මහින්දම වෙන්න ඇති…”

මේ යූ.ඇන්.පී.යේ ප්‍රබලයෙක් කී කතාවය.

“මේ කතාව ඇත්තද…?”

රනිල් පාර්ලිමේන්තුවට එන්නත් කලින් මාධ්‍යයට වීඩියෝ මුදාහරිමින් කීවේ කොරෝනා පාලනය කැබිනට් මණ්ඩලයට භාරදෙන්න කියාය. ඔහු පාර්ලිමේන්තු ආපු දවසේම හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ නම කියලාම ගහමින් කීවේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට කොරෝනා පාලනය භාර දෙන්න කියාය. ඉන් පසු පසුගිය සතියේත් ඔහු පාර්ලිමේන්තුවේදී නැගිට කොරෝනා පාලනය කැබිනට් මණ්ඩලයට භාරදෙන්න කීවේය. ඊයේ පෙරේදා ඔහු තවත් වීඩියෝවක් මුදාහරිමින් කීවේ ශවේන්ද්‍ර සිල්වාගේ කාර්යසාධක බළකාය විසුරුවාහැර කොරෝනා පාලනය කැබිනට් මණ්ඩලයට දෙන්න කියාය.

ශවේන්ද්‍ර සිල්වාව කොරෝනා පාලනයට නම් කළේ ජනාධිපති ගෝඨාභයය.

“ඉතින් ඇයි ගෝඨාට ගහන්නේ නැතිව ශවේන්ද්‍රට ගහන්නේ…?”

ඇත්ත කතාව නම් ගහන්න ඕනා ගෝඨාභයටය. ඒත් ගෝඨාභයව බේරලා ශවේන්ද්‍රට ගහන වුවමනාව තියෙන්නේ රාජපක්ෂ පවුලට සහ ආණ්ඩුවටය. ගෝඨා ශවේන්ද්‍ර සමග රට පාලනය කිරීම ගැන රාජපක්ෂ පවුලටත් ආණ්ඩුවටත් ප්‍රශ්නයක් තිබෙනවා නම් එය පුදුමයට කරුණක් නොවේ. කොරෝනා මර්දන කාර්යසාධක බළකාය පත්කළ අලුත මහින්ද මේ බළකායේ සාකච්ඡාවන්ට සහභාගි වුණත් පසුව මහින්ද එම සාකච්ඡාවල පෙනෙන්න සිටියේ නැත. ඒත් මහින්දට මේ ප්‍රශ්නය එළිපිට කතා කරන්න බැරිය. එළිපිට තම මල්ලී ජනාධිපති සමග පැටලෙන්න හෝ හමුදාපති ශවේන්ද්‍ර සමග පැටලෙන්න මහින්ද කැමැති වනු ඇතැයි සිතිය නොහැකිය. මහින්ද රනිල්ව ගෙන එන්න ඇත්තේ ඒකටය. රනිල් දැන් ගිරවා වගේ කියවන්නේ මහින්දට කියාගන්න බැරි වචනය.

රනිල් ශවේන්ද්‍රට ගහන්න පටන් ගත්තේ පාර්ලිමේන්තුවට ආපු දවසේමය. ඒත් තවමත් පෙරළා රනිල්ට ගහලා ශවේන්ද්‍රව ආරක්ෂා කරන්න කිසිදු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් හෝ ඇමැතිවරයෙක් ඉදිරිපත් නොවීය. ඒ කියන්නේ මුළු ආණ්ඩුවම ශවේන්ද්‍ර ගැන ඉන්නේ රනිල් ඉන්නා මතයේය. අන්තිමේදී ශවේන්ද්‍ර සිල්වාට තමන් වෙනුවෙන් උත්තර බඳින්න සිදුවිය. ඔහුගේ සහායට ආවේ හමුදා මේජර් ජෙනරාල්වරයකු වූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පමණි. ශවේන්ද්‍රට රනිල් ගහන්න කලින් ඩිලාන් පෙරේරා ගැහුවේය. ඩිලාන් කීවේ හමුදාපති හැම දේටම හොට දමන්න ඕනා නැහැ කියාය. ඩිලාන් එම ප්‍රකාශය කළේද රාජපක්ෂලා දැනුවත්ව විය යුතුය. නැත්නම් ඩිලාන්ට හමුදාපතිට ගහන්න ඒ තරම් හයියක් ලැබෙන්නේ නැත.

“හමුදාපතිට මේ ටික තේරෙන්නෙ නැද්ද?”

හමුදාපති තොත්ත බබෙක් නොවේ. ආණ්ඩුවේ නායකයන්ගේ ඔහුට තියෙන විරෝධයත් රනිල් හරහා ඒ විරෝධය එළියට එන ආකාරයත් ඔහුට නොතේරෙනවා නම් පුදුමය. ඒත් ගෝඨාභය තමාව ආරක්ෂා කරනවා යැයි ඔහු සිතනවා විය යුතුය.

“සරත් ෆොන්සේකාට වෙච්ච දෙයම අන්තිමේදී ශවේන්ද්‍රට වෙයිද?”

ශවේන්ද්‍ර සිල්වාව හමුදාපති ධුරයට පත් කළේ ගෝඨාභය නොවේ. මෛත්‍රිපාල සිරිසේනය. ඔහු හමුදාපති ධුරයට පත් වන විට යුද්ධය නිමා කළ හමුදා නායකයන් අතර ඔහු ජනප්‍රිය තරුවක් විය. ගෝඨාභය ජනාධිපති වූ විගස ශවේන්ද්‍රව හමුදාපති ධුරයෙන් ඉවත් කරනු ඇතැයි ආණ්ඩුවේම බොහොමයක් බලාපොරොත්තු වුණත් ගෝඨාභය ඔහුව ඉවත් කළේ නැත. ඒ වෙනුවට සිද්ධ වුණේ ඇමෙරිකාව ගෝඨා ජනාධිපති වූ විගස ශවේන්ද්‍රට එරෙහිව යුද අපරාධ චෝදනා නගමින් ඔහුට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීමය. ඒ වෙලාවේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස ශවේන්ද්‍ර වෙනුවෙන් කතා කළේය. එලෙස ශවේන්ද්‍ර වෙනුවෙන් කතා කරමින් ඔහු කිව්වේ යුද්ධයට අභීත නායකත්වයක් දුන් ශවේන්ද්‍රට මහින්දගේ ආණ්ඩු කාලයේ හමුදාපති ධුරය නොදීම අසාධාරණයක් බවත්, ඔහුට සාධාරණය ඉටු කරන ලෙස තමා මෛත්‍රිපාලගෙන් ඉල්ලා සිටි බවත්ය. ශවේන්ද්‍රව හමුදාපති ධුරයට පත් කරන ලෙස මෛත්‍රිගෙන් ඉල්ලා සිටි අයගෙන් තමන්ද එක්කෙනෙක් බව ඔහු කීවේය.

හමුදාපති ශවේන්ද්‍ර විවාහ වී සිටින්නේ පොළොන්නරුවේ ප්‍රබලතම යූ.ඇන්.පී. පවුලක් වන නෙල්සන් පවුලෙන්ය. යූ.ඇන්.පී. ස්වර්ණමය යුගය වූ ජේ.ආර්.-ප්‍රේමදාස යුගයේ පොළොන්නරුව හොල්ලාගෙන සිටියේ නෙල්සන්ය. එච්.ජී.පී. නෙල්සන් යූ.ඇන්.පී.යට බැඳුණේ 1956දීය. ඔහු යූ.ඇන්.පී.යේ පරණම ජ්‍යෙෂ්ඨ නායකයෙක් වුණත් රනිල් නායකත්වයට පත්වීමෙන් පසු ඔහුව මාඉම් කළේ නැත. මින් පසු නෙල්සන් දැඩි ලෙස රෝගාතුර විය. ඔහුගෙන් පසු දේශපාලනයට ආ ඔහුගේ පුත් කිංස් නෙල්සන්ටද රනිල් මතුවෙන්න ඉඩ දුන්නේ නැත. එහි ප්‍රතිඵලය ඔහු මහින්දගේ ආණ්ඩුවට එක්වීමය. ඔහු මහින්දගේ ආණ්ඩුවට එක්වුණේ කරු ඇතුළු 17ක් මහින්දගේ ආණ්ඩුවට එක්වන විටදීය. කිංස් නෙල්සන් මහින්දගේ ආණ්ඩුවට එක්වූයේ එවකට මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් වූ ශ්‍රීලනිප ලේකම් මෛත්‍රිපාලගේ මැදිහත්වීමෙන්ය. මෛත්‍රි 2015 ජනාධිපති අපේක්ෂක වන විට කිංස් නෙල්සන් යළි යූ.ඇන්.පී.යට එක්වූයේ සජිත්ගේත් මැදිහත්වීමෙන්ය. ඔහු සජිත්ගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගයට එක්වී 2020 පාර්ලිමේන්තුවට තේරී පත්විය. ශවේන්ද්‍ර සිල්වා විවාහ වී සිටින්නේ නෙල්සන්ගේ සොහොයුරියක සමගය. ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේදී කිංස් නෙල්සන් ආණ්ඩුවට එක්වෙනවා කියමින් මහින්දානන්ද අලුත්ගමගේ කිංස් නෙල්සන්ව ආණ්ඩුවට ගන්න හැදුවා නොවේ. කිංස් නෙල්සන් එහෙත් ඉන්නවා, මෙහෙත් ඉන්නවා කියමින් ඔහුට පහර ගැසුවේ ශවේන්ද්‍ර සිල්වා ඉලක්ක කොටද දන්නේ නැත. ආණ්ඩුව ශවේන්ද්‍ර ආරක්ෂා නොකළත්, ෆොන්සේකා ඔහුව ආරක්ෂා කරන්නේ තමා පියෙකුට මෙන් ෆොන්සේකාට සලකනවා යැයි වරක් ශවේන්ද්‍ර කී නිසා විය හැකිය. රනිල් පාර්ලිමේන්තුවට පැමිණ ශවේන්ද්‍රට ගහපු වෙලාවේ රනිල්ට ගහලා ශවේන්ද්‍රව ආරක්ෂා කළේ ආණ්ඩුව නොව ෆොන්සේකාය.

“මෛත්‍රි-සජිත්-ශවේන්ද්‍ර ත්‍රිකෝණය 2024 හැදෙයිද…?”

ඒක නම් කියන්න දන්නේ නැත. රනිල් සහ ආණ්ඩුව ශවේන්ද්‍රට එරෙහිව මරහඬ තලන්නේ ඒ නිසාද දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

චීනය යුද්ධයකට සූදානම් වෙනවාද?

Next Post

තවත් ලෙඩක්! පාස්කු ප්‍රහාරය ගැන පාප් වහන්සේට ලියුමක් ගිහින්!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.